IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සූ කීගේ දේශපාලන පක්ෂය විසුරුවයි

බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීගේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විසුරුවා හැරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ.

මියන්මාර හමුදා ජුන්ටාව, මෙසේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විසුරුවා හැරියේ නව හමුදා රජය හඳුන්වා දී ඇති නව මැතිවරණ නීතිය යටතේ නැවත දේශපාලන පක්ෂයක් ලෙස 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' පක්ෂය ලියාපදිංචි නොවුණු බැවින් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මියන්මාර හමුදා ජුන්ටාව, හඳුන්වා දුන් නව මැතිවරණ නීතිය යටතේ මියන්මාර දේශපාලන පක්ෂ වලට නැවත ලියාපදිංචි වීම සඳහා පසුගිය ජනවාරි මාසයේදී හමුදා රජය මාස දෙකක කාල සීමාවක් ලබා දී තිබුණි.

කෙසේ නමුත්, එම කාල සීමාව ඇතුළත, මියන්මාරයේ දේශපාලන පක්ෂ 90 අතරින් නැවත ලියාපදිංචි වීම සඳහා අයැදුම් කර තිබුනේ පක්ෂ 50 කට පමණක් බව ද පැවැසෙයි.

'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' 1988 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පිහිටුවන ලදී. 1990 දී පැවති මැතිවරණයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත්, එදා පැවැති හමුදා ජුන්ටාව එම ප්‍රතිඵල අවලංගු කළේ අවුන් සාන් සූ කී නිවාස අඩසියට පත් කරමිණි.

වසර 15 ක් පමණ නිවාස අඩස්සියේ සිට නිදහස ලැබූ සූ කී  2016 මැතිවරණයට ඉදිරිපත් වූයේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' මෙහෙයවමිනි. එම මැතිවරණයේ දී 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' යළිත් අතිවිශිෂ්ට ජයක් අත්පත් කර ගනිමින් රජයක් ද පිහිටුවීය. නව රජයේ නිල නොවන නායිකාව වූයේ සූ කී ය. ඇය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.

2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත් මාස තුනක් යෑමට පෙර, මියන්මාර හමුදාව, හමුදා කුමන්ත්‍රණයක් මගින් අවුන් සාන් සුකී බලයෙන් නෙපරා දමා සිරගත කළේය. 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' නියෝජනය කරන දේශපාලන නායකයන් බොහොමයකට ද සිරදඩුවම් හිමිවී ඇත.

මැතිවරණයේදී දුෂණ සහ අක්‍රමිකතා සිදු වූ බව පෙන්වා දෙමින් මියන්මාර හමුදාව කුමන්ත්‍රණය සාධාරණීකරණය කළත් දුෂණ හෝ  අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට මැතිවරණ නිරීක්ෂකයෝ අපොහොසත් වූහ.

නව මැතිවරණයක් පවත්වන දිනයක් තවම ප්‍රකශයට පත් කර නැතත් එරට හමුදා රජයේ සැලැස්මට අනුව ජූලි මස අග වන විට මැතිවරණයක් අපේක්ෂා කළ හැකි බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

සූ කීගේ දේශපාලන පක්ෂය විසුරුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site