සිරියාව වෙනුවෙන් එත්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දෙන සාම වැඩපිළිවෙළට දිනෙන් දින උත්සන්න වන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක් යැයි මහ ලේකම් බාන් කී මූන් පවසයි. මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරියාවේ හාමා නමැති ප‍්‍රාන්තයේ ටේරයිම්සා නගරයට ඉකුත් 13 වැනිදා රජයේ හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් 150 දෙනකු මිය ගියේ යැයි සිරියා විපක්ෂ කණ්ඩායම් කරන ප‍්‍රකාශයන් සැලකිල්ලට ගනිමින්ය. සිරියා හමුදා එම ගම්මානවලට පහර දී ඇත්තේ රජයට එරෙහිව අවි ගෙන සටන් වදින ‘නිදහස් සිරියානු හමුදාව’ යනුවෙන් හැඳින්වෙන කැරැුලිකරුවන්ට නායකත්වය දෙන කැරැුලි නායකයකු වන අබ් මොහොමඞ් සොයමින්ය. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වූ බවට සිරියානු විපක්ෂය චෝදනා කරන හෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහි නව යෝජනාවලියක් ද සකස් කර ඇත. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පවසා ඇත්තේ එම යෝජනාවලියට සහාය දීමට හෝ නොදීමට හෝ තමන් එය හොඳින් අධ්‍යනය කරන බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාවේ සාම වැඩපිළිවෙළට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක්