IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග විවෘත කරන්න සූදානම්

ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීම ගැන සලකා බැලීමට පාකිස්තාන රජය සූදානම් යැයි එරට විදේශ ඇමැතිනී හීනා රබානී කාර් පවසයි. ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පිහිටි පාකිස්තාන හමුදා මුරපොළක සෙබළුන් මියගියේ මීට මාස 6 කට පෙරය. එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් පාකිස්තාන රජය දැඩි තීරණයක් ගෙන පාකිස්තානය හරහා දේශසීමා ඔස්සේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට අවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කරන සැපැයුම් මාර්ග වසා දැමුණි. ඊට අමතරව ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක් ඉවත් කර ගන්නා ලෙස පාකිස්තාන රජය ඇමෙරිකා හමුදාවට දැනුම් දුන්නේය. පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය සිය කනගාටුව ප‍්‍රකාශ කර තිබුණ ද පාකිස්තාන රජය ඊට කන් නොදුන්නේය. එදා සිට ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර හිත් අමනාපකම් වර්ධනය වූ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට ලබා දුන් මුදල් ආධාර ද නවතා දැම්මේය. අවශ්‍ය බඩු බාහිරාදිය නොලැබීම නිසා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදෙන ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉමහත් දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වේ. ”ඇමෙරිකාව කළ දේට පාකිස්තාන රජය දැඩි තීරණයක් ගත්තා. සැපැයුම් මාර්ග වසා දමා ඊට ප‍්‍රතිචාර දැක්වූවා. එය තව දුරටත් දිග් ගස්සා ගන්න කරුණක් නොවේ. පාකිස්තාන රජය සූදානමින් සිටිනවා සැපැයුම් මාර්ග යළි විවෘත කර ඇමෙරිකා රජය සමඟ පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමට” යැයි පාකිස්තාන විදේශ ඇමැතිනී රබානී කාර් පෙන්වා දෙයි. මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී අතර විශේෂ සාකච්ඡුාවක් පසුගිය සති අන්තයේදී පැවැත්විණි. සැපැයුම් මාර්ග විවෘත කරන්නැයි පාකිස්තාන රජයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවත් එම අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග විවෘත කරන්න සූදානම්

ගමගේ Wednesday, 16 May 2012 02:49 PM

ඒක හොඳ අදහසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 28 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 26 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 24 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2800 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5616 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 185 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2002 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site