ලොව පුරා පැතිර යන යුද ගිනිදැල් නිවාලමින් සිරියාව, මැදපෙරදිග ඇතුළු සියලු රටවලට සාමය පතා යාච්ඤාවේ හා උපවාසයේ දිනයක් ප්‍රැන්සිස් පාප්තුමා ප්රමුඛ කතෝලික සභාව ගත කළේය.
“මා බලවත් ලෙස පවසනුයේ, එකිනෙකා ගහ මරා ගැනීමේ හෝ ඝට්ටනයේ සංස්කෘතියෙන් මනුෂ්‍යයන් අතර කිසිදු ආකාරයේ සැනසීමකට මඟක් ඇති නොවන බවයි. සම්මුඛවීමේ හා සංවාදයේ සංස්කෘතිය තුළින්ම පමණක් සාමයේ මාවතකට මනුෂ්‍යයින් හට එළඹිය හැකියි යන්න පාප්තුමා පවසා සිටියේය.
ප්‍රධාන සර්ව රාත්‍රික යාච්ඤා මෙහෙය වතිකානුයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී පැවැත්විණි. ලක්ෂයකට ආසන්න කතෝලික බැතිමත්හු එම මෙහෙයට සම්බන්ධ වුහ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියාවට සාමය පතා යාච්ඤා
ටෙනිසන් Monday, 09 September 2013 06:03 PM
නාලක, කට තිබුනට මෝඩ කතා කියන්න එපා. කුමාරි, ඔයා හරි. (නි)
කුමාර Monday, 09 September 2013 06:04 PM
යාච්ඤා කිරීම අගය කරමු.සෑම පන්සලකම,පල්ලියකම,කෝවිලකම යාච්ඤා කරමු. (නි)
සමින්ද Monday, 09 September 2013 06:48 PM
අපි බෞද්ධාගමට ආදරෙයි. (නි)
වීර Monday, 09 September 2013 06:54 PM
වැඩක් නැහැ පාප් තුමනි ඔහොම කරලා. එකම ආගමේ අයම උන්වම මරාගෙන කන්න ඕනේ නම් කාපුවවේ.(නදී)
අර්ෂා Tuesday, 10 September 2013 10:00 AM
දන්නා මිනිසුන් දන්නවා මේ හැම ක්‍රියාකාරකමක් පිටුපස්සේ කාගේ බළල් අතද තියෙන්නේ කියලා... (ස)
බණ්ඩා Monday, 09 September 2013 08:36 PM
අන්තිමට සිරියාවට මොනවා වෙයිද? (නි)
නුශාඩ් Monday, 09 September 2013 09:24 PM
අපේ අය මොකද්ද කලේ? තව තව වෛරය වපුරන එකයි.
කෙනත් Monday, 09 September 2013 09:43 PM
දුර සිටින්න වුත් , ලග සිටින්න වුත් මේ මහා විශ්වය පුරා විසිරී පැතිරී සිටින්නා වූ සියළුම මනුෂ්‍යයෝ ද , දෙවියෝද බ්‍රහ්මයෝද අනන්ත වූ අපා දෙපා සිව්පා බහුපා සියළුම තිරිසන් සත්වයෝද, ප්රතයෝද, අසුරයෝද , මේ සියළුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා , අන්‍යන්ගේ සැපතේදී සතුටු වෙන සිත් ඇත්තෝ වෙත්වා , නීරෝගී සැපත ඇත්තෝ වෙත්වා , සතුටු සිත් ඇත්තෝ වෙත්වා, ශාන්ත වූ සිත් ඇත්තෝ වෙත්වා ....සදු සාදු සැමට තෙරුවන් සරණයි! (නදී)
සාමය වේවා Monday, 09 September 2013 10:49 PM
නාලක පුතේ, ඔයා වැස්සකටවත් පාසල් ගියේ නැද්ද? ඔයා දන්නේ නැත්නම් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි අහන්න (නි)
අමාලි සිල්වා Tuesday, 10 September 2013 12:35 AM
වචනයේ පරිසමාප්තියෙන් මේ පාප්තුමා දෙවියෙක් හා සමානය. මොහු පතන්නේ සාමයයි. සාදු සාදු සාදු! (නි)
අශාන් Tuesday, 10 September 2013 01:52 AM
නාලක, එතකොට අර "දළදා මාලිගාවට බෝම්බ ගහපු එක්කෙනා" මැරුවේ මිනිස්සුන්ව නෙමෙයිද? (නි)
රත්න Tuesday, 10 September 2013 04:03 AM
ඇමරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කර බලය කැරලිකරුවන් අතට පත්වුවෙහාත් නැවත කිසිදිනක කිතුනු බැතිමතුන්ට ආගම අදහන්න දෙන එකක් නැහැ. මේ තරම් මිනිසා කුරිරු වුණේ ඇයි දෙවියනේ? (නි)
කුමාරි Monday, 09 September 2013 04:21 PM
ආගම් භේදයකින් තොරව අපිද එසේ පතමු. මුළු ලොවටම සාමය සතුට ලැබේවා ! මෛත්‍රී කරණා සිතුවිලිම පහල වේවා. (ස)
නාලක Monday, 09 September 2013 04:54 PM
ඉතිං එහෙම බලපුවාම මෙහෙට ඔය ආගම ගෙනාවෙ ළමයි මරලා, දෙමාපියෝ මරලා ඉතිරිය බෞතීස්ම කරලනෙ. අනික මේ පාදිලි තුමන්ලා ලංකාවට ආවයි කියන්නෙ එක අතක වයින් බෝතලෙයි අනෙක් අතේ බයිබලේයි අරගෙන නොවෑ... ඇයි ඒ මරපු අය මිනිස්සු නොවෙද? (ස)