අවුරුදු 80ක් එකට ආදරවන්තයින්වු පැරගුවේ යුවළක් විවාහ වී ඇත. 1933 සිට ඔවුන් ජීවත් වී ඇත්තේ එක වහළක් යට නමුත් දේවාශිර්වාද මැද, මුදු මාරු කර විවාහ වීම සඳහා තිබූ සිහිනය සැබෑ කර ගත හැකි වී ඇත්තේ අවුරුදු 80කට පසුය.
ජෝස් මැනුඑල් (103) රියෙල්ලා සහ ඔහුගේ පෙම්වතිය වන මාටිනා ලෝෆස් (99) එම යුවළයි. විවාහ උත්සවය ඔවුන්ට අයත් නිවසේ ගෙමිදුලේ පැවැත්විණි.
තද පැහැති ඇඳුමකින් සැරසී සිටි ජෝස් දැන් සිටින්නේ රෝද පුටුවෙහිය. මාටිනා සුදු පාට මංගල ගවුමකින් සැරසී සිටියි. එපමණක් නොව ඔවුන්ගේ දරුවන් අට දෙනාද, මුණුබුරු මිණිබිරියන් 50 දෙනෙක්ද, මී මුණුපුරෝ 35 දෙනා සහ ඔවුන්ගේ දරුවෝ 20 දෙනෙක් මෙම විවාහ උත්සවය සඳහා සහභාගී වී සිටියහ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වළට යන්නට පෙර බඳිති
මහගෙදර ඇඹිලිපිටිය Thursday, 24 October 2013 02:48 PM
මොනවා උනත් මේ ප්‍රවෘතියේ මාතෘකාවට නම් මම ආසා නැහැ. තවත් බොහෝ කලක් මේ දෙපල ජීවත් වේවා කියා පතමු. (නදී)
නසාර් Thursday, 24 October 2013 10:15 PM
කොහෙද රට...? (නි)
සුමේධ Thursday, 24 October 2013 03:09 PM
මමත් බැඳලා නෑ.දැන් අවුරුදු විසි අටක් වෙනවා. නෝනත් එක්ක දරුවොත් හදාගෙන ඉන්නවා. (ස)
බණ්ඩාර Friday, 25 October 2013 01:17 PM
ඉස්සර අපේ රටෙත් ඔහොම තමයි ජීවත් උනේ.සුද්දා ලංකාවට ආවට පස්සෙ තමයි පොත්වල අත්සන් කරන්න පුරුදු කලේ.අතීතය දැන් සේරටම අමතක වෙලා.අපිට තියන ලොකුම දුර්වලකම මෙය තමයි. (ස)
චන්දි Thursday, 24 October 2013 11:22 PM
චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නෑ...!! සුබ පැතුම්...!! (නි)
ෆීනා Thursday, 24 October 2013 11:55 AM
සුබ දසුන්, සුබ පැතුම් !! (ස)
නිල්මිණි Thursday, 24 October 2013 04:58 PM
අනේ අපිටත් බැරිද දන්නේ නැහැ ඔහොම ඉන්න.(නදී)
ලාල් Friday, 25 October 2013 02:58 AM
'මහගෙදර ඇඹිලිපිටිය', මමත් ඔයාගේ අදහසට එකගයි (නි)
රූපවතී Thursday, 24 October 2013 12:23 PM
අද සමාජයේ ගහ මරා ගන්න සැමට හරිම ආදර්ශයක් .!ඔබ දෙපලට දිර්ඝායු වේවා..!! (ස)
අමිල - කටුනායක Thursday, 24 October 2013 12:24 PM
ආච්චි හැඩකාරී රටටම සීදේවි. (ස)
නාමල් Thursday, 24 October 2013 07:07 PM
ඔය නදී කියන එකට වෙන වැඩක් නැද්ද මේකට කොට කොට ඉන්නේ (දිල්)
ජයන්පති Friday, 25 October 2013 09:56 AM
කසාදය කවදා කෙරුනත් මේ දෙපල දිර්ඝ කාලයක් එකට ජිවත්වෙලා තියනවා. ඒක ආදර්ශමත්. (ස)
ක්‍රිෂාන්ත බණ්ඩාර විත්තච්චි Thursday, 24 October 2013 02:42 PM
හරිම වාසනාවන්තයි අන්තිමට විවාහ වුනානේ ගොඩක් අයට ඒකත් බැරි වෙනවා ..... මේ මට වගේ (නදී)