
සිරියාවේ අයි.එස්. නායක අබ්ද් අල් හාදි මහුමුද් අල් හජී අලී ඝාතනය කළ බව ඇමෙරිකා හමුදාව පවසයි. ඇමෙරිකන් හමුදාව අල් හජී අලී ඝාතනය කර ඇත්තේ සිරියාවේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.
මෙම මෙහෙයුමට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදාගෙන ඇත. අලුයම හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අල් හජී අලී සැඟවී සිටි ස්ථානය වැටලූ බවත්, පසුව ඔහු ඉලක්ක කර ගනිමින් පහර දුන් බවත්, ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මැදපෙරදිග කලාපයේ මෙන්ම, යුරෝපයේ ද ත්‍රස්ත ප්‍රහාර සැලැසුම් කළ අයි.එස්. නායකයකු ලෙස අල් හජී අලී සැලකිය හැකි බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දෙයි.
ඇමෙරිකන් හෙලිකොප්ටර් ප්‍රහහාරයෙන්, අල් හජී අලී පමණක් නොව, තවත් අයි.එස්. සාමාජිකයන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවේ අයි.එස්. නායකයෙක් මරුට