යුරෝපා කලාපයේ හටගෙන ඇති ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ උග‍්‍ර විරැකියාවට සිය විරෝධය පළ කිරීම පිණිස දහස්ගණනක් වූ තරුණ පිරිස් පෙරේදා(21) මැඞ්රිඞ් නුවරට රැස්වූහ. ආර්ථික අර්බුදයේ ගිලී සිටින යුරෝපා කලාපයේ රටවල් අතුරින් වැඩිම විරැකියා අනුපාතය වාර්තා වන රට ලෙස ස්පාඤ්ඤය සැලකෙන අතර එරට සෑම පස්දෙනෙකුගෙන් එක් අයකුම විරැකියාවෙන් පෙළෙන බව ද වාර්තා වේ. ‘රටේ විරැකියාව නැති කිරීමට අප දිගටම විරෝධතා රැගි පවත්වනවා. දැනට ස්පාඤ්ඤයේ විරැකියාවෙන් පෙළෙන ගණන මිලියන හයක් පමණ වෙනවා.’ යැයි විරෝධතාවට එක් වූ තිස්එක් හැවිරිදි රෆායෙල් ලිඩෝ පැවැසීය. ඉකුත් වසරේදී විශිෂ්ට ජයක් හිමි කරගනිමින් බලයට පත් මධ්‍ය දක්ෂිණාංශික රජය මේ වන විට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත්ව සිටී. රජය ඉදිරිපත් කළ කම්කරු නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් කම්කරුවන් රැකියාවෙන් ඉවත් කිරීමට හාම්පුතුන්ට ඉඩප‍්‍රස්ථා ලැබී ඇත. මෙය රටේ විරැකියාව ඉහළයාමට බලපෑ තවත් එක් සාධකයක් බවට පත්ව ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති. මේ සමඟම ස්පාඤ්ඤ රජය සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සුබසාධන කප්පාදු කර ඇත. මෙකී තත්ත්වයන් හේතුවෙන් පසුගිය කාලය තිස්සේ රජයට එරෙහි විරෝධතා රැල්ලක් මතුවිය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුබසාධන කප්පාදුවට එරෙහිව ස්පාඤ්ඤ තරුණයෝ වීදි බසිති