මියන්මාර පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්වූ අතර පසුගියදා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගත් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්තී‍්‍රවරු එය වර්ජනය කළහ. සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්තී‍්‍රවරු පවසා ඇත්තේ හමුදා පාලකයන්ගේ රූකඩයක් වූ මියන්මාර සිවිල් රජය යටතේ කටයුතු කිරීමට තමන් කිසිසේත් සූදානම් නැති බවය. වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිට නිදහස ලැබීමෙන් පසු සූ කී සහ මියන්මාර සිවිල් රජය අතරේ ගැටුමක් ආරම්භ වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වූයේ 2010 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ ද හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. කෙසේ නමුත් එම පක්ෂ එක්වී පිහිටුවූ සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ද හඳුන්වා දුන් අතර ඒවා විදේසවල ප‍්‍රශංසාවට ද ලක් විය. අවුන් සාන් සූ කී ඉදිරිපත් වී ජයග‍්‍රහණය කළ අතුරු මැතිවරණය පැවැත්වුණේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේය.
ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප
චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.
මෙක්සිකෝවේ ඝන වනාන්තරයක සැඟවී තිබුණු පුරාණ මායාවරුන්ට අයත් නටබුන් වූ නගරයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම නගරය සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බෙන් වීම විශේ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සූ කී පාර්ලිමේන්තුව වර්ජනය කරයි