තුර්කියෙන් හෝ බටහිර රටවලින් හෝ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඉරානය සමඟ එක්වී සිරියා රජයට සහාය දක්වමින් සටන් කරන්න සූදානම් යැයි ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය පවසයි. හිස්බුල්ලා සංවිධානය වෙනුවෙන් මේ බව කියා සිටියේ එම සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු වන අහ්මඞ් ජිබ්රිල් ඊයේ (5) බීරූට් නුවර ‘මයාදීන්’ රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වූ අවස්ථාවේදීය. ”තුර්කිය හෝ බටහිර රටවල් හෝ සිරියා රජයට පහර දුන්නොත් සිරියා රජය සමඟ එක් වී විදෙස් බලවේග සමඟ සටන් කරන්න අප සූදානම්. හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක හසාන් නසරුල්ලා ඊට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේමයි ඉරානයේ සිටින අපේ සහෝදරයන්ගේ සහාය අපට ලැබෙනවා” යැයි ජිබ්රිල් පැවැසීය. ඉරානයට අමතරව පලස්තීනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සටන්කාමීන් සංවිධානයේ සහාය ද තමන්ට ලැබෙන බව ජිබ්රිල් වැඩිදුරටත් කියා සිටී. තමා ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් සහ සිරියා ජනපති බෂීර් අල් අසාද් හමුවී සාකච්ඡුා පැවැත් වූ බව ද ජිබ්රිල් ප‍්‍රකාශ කළේය. සිරියා අර්බුදය මේ වනවිට අසල්වැසි ලෙබනයට පැතිර ගොස් ඇත. සිරියා රජයට පක්ෂ ලෙබනනයේ ෂියා මුස්ලිම්වරුන් සහ කැරැුලිකරුවන්ට පක්ෂ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුම් දිනෙන් දින උග‍්‍ර වෙමින් පවතී. සිරියාවේ අනෙක් අසල් වැසියා වන්නේ තුර්කියයි. තුර්කිය කලක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම මිතුරකු වී සිටියේය. එහෙත් සිරියා අර්බුදය හේතුවෙන් සිරියාවත් තුර්කියත් අතර මතභේද හට ගෙන ඇත. එම මතභේද උග‍්‍ර වූයේ මීට සතියකට පමණ පෙර සිරියා ගුවන් සීමාව උල්ලංගනය කළ තුර්කි ප‍්‍රහාරක ජෙට් යානාවකට සිරියා රජයේ හමුදා පහර දී බිම හෙළීමයි. යානයේ සුන්බුන් හමුවුවද එහි සිටි නියමුවන් දෙදෙනා සොයා ගැනීමට නොහැකි විය. තම ජෙට් යානයට පහර දී බිම හෙළීම තුර්කියේ දැඩි දෝෂ දර්ශනයට හේතු විය. ඒ ගැන සිරියාවට වන්දි ගෙවන්න සිදුවේවි යැයි ද තුර්කිය අනතුරු ඇගවීය. එම සිදුවීමෙන් පසු සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තම හමුදා සීරුවෙන් තැබීමටද තුර්කි රජය කටයුතු කළේය. තුර්කිය නේටෝ සාමජිකයෙකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් බටහිර රටවල් වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය තරයේ කියා සිටින්නේ සිරියා අර්බුදය විසඳීමට නම් ලිබියාවට කළාක් මෙන් සිරියා රජයේ හමුදාවලට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහෙත් ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් දෙදෙනා වන රුසියාවත් චීනයත් විරෝධය පළ කරයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇත්තේ සිරියා රජයේත් කැරැුලිකාර පාර්ශ්වයේත් නියෝජිතයන් එක්කොට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවිය යුතු බවය. සිරියා අර්බුදයට එකම විසඳුම වන්නේ එය යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාවට පහර දුන්නොත් බටහිර රටවල් එක්ක සටන් කරන්න සූදානම්