IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 60 ක් මරුට

සංක්‍රමණිකයන් පිරිසක් ගමන් කළ කුඩා බෝට්ටුවක්, බටහිර  අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝට්ටුව ගිලී ගියේ කේප් වර්ඩේ දූපත් සමූහයට ඔබ්බෙන් මුහුදේය. මියගිය එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවෝ ද වෙති. 

බෝට්ටුව මුහුදේ ගිලී ගියේ එය පෙරැළී යෑමෙන් යැයි කේප් වර්ඩේ වෙරළාරක්ෂකයෝ පවසති. එසේ වූයේ එහි පමණ ඉක්මවා පිරිසක් ගමන් කරමින් සිටි නිසා යැයි ද පැවැසෙයි.

බෝට්ටුවේ සිටි තවත් 38 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ. දිවි ගලවා ගත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තහවුරු වී ඇත්තේ, පිරිස මාසයකට වැඩි කාලයක් තිස්සේ එම කුඩා බෝට්ටුවේ ගමන් කළ බවය. කේප් වර්ඩේ කුඩා දූපත් ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ සිට කිලෝ මීටර් 600 ක් පමණ දුරිනි.

බෝට්ටුවේ සිටි සියලු දෙනා සෙනගල් වැසියන් බව තහවුරු වී ඇත. එම තහවුරු වීමෙන් පසු සෙනගාල විදේශ අමත්‍යාංශය පවසා ඇත්තේ බෝට්ටුවේ 100 කට වැඩි පිරිසක් ගමන් කරන්න ඇති බවය.

සෙනගල් යනු බටහිර අප්‍රිකා රාජ්‍යයකි. බටහිර අප්‍රිකා කලාපයේ දේහපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇති එකම රාජ්‍යය ලෙස සැලකෙන්නේ සෙනගාලයයි. එසේ වුවත්, රටේ දරිද්‍රතාව ඉහවහා ගොස් තිබේ. මිලියන 15.4 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව පැවැසෙයි.



අදහස් (0)

සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 60 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

එන්නත්කරණ වැඩසටහන් අවදානමේ
2025 අප්‍රේල් මස 26 11 0

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්


සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී
2025 අප්‍රේල් මස 26 19 0

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 523 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 267 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ෆර්නෑන්නෝ මොලෝ හිරේ
2025 අප්‍රේල් මස 26 10 0

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මොලෝට වසර අටක් සහ මාස 10 ක සිරදඬුවමක් නියම විය.


මෝදි රජයට සහාය දෙනවා - රාහුල් ගාන්ධි
2025 අප්‍රේල් මස 26 21 0

පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ ඉන්දීය විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන කොංග්‍රස් ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site