IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සිරියාවේ පාලනය වෙනස් කිරීමේ මෙහෙයුමේ අවසන් අදියර?

පසුගිය සතියේ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට 7 වැනි පරිච්ඡේදය යටතේ ඉදිරිපත් කළ යෝජනාව නැවත වරක් රුසියාව සහ චීනය නිශේධ බලය යෙදවීම නිසා ප‍්‍රතික්ෂේප කෙරුණි. අවශ්‍ය වන්නේ නම් ආරක්ෂක මණ්ඩලයට සන්නද්ධ බලය යෙදවීමට  ඉඩ සලසන මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීම නිසා ජනාධිපති අල් අසාඞ් බලයෙන් ඉවත් කිරීමේ උත්සාහය අවසන් නොවේ. යෝජනාව ප‍්‍රතික්ෂේප වීමෙන් පසු ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද නියෝජිත සුසාන් රයිස් සිරියාවේ සිදුවෙමින් පවතින මානුෂික ඛේදවාචකය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය විවිධ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් කළාය. එක්සත් ජනපද විශ‍්‍රාමික හමුදා නිලධාරීන් ඇමතූ ජනාධිපති ඔබාමා සිරියාවේ ජනතාවගේ මූලික අයිතීන් වන සාමය, නිදහස සහ ගරුත්වය තහවුරු කිරීම සඳහා තම මිතුරන්, පාර්ශ්වකරුවන් මෙන්ම සිරියානු රජය හා සටන්වැද සිටින විපක්ෂ කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරණය කළේය. සෞදි අරාබිය හා කටාර් හි මූල්‍ය ආධාරත් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය යන රටවල අවි ආයුධ හා උපදෙස් ඇතිවත් සටන් කරන සිරියානු නිදහස් හමුදාව පසුගිය සතියේදී හදිසි ප‍්‍රහාර කීපයක් එල්ල කොට තම සටන් ශක්තිය ප‍්‍රදර්ශනය කළේය. මෙතෙක් අවි ගැටුම්වලින් තොරව පැවැති දමස්කස් නගරයට එල්ල කළ ප‍්‍රහාරයකින් අල් අසාඞ්ගේ ආරක්ෂක ඇමැති ඇතුළු සමීපතම නායකයෝ සිව් දෙනෙක් මරණයට පත්වූහ. ඒ සමගම සිරියාවේ ප‍්‍රධාන නගරයක් වන අලෙප්පෝ ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කළ සිරියානු නිදහස් හමුදාව නගරයෙන් විශාල කොටසක් තම ග‍්‍රහණයට නතුකර කර ගත් බව සමහර ඒජන්සි වාර්තාවල සඳහන් විය. කෙසේ වුවත් දැනට ලැබෙන වාර්තා අනුව දමස්කස් නගරයේ පාලන බලය නැවත වරක් තහවුරු කර ගැනීමට අසාඞ් ගේ හමුදාව සමත්ව සිටී. ඇලෙප්පෝ නගරයේ ගැටුම් තවමත් පවතින අතර විපක්ෂ කණ්ඩායම්වලට පහසු ජයග‍්‍රහණයක් ලබා ගැනීම අසීරු විය හැක. මේ සමගම එල්ල කළ ප‍්‍රහාරවලින් තුර්කිය හා ඉරානය සමග ඇති සිරියානු දේශ සීමා පාලන මධ්‍යස්ථාන සටන්කරුවන් අතට පත්ව ඇති බව ද වාර්තා වේ. මෙම ගැටුම් නිසා පසුගිය සති අන්තයේදී පමණක් 125000 කට අධික පිරිසක් ජෝර්දානයට හා ඉරාකයට පළා ගිය බව ද සඳහන් වේ. දමස්කස් හා ඇලෙප්්පො නගරවලට ප‍්‍රහාර එල්ල කිරීමත් රජයේ උසස් නිලධාරීන් සිවු දෙනෙකු මරා දැමීමත් සමගම අල් අසාඞ්ගේ රජයේ අවසානය ළඟා වී ඇතැයි තක්සේරු කළ එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙලය සිරියාවට ඇතුළු වීමටත් නව රජයක් පිහිටුවීමේදී කිසියම් බලපෑමක් කිරීමට සූදානම් බව පෙනේ. ඊශ‍්‍රායෙලය සිරියාව ආක‍්‍රමණය කිරීමට සූදානම් වන්නේ සිරියාව සතුව ඇතැයි කියන රසායනික අවි සහ මිසයිල ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වීම වැළැක්වීම සඳහාය යන ප‍්‍රකාශිත අරමුණිනි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පනේටාද සිරියාව සතු රසායනික අවි අන්තවාදීන් අතට පත්වීම වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරන බව නිව්යෝක් ටයිම්ස් වැනි ඇමරිකානු ජනමාධ්‍යවල පළවිණ. මෙම තර්ජනවලට සිරියානු රජය ප‍්‍රතිචාර දැක්වූයේ තම රට ආක‍්‍රමණය කරන හමුදාවලට එරෙහිව රසායනික අවි යොදා ගැනීමට සූදානම් නමුත් සිරියානු ජනතාවට එරෙහිව එම අවි කිසිසේත් යොදා නොගන්නා බව සඳහන්  කිරීමෙනි. කෙසේ වුවත් 2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමණය කිරීමට හේතුවක් ලෙස දැක්වූයේ ද රසායනික අවි සතු කර ගැනීම (එහෙත් එවැනි අවියක් මෙතෙක් ඉරාකයෙන් සොයා ගැනීමට එක්සත් ජනපදය අපොහොසත් විය) යන්න සැලකිල්ලට ගැනීමේදී සිරියාව ආක‍්‍රමණය කිරීමට සාධාරණ හේතුවක් එක්සත් ජනපදයට ඇත. ඊශ‍්‍රායෙලයට තම අරමුණු සපුරා ගැනීමට එය ප‍්‍රමාණවත්ය. සිරියාව සතුව රසායනික අවි ඇත්නම් ඒවා අන්තවාදීන් අතට පත්වීමේ අනතුර නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් බව අමතක නොකළ යුතුය. සිරියානු නිදහස් හමුදාවට අවි ආයුධ පුහුණුව හා සටන් බිමේදී යොදා ගන්නා සන්නිවේදන උපකරණ සපයා දුන්නේ එක්සත් ජනපද ඔත්තු සේවා මගින් බවට සැකයක් නැත. ලිබියාවේ ගඩාෆිට එරෙහිව සටන් කළ කණ්ඩායම්වලටද එවැනි ආධාර හා උපකරණ ලබා දී තිබිණ. දැන් එම කණ්ඩායම් සිරියානු නිදහස් හමුදාව සමග එක්ව අසාඞ්ගේ රජයේ හමුදාවලට එරෙහිව සටන් වදින බවද බොහෝ වාර්තාවල සඳහන් වේ. එම නිසා සිරියාවේ රසායනික අවි ඇත්නම් ඒවා අන්තවාදීන් අතට පත්වීමේ අනතුර නිර්මාණය කර ඇත්තේ එම කණ්ඩායම්වලට මුදල් හා අවි ආයුධ ලබා දුන් රටවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙවැනි අනතුර වන්නේ අසාඞ්ගේ රජය බිඳ වැටුණහොත් සිරියාවේ වෙසෙන සුළුතර ජන කොටස්වලට අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමය. සිරියානු නිදහස් හමුදාව දැනටමත් ජනාධිපති අසාඞ්ගේ ජන කණ්ඩායම්වල අලවයිට් කොටස් සිය ඉලක්ක බවට පත් කර ගෙන ඇත. මීට අමතරව කි‍්‍රස්තියානු හා තුර්කි ජන කොටස්ද අසාඞ්ගේ පාලනයට සහාය දක්වන නිසා සිරියානු නිදහස් හමුදාව ඉලක්ක විය හැකිය. බොහෝ දුරට ලිබියාවේ හා ඊජිප්තුවේ සුළුතර කණ්ඩායම් මුහුණ දුන් අනතුරුදායක තත්ත්වය සිරියාවේ සුළුතර කණ්ඩායම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමේ සැබෑ අනතුරක් පවතී. ඒ සුන්නි ආගමිකයන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අරමුණු සාර්ථක කර ගැනීමටය. එවැන්නක් කිසිසේත් ජනාධිපති ඔබාමා අවධාරණය කරන ආකාරයට සාමය නිදහස හා ගරුත්වය තහවුරු කිරීමක් නොව ලිබියාව ඊජිප්තුව හා ඉරාකය වැනි රටවල ක‍්‍රියාත්මක වන අන්තවාදී ක‍්‍රියා වඩාත් උත්සන්නවීමකි. එය නිසැකයෙන්ම මැදපෙරදිග තත්ත්වය වඩාත් අස්ථාවර කරනු ඇත. සටහන - මහින්ද හත්තක සිරියාවේ හමුදා යුද ටැංකියක් විනාශ වී ඇති අයුරු සිරියාව නිදහස් කර ගැනීමේ හමුදාව මරාගෙන මැරෙන බෝම්බයෙන් මියගිය අයගේ අවමඟුල් උත්සවය ජනාධිපති අල් අසාඞ්



අදහස් (0)

සිරියාවේ පාලනය වෙනස් කිරීමේ මෙහෙයුමේ අවසන් අදියර?

මදු Friday, 27 July 2012 12:06 PM

ඊස්‍රායලයෙන් ගැලවීමක් නෑ... (නු)

:       0       0

අබ්දුල් රහමන් Saturday, 28 July 2012 09:07 PM

වැඩිකල් ෙනාෙගාස් ෙවනසක් සිදුෙවනවා ඒකාන්තයි.(නු)

:       0       0

සමන් Sunday, 29 July 2012 06:05 PM

රුසියාවට සහ චීනයට ස්තූතියි (අ)

:       0       0

මධු Friday, 27 July 2012 08:57 PM

වෙනස් කල යුතුයි ... (දී)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 02:10 PM

චීනයට සහ රුසියාවට බොහොම ස්තූතියි කෙළින් තීරණ ගන්නවාට. (නි)

:       0       0

ලසිත Friday, 27 July 2012 03:00 PM

කරැණාකරලා ලංකාවෙ මිනිසුන්ට සිරියාවේ මොකද වෙන්නෙ කියලා පැහැදිළි කරලා දෙන්න...(නු)

:       0       0

නිමල් Friday, 27 July 2012 03:48 PM

නියමයි. තව හොදට මරා ගන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 972 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 610 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 143 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8425 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 502 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site