ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ (7 වැනිදා) පැවැත්වුණු අතර කවුරුත් බලාපොරොත්තු වූ පරිදි වත්මන් ජනපති හියුගෝ චාවේස්ට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව, සිවුවැනි වරටත් ජනපති ධුරයට පත් චාවේස් වසර 2019 තෙක් එම ධුරයේ කටයුතු කරනු ඇත. චාවේස්ගේ වසර 14 ක සමාජවාදී පාලනය පෙරළා දැමීමේ අරමුණින් මෙවර විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී ඉදිරිපත් කළ ‘තුරුම්පුව’ වූයේ අපේක්ෂක 40 හැවිරිදි හෙන්රීකේ කැප්රිලේ ය. ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ද චාවේස් සහ කැප්රිලේ ය. ඡන්ද සටන ආරම්භ වූ අවස්ථාවේදී ඇතැමුන් අනුමාන කළේ කැප්රිලේගෙන් චාවේස්ට අභියෝගයක් එල්ල වනු ඇති බවය. මධ්‍ය දක්ෂිණාංශික, යුක්තිය පෙරට නමැති පක්ෂයේ නායකයා වන කැප්රිලේ 2008 වසරේ සිට මේ වන තෙක් බරූටා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත. කෙසේ නමුත් අවසන් ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ චාවේස් නිසැක වශයෙන්ම ජයග‍්‍රහණය කරනු ඇති බවය. ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයත් සමඟ ලතින් ඇමෙරිකා ඉතිහාසයේ මහා බලවතකු ලෙස නම රැඳවීමට චාවේස් සමත් ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ප‍්‍රකාශිත සියයට 90 ක ඡුන්දවලින්, 58 හැවිරිදි චාවේස්, සියයට 54.42 ක ප‍්‍රතිශතයක් හිමිකරගෙන සිටි අතර විපක්ෂ අපේක්ෂක කැප්රිලේ ට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. ජයග‍්‍රහණයෙන් පසු තම විපක්ෂ දේශපාලන කණ්ඩායම් අමතමින් චාවේස් කියා සිටියේ පෙරට වඩා ඔවුන් සමඟ එක් වී සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බවය. ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් ද වන වෙනිසියුලාව ලතින් ඇමෙරිකා කලාපයේ ඉහළට ඔසවා තැබීමට තමා අපේක්ෂා කරන බවත් ඊට කැප්රිලේ ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී කටයුතු කරන බවත් චාවේස් අවධාරණය කරයි. වෙනිසියුලාවේ ජනපති ධුර කාලය වසර හයක් වන අතර චාවේස් ජනපති ධුරයේ රැඳී සිටින්නේ 1996 වසරේ සිටය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විවේචනයට ලක් වන ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම සමාජවාදී නායකයකු යැයි ලතින් ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පිළිකාවකින් ද පීඩා විඳ, ප‍්‍රතිකාර ලබා එය ජය ගැනීමට චාවේස් සමත් වීම ද සුවිශේෂී සිදුවීමකි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක්
ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:21 PM
ජනපතිතුමනි, අපිත් ඔබ සමග අත්වැල් බැද ගන්නට කැමැත්තෙමු. (නි)
බන්ඩාර Tuesday, 09 October 2012 02:32 PM
අපේ සුබ පැතුම්. ලෝකය තවත් ලස්සන වේවා .(ස)
සිල්වා Tuesday, 09 October 2012 11:30 PM
ලංකාවට හිතවාදී නායකයෙක්. ඉක්මන් සුවය ලැබේවා! (නි)
සිල්වා Tuesday, 09 October 2012 11:59 PM
ජනතා හිතවාදී නායකත්වයට අපේ සුභ පැතුම්! (නි)
සේනානායක Tuesday, 09 October 2012 03:44 PM
එඩිතර නායකයෙක්...නව ගමනකට ආසිරි (ස)
සනත් ඉන්දික Wednesday, 10 October 2012 03:13 AM
මේ වගේ හතර දෙනෙක් හිටියොත් ලෝකෙටම ඇති ඔබට සුබ පතමි..! නොසැලී පෙරටම යන්න (නු)