ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාව තිබෙන බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත.
නමුත් රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් නව භූමිකාව ආරම්භ කිරීමට පෙර වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.
සංක්‍රමණික නොවන සේවකයන් රැකියාවෙන් ඉවත් කළ විට දින 60 ක් ඇතුළත ඇමෙරිකාවේ පිටව යෑම හැර වෙනත් විකල්පයක් නැතැයි බොහෝ දෙනා වැරදි වැටහීමක් සිටියත් එය එසේ නොවන බව ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.
සංක්‍රමණික නොවන සේවකයෙකු ස්වකැමැත්තෙන් හෝ රැකියාව කරනු ලබන සමාගමෙන් රැකියාවෙන් ඉවත් කරනු ලැබුවහොත් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට අවස්ථාවක් තිබෙන බව ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.
සංක්‍රමණ නොවන තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, වීසා තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, විශේෂ අවස්ථාවක් යටතේ රැකියාවක නියුතු වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කිරීමට සහ සේවායෝජකයා වෙනස් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනු කිරීමට සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සුදුසුකම් සපුරන සේවකයන්ට අවස්ථාවක් තිබෙන බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.
සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සේවකයන් ඔවුන්ට ලැබෙන දින 60 ක සමා කාලය තුළ ඉහත ක්‍රියා මාර්ග හතරෙන් එකක් ගනු ලැබුවහොත් ඔවුනට දින 60 කට වැඩ වැඩි කාලයක් එක්සත් ජනපදයේ රැඳී සිටීමට හැකියාව ලැබෙන බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.
සංක්‍රමණික නොවන සේවකයන් ඉහත ක්‍රියාමාර්ග හතරෙන් එකක් වත් ගනු නොලැබුවහොත් දින 60 ක සමා කාලය තුළ එම සේවකයන් සහ යැපෙන්නන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටව යා යුතු බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරක වීසා අරන් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න අවස්ථාවක්