පසුගිය නොවැම්බර් මාසයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී ලේකම් තනතුරට තේරී පත්වූ සි ජින්පින් නව තනතුරේ වැඩ භාරගත්තේ දුෂණය නතර කිරීමට අපොහොසත් වුවහොත් එය පක්ෂයේ අවසානය විය හැකි බව පවසමිනි. පක්ෂය තුළ ප්රබලව පවතින දුෂණ හා අයථා කටයුතු නතර කිරීම සඳහා විවෘත ප්‍රතිපත්තියක් හා ජනතාවට සමීපවීම අනුගමනය කළ යුතු බව අවධාරණය කළ ඔහු රජයේ උත්සව හා සම්මන්ත්‍රණවලදී කෙරෙන අනවශ්‍ය වියදම් කපා හැරිය යුතු යැයි කීවේය. ඒ අනුව හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන පවත්වන උත්සවවලදී මත්පැන් සංග්‍රහ කිරීම නතර කොට ආහාර සඳහා සාමාන්‍ය කෑම වට්ටෝරුවක් යොදාගැනීමට ද ඔහු යෝජනා කෙළේය. එමෙන්ම පක්ෂයේ උසස් නිලධාරීන් ගමන් කරන විට ඔවුන් සමග යන රිය පෙරහර නිසා සිදුවන මාර්ග අවහිරතා මඟහැරීමට වාහන විශාල සංඛ්‍යාවක් යොදා ගැනීමද ඔහුගේ විවේචනයට ලක්විය. මෙම යෝජනාවල එක ප්‍රතිඵලයක් ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම්වල කොටස් මිල පහත වැටුණු බවද සමහර වාර්තාවල සඳහන් වේ.
සි ජින් පින් ලේකම් ධුරයට පත්වීමට ආසන්නයේදීම පක්ෂයේ උසස් තනතුරක් දැරූ බෝ සිලායි දුෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වීමත් ඒ නිසා පක්ෂයෙන් නෙරපා දැමීමත් නව ලේකම් සි ජින් පින්ට මෙවැනි පියවර ගැනීමට බලපෑමක් වූ බවට සැක නැත. පක්ෂ සම්මේලනය පැවැත්වීමට ආසන්නයේ දී නිව්යෝර්ක් නගරයේ පළවන බ්ලූම්බර්ග් සඟරාව වාර්තා කළ ආකාරයට විශ්‍රාම යන අගමැති වෙන් ජියාබෝගේ පවුලේ ආසන්න සාමාජිකයින්ගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් දශලක්ෂ 376කි. මෙම වාර්තා චීන රජය ප්‍රතික්ෂේප කළත් බෝ සිලායි සිද්ධිය, විශේෂයෙන්ම ඔහුගේ බිරිඳ බි්රතාන්ය ව්‍යාපාරිකයෙකුට වස දී මරා දැමීම චීනය තුළත් ඉන් බැහැරවත් කතාබහට ලක්වූ උණුසුම් මාතෘකාවකි. පක්ෂයේ අනාගත නායකයෙකු වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ බෝ සිලායිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා, ඉන්පසු පක්ෂයෙන් නෙරපා දැමීමට සිදුවූයේ ද ආන්දෝලනයට ලක්වූ ඝාතනය හා එය යටපත් කිරීමට ගත් උත්සාහයයි. මේ නිසා කොමියුනිස්ට් පක්ෂය තුළ ප්රතිශෝධන ව්‍යාපාරයක් සිදු නොකළහොත් ජනතා විරෝධයට මුහුණ දීමටත් පක්ෂයේ නායකත්වය අභියෝගයට ලක්වීමටත් හේතුවිය හැකි බව පැහැදිලිය. එවැනි සමාජ නොසන්සුන් බවක් නිර්මාණය වීමට හිතකර පසුබිමක් ද ගොඩනැගෙමින් පවතින බවද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.
කලකට පෙර සමානාත්මතාව අතින් ඉහළම තැනක් ගෙන සිටි චීනය මෑතක අත්කරගත් ආර්ථික දියුණුව සමග ලොව වඩාත්ම අසමානතාවකින් යුත් රටක් ලෙස හැඳින්වේ. රටක ආදායම් විෂමතාව මනින දර්ශකයක් වන ගිනි සංගුණකය අනුව වසර 2000දී 0.4 වූ එම සංගුණකය
සී ජින්පින් |
2010 වනවිට 0.61 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පැහැදිලි වන්නේ ගත වූ වසර දහය තුළ චීනයේ ආදායම් පරතරය එනම් ඉහළම ආදායම ලබන්නන් හා පහළම ආදායම ලබන්නන් අතර පරතරය පුදුමාකාර ලෙස වර්ධනය වීමකි. මේ සමග චීනයේ ප්රකෝටිපතින්ගේ වර්ධනය සසඳා බැලිය හැකිය. ෆෝබස් සඟරාව සඳහන් කරන ආකාරයට වසර 2002 දී චීනයේ එකදු ප්‍රකෝටිපතියෙක් සිටියේ නැත. එහෙත් පසුගිය වසර අවසන් වනවිට චීනයේ සිටින ප්රකෝටිපතියන් සංඛ්‍යාව 251කි. ඒ අනුව ප්රකෝටිපතින්ගේ සංඛ්‍යාව අතින් චීනය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. මේ තත්ත්වය ධනවාදී රටක් සම්බන්ධයෙන් බරපතළ ගැටලූ සහගත කරුණක් නොවන නමුත් චීනයේ පවතින සමාජ දේශපාලන අර්ථක්රමය අනුව එවැන්නක් සාධාරණීය කළ නොහැකි වන්නේ කොමියුනිස්ට්වාදය පසෙකට දැමූවත් සමානාත්මතාව නොසැලකීම හා පක්ෂයේ ආධිපත්‍යය පවත්වා ගැනීම නිසාය.
සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට චීනයේ දුෂණය ප්‍රබල සමාජ ව්‍යාධියක් බවට පත්ව ඇත්තේ නිලධාරීන්ට අඩු වැටුප් ගෙවීම, මනා අධීක්ෂණයක් නොමැති වීම, පුවත්පත් නිදහසක් නොමැතිවීම හා අධිකරණයේ ස්වාධීනත්වයක් නොමැතිවීම වැනි මූලික කරුණු නොසලකා හැරීමෙනි. ඒ අනුව පක්ෂයේ ප්‍රතිශෝධනය ආරම්භ විය යුත්තේ මෙවැනි මූලික කරුණු ආමන්ත්‍රණය කරන සමාජ ව්‍යාපාරයක් තුළිනි. එහෙත් එය පහසු කාර්යයක් නොවන බව පෙනී යන්නේ පක්ෂ සම්මේලනයෙන් පසුව ගතවූ සති කීපය තුළ වාර්තා වූ සිද්ධීන්වලිනි. ඉන් කැපී පෙනෙන සිද්ධියක් වන්නේ දකුණු චීනයේ පළවන ජනප්‍රිය පුවත්පතක් වන සදර්න් වීකෙන්ඞ් (Southern Weekend) තහනම් කිරීමය. ඇත්තෙන්ම එය තහනම් කිරීමකට වඩා ප්රවෘත්ති බලධරයින් විසින් එහි කතු වැකිය වෙනස්කොට ඔවුන්ට හිතකර ආකාරයේ ලිපියක් පළකිරීමට එරෙහිව පුවත්පතේ ජනමාධ්‍යවේදීන් වැඩ වර්ජනය කිරීමකි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ප්රවෘත්ති බලධරයා වන ප්‍රාදේශීය පක්ෂ ලේකම් ඉවත් කළ යුතුය යන්නයි. මීට අමතරව ව්‍යවස්ථානුකූල පාලනයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රකාශන ගණනාවක්ම අත්හිටුවා ඇති බවද වාර්තා වේ. දුෂණ හා වෙනත් අකටයුතු ගැන නිතර වාර්තා කරන යූ ටියුබ්, ට්විටර් හා ෆේස් බුක් වැනි විද්‍යුත් සන්නිවේදන මාර්ගද දැඩි පාලනයකට යටත් කරයි. එවැනි පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් ගූගල්ස් සමාගම විරෝධය පළකොට චීනයේ සිය සේවා නතර කරන බවට තර්ජනය කළද රජයේ ස්ථාවරයේ වෙනසක් වූයේ නැත.
විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයෙන් කෙරෙන හෙළිදරව් කිරීම් මෙවැනි පියවරවලින් පාලනය කළ හැකි බවක් නොපෙනේ. එක් මයික්‍රො බ්ලොක් වාර්තාවක සඳහන් වන ආකාරයට යුනාන් ප්‍රදේශයේ පක්ෂ ලේකම්වරයකු සුඛෝපභෝගී වර්ගයේ වාහන 11ක හිමිකරුවෙකි. ගුවාන්ඩොංග් ප්‍රදේශයේ පක්ෂයේ ලේකම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් උපයාගත් ධනය ඩොලර් බිලියන 3.7කි. ඔහු කාන්තාවන් 47ක් සමග අනියම් සම්බන්ධතා පවත්වන බවද එම වාර්තාවේ සඳහන් වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ගෙන ඇති පියවර වන්නේ එම වාර්තා අන්තර්ජාලයෙන් ඉවත් කිරීමය. බ්ලොග් හා ෆේස් බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයින් පිළිබඳ සියලූ විස්තර තබාගත යුතු යැයි එම සේවා සපයන සමාගම්වලට නියෝග නිකුත් කිරීමෙන් බ්ලොග් පිටු හා යූ ටියුබ් හරහා තොරතුරු ලබාදීම නතර විය හැකිය. එහෙත් සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ වන්නේ පක්ෂයේ ප්‍රාදේශීය නායකයකු වූ බෝසිලායි සිද්ධිය හෙළිදරව් වූයේද මෙවැනි බ්ලොක් හා ට්විටර් මාර්ගයෙන් වීමය. එවැනි පහසු හා වියදම් අඩු සන්නිවේදන මාර්ග අවහිර කිරීමෙන් දුෂණ පිළිබඳ තොරතුරු බොහෝ දෙනෙකු අතට පත්වීම වැළැක්විය හැකි වුවද ඉන් දුෂණ වැළකෙන්නේ නැත.
බ්ලූම්බර්ග් සඟරාවේ මෑතක පළවූ වාර්තාවක් අනුව මෙවැනි දුෂණ කටයුතුවල යෙදෙන්නේ පක්ෂයේ නායකයන්ගේ දු දරුවන්ය. එම සඟරාව අමරණීය පුද්ගලයින් වශයෙන් හඳුන්වන පුද්ගලයින් අට දෙනෙකුගේ දු දරුවන් (ඔවුන් හඳුන්වන්නේ රජ පැටව් වශයෙනි) 103 දෙනෙකු රාජ්‍ය ආයතන ගණනාවක් පාලනය කරති. වර්තාවෙන ආකාරයට එම ආයතනවල වටිනාකම ඩොලර් ටි්රලියන 1.6කි. ඔවුන්ගේ දිවි පැවැත්ම බටහිර ධනවාදී රටවල ධන කුවේරයන්ට වඩා වෙනස් නොවේ. අපකීර්තියට ලක්ව සිටි බෝ සිලායිගේ පුතා එංගලන්තයේ සුපිරි පාසලක අධ්‍යාපනය නිමකොට එක්සත් ජනපදයේ හාවඞ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගත්තේය. තවත් මෙවැනි සිද්ධීන් දහස් ගණනක් විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයේ දැකිය හැකිය.
පක්ෂයේ නායකයින්ගේ දුෂණ කටයුතු ගැන නැගෙන මහජන විරෝධය ද දිනෙන් දින ඉහළ යමින් පවතී. සමහර ප්‍රදේශවල ජනතාව පක්ෂයේ නායකයින් පළවා හැර ප්‍රාදේශීය පාලනය අත්කර ගැනීම ද වාර්තා වේ. පෞද්ගලික ව්‍යාපාර සඳහා ඉඩම් පවරා ගැනීමේදී සිදුව ඇතැයි කියන දුෂණවලට එරෙහිව නැගී සිටින ජනතාව පාලනය කිරීමට හමුදාව යොදාගත් අවස්ථා ද දක්නට ලැබිණ. ටිබෙට් ප්‍රදේශයේ විරෝධය දක්වන ජනතාව අතර සිය දිවි නසා ගැනීම් නිතර වාර්තා වේ. මුස්ලිම් ආගමික බහුතරයක් සිටින සින් ජියාන්ග් ප්‍රදේශයේ පවතින්නේ අස්ථාවර තත්ත්වයකි. එම නිසා පක්ෂයේ නව ලේකම් සි ජින්පින් සඳහන් කළ ආකාරයට දුෂණය පිටු දකින්නේ නොමැතිව කොමියුනිස්ට් පක්ෂයේ පාලනය පවත්වා ගැනීම පහසු නොවේ. දැනට අතරින් පතර සිදුවන ආකාරයට පක්ෂයේ නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. ඇත්තෙන්ම දැනට සිදුවන්නේ එවැනි දුෂණ හෙළිකිරීම් නතර කිරීමේ උත්සාහයකි. බරපතළ චෝදනා නොවන නමුත් යහ පාලනයක් සඳහා කෙරෙන සාමාන්‍ය අවම මට්ටමේ යෝජනා ගැන ප්‍රතික්‍රියාකරන ආකාරය අනුව පක්ෂය විවේචනය කිසිසේත් අනුමත නොකරන බව පෙනේ. පසුගියදා මධ්‍යස්ථ මතධාරීන් ලෙස හැඳින්වෙන බුද්ධිමතුන් පිරිසක් සිය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍යය වූ සඟරාව තහනම් කිරීමෙනි.
බෝ සිලායි |
හිටපු චීන නායක හූ ජින්තාවෝ |
චීන ආර්ථිකයේ දියුණුව කියා පාන අධිවේගී දුම්රියක් |
මාවෝ සේතුංට අදටත් ආදරය කරන පිරිසක් |
ඩෙන්ග් ෂියාවෝ හඳුන්වා දුන් ආර්ථික ලිබරල්කරණය තුළින් සංවර්ධනයක් අත්වුවද එහි ප්රතිලාභ සාධාරණ බෙදීයෑමක් වූයේ නැත. එම සංවර්ධනයට මූලික වශයෙන් පදනම් වූයේ ශ්‍රමය ඉතා අඩු මුදලකට ලබාගත හැකි වීමය. ලොව නන් දෙසින් චීනයට ප්රාග්ධනය ගලා ආවේ එම නිසාය. එහෙත් යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි වීමත්, සම්පත් සුළු පිරිසක් අතර ඒකරාශීවීමක් මෙන්ම ජනතාවට වගකියන සාධාරණ පාලන ක්‍රමයක් පවත්වා ගෙන යන්නේ නැතිව එම ආර්ථික සමෘද්ධිය කල් පවත්නේ නැත. පක්ෂයේ ලේකම් සි ජින්පින් සඳහන් කළ ආකාරයටම එය පක්ෂයේ ද අවසානය වනු ඇත. වැදගත් වන්නේ රෝගය හඳුනා ගත්තත් ඊට ප්‍රතිකාර කිරීමට වුවමනාවක් හා හැකියාවක් තිබෙන්නේ ද යන්නයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමාජවාදී චීනයේ ධනවාදයේ නැඟීම
ජීව Sunday, 13 January 2013 10:45 PM
සමාජවාදය කියන්නෙ බොරුවක් බව දැන් ඒ අයටත් තෙරෙනව ඇති. (දී)
චන්ද්‍රා-සිඩ්නි Saturday, 12 January 2013 03:39 AM
නිදාසිටින සිංහයා අවදි නොකරන්න. (නි)
සමාධි Friday, 11 January 2013 03:23 PM
අන්න ඇත්ත කියවුනා (දී)
දේවා Friday, 11 January 2013 03:31 PM
චීනයට අත නොතබනු (ස)