‘ඕෂන් එක්ස්ප්රෝලර්’ නැමැති සුඛෝපභෝගී මගී නෞකාව, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 206 දෙනකු සමඟ ග්‍රීන්ලන්තයට ආසන්න නොගැඹුරු මුහුදේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නෞකාව ගොඩබිමට ළං වූ අවස්ථාවේදී එය නොගැඹුරු මුහුදු පතුලේ ගැටීමෙනි. බහාමාස් ධජය යටතේ යාත්‍රා කරමින් තිබුණු මෙම සුඛෝපබෝගී නෞකාව ගැඹුරු මුහුදට තල්ලු කිරීමට ග්‍රීන්ලන්ත නාවික හමුදාව යාත්‍රා කීපයක් යොදාගෙන ඇති නමුත් එම සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ.
නෞකාවේ මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් නොමැති බව ද පැවැසෙයි.
‘ඕෂන් එක්ස්ප්රෝලර්’ නෞකාව මීටර් 104 ක් දිගය. එහි පළල මීටර් 18 කි. නෞකාව සිරවුණේ එය සංචාරක මගීන් ද රැගෙන ග්‍රීන්ලන්තයේ ‘ඇල්පේප්රෝද්’ ජාතික උද්‍යානය නැරැඹීමට යන අවස්ථාවේදීය.
ග්‍රීන්ලන්තය යනු රටක් නොව, පාලන ප්රදේශයකි. ග්‍රීන්ලන්තය අයත් වන්නේ ඩෙන්මාර්කප රජයටය.
භූ විද්‍යාත්මකව, ග්‍රීන්ලන්තය අයත් වන්නේ උතුරු ඇමෙරිකා මහද්වීපයටය. ග්‍රීන්ලන්තයේ වාසය කරන්නේ ඩෙන්මාර්ක වැසියන්ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැප නැවක් මුහුද මැද අනතුරේ