දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානයට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8 ක මූල්‍ය පැකේජයක් ලබා දීමට සෞදි අරාබි රාජ්‍ය කැමැත්ත පළ කර ඇත.
පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ සෞදි අරාබි සංචාරය අතරතුර පකිස්තානය වෙනුවෙන් මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මූල්‍ය පැකේජයක් සුරක්ෂිත කරගැනීමට හැකි වූ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ පළමු නිල සංචාරය මෙය වේ.
සෞදි අරාබි රාජ්‍ය ලබා දෙන ඩොලර් බිලියන 8 ක මුල්‍ය පැකේජයට ඉන්ධන සඳහා මුල්‍ය පහසුකමක් ද ,තැන්පතු හෝ බැඳුම්කර ස්වරූපයෙන් ලබා දෙන ණය මුදලක්ද ඇතුළත් වේ.
එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත.ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය.
සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත.
ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත.හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත.
සෞදි අරාබි සංචාරය අවසානයේ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ නියෝජිත පිරිස ඉස්ලාමාබාද් නුවර බලා පිටත්ව ගොස් ඇති අතර මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් වැඩි කරන ලද මූල්‍ය පැකේජය ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීම සඳහා සෞදි අරාබියේ නතර වී ඇත.අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ නියෝජිත පිරිස ඉස්ලාමාබාද් නුවර බලා පැමිණෙන අවස්ථාවේ කෙටි වෙලාවකට අබුඩාබි නුවරට ගොස් ඇති අතර එහිදී එක්සත් අරාබි රාජ්‍යයේ මොහමඩ් බින් සයෙඩ් කුමරු මුණ ගැසී ඇත.
(රොයිටර්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞදියෙන් මුදල් ආධාර