බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අස්මා උපන්නේ 1975 වසරේදීය. ඇයගේ මාපියන් සිරියානු ජාතිකයන් වන අතර, අස්මාට සිරියානු පමණක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද හිමිවී ඇත.
සිරියානු කැරැල්ල ඔඩුදුවමින්, සිරියානු විපක්ෂයට සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් එරට බලය අල්ලා ගනිද්දී, අසාද් බිරිඳ අස්මා සහ දරුවන් ආරක්ෂිතව රුසියාවට ගෙන්වා ගෙන ඔවුන්ට රැකවරණ දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. මේ වනවිට අසාද්, බිරිඳ සහ දරුවන් සිටින්නේ රුසියාවේ මොස්කව් අගනුවරය.
තමන්ට තව දුරටත් රුසියාවේ සිටින නොහැකි බවත්, රුසියාවෙන් පිටවීමට අවශ්‍ය බවත් අස්මා පවසා ඇති අතර, ඇය වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ තමන් දික්කසාද වීමට කැමැති බවය. ඊට අදාල නීතිමය ලියවිලි අස්මා රුසියන් නීතීඥවරුන්ට බාර දුන් බව ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් රුසියන් බලධාරීන් පවසා ඇත්තේ අස්මා, අසාද්ගෙන් දික්කසාද වීමක් ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවත්, එය සාවද්‍ය පුවතක් බවත්ය.
අස්මා, පරිගණක විද්‍යාව සහ ප්‍රංශ සාහාති්‍යය සම්බන්ධයෙන් උපාධිධාරිනියකි බව පැවැසෙයි. බෂාර් අල් අසාද් සමඟ 2000 වසරේ දී විවාහ වීමට පෙර ඇය ආයෝජන බැංකුකාරියක ලෙස කටයුතු කරමින් සිටියාය. අසාද් සහ අස්මා යුවලට දරුවෝ තිදෙනෙක් වෙති.
බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත
ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආ
දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.
තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාර
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්ගෙන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි