සිරියාවේ දරායා නුවර පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මානව හිමිකම් සංවිධාන ප‍්‍රධානියකු කළ ඉල්ලීමක් සලකා බැලූ එ.ජා මහලේකම් බැන්කී මූන් පැවැසුවේ සිරියාවේ යුද අපරාධකරුවන් වහා නීතිය හමුවට රැගෙන ආයුතු බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කරන මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ සිදු කරන ඕනෑම අයෙක් හෝ කණ්ඩායමක් නීතිය හමුවට පැමිණ විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මහලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 21 වැනි සැසිවාරය ආරම්භ කරමිනි. සිරියාවේ උද්ගතව ඇති අර්බුදය සාකච්ඡුා මාර්ගයෙන් විසඳීමට උත්සුක නොවී එරට රජයේ හමුදා සහ කැරලිකාර පාර්ශවය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇතැයි ද බැන් කී මූන් සඳහන් කළේය. පසුගිය මාසයේදී දරායා නුවර සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන බව එ.ජා. සංවිධානයේ මානව හිම්කම් පිළිබඳ මහකොමසාරිස් නාවි පිල්ලේ පවසා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයේදී කිසිදු බාධාවකින් තොරව තමන්ට සහාය ලබා දෙන ලෙස සිරියා රජයට ඇය දන්වා තිබේ. මාස 18 තිස්සේ නොවිසඳී පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 27,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාවේ යුද අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ආ යුතුයි
ලලිත් Thursday, 13 September 2012 02:04 AM
ඇමෙරිකාවේ කරන යුධ අපරාධ නොපෙනෙන්නේ ඇයි? (නි)
තරංග Thursday, 13 September 2012 11:57 AM
දැන්ද කළකිරෙන්නේ? අනේ මන්දා. (නි)
රණතුංග Thursday, 13 September 2012 12:28 PM
ඇමෙරිකන් හඩ... (නි)