සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.
ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.
ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.
අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.
1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත. 1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.
සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැඉිනට් මණ්ඩලය පත් කෙරේ.
(බීබීසී)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
වික්‍රම විදුර Tuesday, 15 April 2025 06:02 PM
අන්න අපේ ලොක්කන්ට පොඩි කේවල් පාරක් දාලා අරජුන් මහේන්ද්‍රන්ව ඉල්ලා ගන්න ලොකුම චාන්ස් ඒකක්... වැඩ්ඩෝ නම් චාන්ස් එක ගනියි..
ආච්චිගේ හාල් Tuesday, 15 April 2025 07:55 PM
සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න අපිට බලය දෙන්න සිංගප්පූරු බයි පෙරමුණ...
Dil Perera Tuesday, 15 April 2025 09:24 PM
NPP එකට මෙන්න හොඳ අවස්ථාවක්. සිංගප්පූරුවට ගිහින් දුර්වලම දේශපාලන කණ්ඩායමට බොරු කියලා මැතිවරණ දිනන හැටි කියලා දෙන්න. ඔවුන් ඔබට ඇහුම්කන් දුන්නොත්, ඔබේ උපදේශක සේවා හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ අවශ්‍යතාවයන් සඳහා වසර 25 ක් සඳහා වටිනා විදේශ විනිමය උපයා ගැනීමට ඔබට හැකිවේවි... ලැබෙන ආදායම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට භාවිතා කරන්න. එය ජයග්‍රාහී තත්වයක්. ඔවුන් ජයග්‍රාහකයින් - ඔබ ජයග්‍රාහකයින්.