ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවේය.
මෙම අපරාධ කල්ලි ඇමෙරිකාවාටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත්, මුළු ලෝකයටත් තර්ජනයක් බව පෙන්වා දෙමින්, එම කල්ලි අඩපණ කර දැමීම කළ යුත් බව අවධාරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම නියෝගයට අත්සන් කළ බව පැවැසෙයි.
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස මෙසේ නම් කිරීමත් සමඟ එම කල්ලිවලට සහ කණ්ඩායම්වලට මුදල් ලැබෙන සියලු මාර්ග අවහිර වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙන කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු කරගෙන යෑම ගැටලුවක් වෙයි. ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන්නේ ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහය යටතේ වීම ද රහසක් නොවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ
ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සන්නද්ධ අපාරාධ කල්ලි ත්‍රස්තවාදීන් ලෙස සලකනවා - ට්‍රම්ප්
Kamal Koyrala Thursday, 20 February 2025 12:05 PM
ඔන්න ජනපති... ගත යුතු දේ ගන්න අපේ රටටත් ගැලපෙනවා