දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට මැදිහත් වීමට තමාගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි නේටෝ මහ ලේකම් අන්ද්‍රේස් ෆෝග් රස්මුසෙන් ප‍්‍රකාශ කරයි.
නේටෝ මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී පැවැත්වුණු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ 25 වැනි මහ සමුළුව අමතමිනි.
”සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ හමුදාව විරෝධතාකරුවන් මර්දනය කිරීමට දළදඬු කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීම අප සංවිධානය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එම ගැටුම්වලින් සිරියාවේ සිවිල් වැසියන් ඝාතනය වීම ඉතා කනගාටුවට කරුණක්. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපේ විශ්වාසයයි. සිරියා අර්බුදයට මැදිහත් වෙන්න නේටෝව සූදානම් නැහැ” යැයි මහ ලේකම් රස්මුසෙන් පැවැසීය.
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් ඊට මැදිහත් විය යුතු බවත් ‘ජී8’ රාජ්‍ය නායක සමුළුවේදී සාකච්ඡා කෙරුණි. ලෝකයේ ප‍්‍රබල ආර්ථික බලවතුන්ගේ හමුව වන ‘ජී8’ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ ද ඇමෙරිකාවේය.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා සහ ආණ්ඩු පෙරැළි ආරම්භ වූ අවධියේදීය.
ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි, සිය හමුදාව සහ කුලී හේවායන් යොදා එම විරෝධතා මර්දනය කළ අවස්ථාවේදී, ලිබියා විරෝධතාකරුවෝ ආයුධ සන්නද්ධ කැරැුලිකරුවන් පිරිසක් ලෙසින් රජය සමඟ ගැටුම් ඇති කර ගත්හ.
එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලව විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවකට අනුව, ඇමෙරිකාවේ ද මැදිහත් වීම මත, නේටෝ ගුවන් හමුදා ගඩාෆිගේ රජයේ හමුදාවලට පහර දුන්නේය. ගඩාෆි මරා දැමීමටත් ඔහුගේ පාලනය අවසන් කිරීමටත් ලිබියා කැරැලිකරුවන්ට හැකිවූයේ ඉන් පසුවය.
නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ලිබියා සිවිල් වැසියෝ රැුසක් ජීවිතක්ෂයට පත්වූහ. සිවිල් වැසියන් අමු අමුවේ මරා දැම්මා යැයි නේටෝවට මේ වනවිට චා්දනා එල්ල වෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්වේ. ඇෆ්ගන් සංග‍්‍රාමයට මැදිහත් වී, අපකීර්තියට පත් වූ නේටෝව, ලිබියා අර්බුදයට මැදිහත් වූ නිසා තව තවත් අපකීර්තියට පත් විය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාවට අත තියන්න කිසිම අදහසක් නැහැ
නිෂාඩ් Wednesday, 23 May 2012 08:54 AM
ඔවු ඉතිං.මේ අය තවම අපායට විතරයි අත තිබ්බේ නැත්තේ.ළගදීම ඒකත් වෙයි