අතුරුදන්ව මේ වන විට දින 72 කට වඩා ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ වූ මොහොමඞ් හස්රින් හුසාන්ගේ බිරිය දරු උපතක් සිදුකර ඇත්තීය.
අලූත උපන් දරුවාගේ ඡායාරූප ඇය අන්තර්ජාලයට ද එක් කළාය.ලොව පුරා රටවලින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන්නේය.
විශේෂ සටහනක්ද ලියා ඇති ඇය එහි සදහන් කර තිබෙන්නේ ‘‘අලූත ඉපදුණු දරු පැටියා මගේ ස්වාමියා මට අහිමි වීම නිසා මා විදි දුක් වේදනා නිමා කරනු ඇති‘‘ යනුවෙනි.
තම ස්වාමියා යළි නොපැමිණෙන බව පිළිගෙන ඇති ඇය ඔහු සිහිගැන්වීමට දරුවාට නම තබා ඇත්තේද මොහොමඩ් ලෙසය.
‘‘සියල්ල අභිරහසක් තමයි.නමුත් දෙවියන්ගේ කැමැත්ත ගැන ප්‍රශ්න කරන්නට මම කවුද?,කවදා හරි මමත් ඔබ සිටින තැනට එනවා.ඔබ කාන්තාවකට ලැබිය හැකි හොදම ස්වාමි පුරුෂයෙක්‘‘ යැයි ඉතා සංවේදී ලෙස ඇය තම සටහනේ අදහස් දක්වා ඇත්තීය.
යානය සොයා මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති අතර මෙහෙයුම් සදහා භාවිතා කළ උපකරණ වලද දෝෂ ඇතැයි හෙළිවූයේ මෑතකදීය.
යානය අතුරුදන්වීමේ සිටම එහි නියමුවා වූ සහ්රි අහමඞ් ෂා වෙත එය කඩාවැටීමට සළස්වා ඇතැයි චෝදනා නැගුණු අතර දැන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට කුමන ගැටලූ පැවතියද තමන් පැදවූ ගුවන්යානය විනාශ කර දැමිීමට තරම් මානසික තත්ත්වයක් ඔහුට නොතිබුණු බව පවසන්නේය.
මේ අතර මලයාසියා රජය හා යානයේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටින රටවල් යානයේ ගමන් මග දැක්වෙන චන්ද්‍රිකා දත්ත පොදු ජනතාව වෙත නිදහස් කිරීමට සූදානමින් සිටී.
දැනට චීනයේ මැදිහත්වීමෙන් දැන් ඕස්ටේ්රලියාවේ බටහිර දිග මුහුදු ප්‍රදේශයේ යානය සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියා අහිමි දුක දරු උපතින් නිවේ
හේමන්ත Friday, 23 May 2014 09:55 AM
කුමාර, ගෙල්, ජේම්ස්, ඔයාලට මොළේ නැති වුනාට, දැන් බලන්න අතපසු වුන දෙය ලියුම් කරු විසින් නිවැරදි කරලා තියෙන හැටි. පියා කියන වචනය දැන් සැමියා වෙලා. කළගෙඩි තරම් ඔළුගෙඩි ඔයාලට තිබුණට අල ගෙඩියක් තරම් නොවන පුංචි මොෙළය ප්‍රදර්ශනය කරන්න එපා ළමයිනේ. (ස)
රූපවතී Thursday, 22 May 2014 01:06 AM
ඔබටත් ඔබේ මවටත් සුභ අනාගතයක් ..! (ස)
ගලේ Thursday, 22 May 2014 02:15 PM
කුමාර,,,,,,හේමන්ත තොත්ත බබෙක්..... (දී)
ජේකේ Wednesday, 21 May 2014 05:26 PM
සුබ පතමු. (ස)
ශාන්ති Wednesday, 21 May 2014 11:43 AM
ඔයාගේ දුක හැම ගැහැණියකුටම තේරුන් ගන්ඩ පුළුවන් සොයුරිය. ඔයාට සහ අලුත ඉපදුනු පුතුට සුබ අනාගතයක්.(නදී)
දුලාන් Wednesday, 21 May 2014 06:01 PM
නෙතට කඳුලක් එක්කළ සංවේදී පුවතක් (නි)
කැනඩා දිසා Thursday, 22 May 2014 07:31 AM
දරුවාට සහ මවට දෙවි පිහිටයි! (නි)
කුමාර Thursday, 22 May 2014 07:43 AM
හේමන්ත බබෙක්ද? (නදී)
ශානිකා දේවින්දි Friday, 23 May 2014 02:13 PM
මගේ උණුසුම් සුබ පැතුම් ඔයාගේ චූටි බබාට. (ස)
ක්‍රිෂාන්ත Wednesday, 21 May 2014 07:28 PM
පිය පුතු සෙනෙහස වචනයෙන් කිව නොහැකි අනන්තයක් දක්වා විහිදෙන දෙයකි. පුතුනි ඔබ දිහා කොහේ හරි සිට පියා ඔබගේ බලන් හිදිනු ඇති. (නදී)
හේමන්ත Thursday, 22 May 2014 10:56 AM
කුමාර, මම කීවේ ලිපියේ මාතෘකාව ගැනයි. ලිපියේ තියෙන මේ වාක්‍ය නැවත කියවා බලන්න. එතකොට මාතෘකාව වෙනස් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? "අලුත ඉපදුනු දරු පැටියා මගේ ස්වාමියා නැති වීම නිසා මට ඇතිවූ දුක් වේදනා දුරු කරනු ඇත". (ස)
සඳරුවන් Wednesday, 21 May 2014 08:03 PM
අලුත ඉපදුනු පුතුට සුබ අනාගතයක්. (නි)
ගිහාන් Wednesday, 21 May 2014 08:06 PM
සුදු පුතේ, ඔයාගේ තාත්තා ඔයාව බලන්න කවදාහරි ආවා කියන පුවත මට දකින්න ලැබුනොත් එදාට මටත් සතුටු කඳුලක් උණාවි (නි)
ජේම්ස් Friday, 23 May 2014 05:44 AM
හේමන්ත, ඔයා මොනවද මේ කියන කතා? (නි)
සුධර්ම Wednesday, 21 May 2014 08:09 PM
හරිම දුකහිතෙන පුවතක් (නි)
සමන් කුමාර Wednesday, 21 May 2014 08:42 PM
පිය සෙනෙහස අහිමි තවත් දරුවෙක්. ඔබට දීර්ඝායු වේවා ! (නදී)
හේමන්ත Wednesday, 21 May 2014 03:33 PM
ඔහු ඇයගේ ස්වාමියා නේද? පියා අහිමි වුනේ බබාටයි. (නදී)