කැරැලිකරුවන් සොයමින් සිරියා රජයේ හමුදා එරට දරායා නුවරට පෙරේදා (24) එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් පත්ව ඇතැයි මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි. දරායා නුවර පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවරට නිරිත දෙසිනි. පෙරේදා උදෑසන සිට දරායා නුවර කැරැලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් පැවැති බව වාර්තා විය. සිරියානු හමුදා දරායා නගරයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකි යොදා ගත් බව ද පැවැසෙයි. පෙරේදා දිනයේ ඩමැස්කස් අගනුවර සහ ඇලෙප්පෝ නුවර ද දරුණු ගැටුම් හටගත් අතර කැරැලිකරුවන් පැවැසුවේ 370 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවය. මේ අතර සිරියානු රජයට සහාය දක්වමින් සිරියානු කැරැලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට පැමිණ සිටි ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමියකු අල්ලා ගැනීමටද සිරියානු කැරැලිකරුවෝ සමත්ව සිටිති. සිරියා අර්බුදයේදී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව ලෙබනනයේත් ඉරානයේත් කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය මීට පෙර අවස්ථා ගණණාවකදී පවසා තිබුණි. ලෙබනන් හිස්බුල්ලා සටන්කාමියකු සිරියා කැරැලිකරුවන් අතට පත් වූ පළමු අවස්ථාව මෙයයි. අත්අඩංගුවට පත් වූ එම සටන්කාමියා හසේන් අල් මික්ඩාඞ් නමැත්තකු යැයි කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන නිදහස් සිරියානු හමුදාව පවසයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියා හමුදා ප්‍රහාරයෙන් දරායා නුවර 200 ක් මියයති
ලාල් Monday, 27 August 2012 06:39 PM
මෝඩ මිනිස්සු. (නි)
අමිල කටුනායක Monday, 27 August 2012 09:29 PM
ඇහුණද? (නි)
සරත් Monday, 27 August 2012 11:51 PM
කනගාටුයි
ඩියෝ Monday, 27 August 2012 04:51 PM
අපේ රටට කෑ ගහපු අය කෝ? (නි)