IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප‍්‍රහාරයකින් මරුට

අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ජන්බාස් සඞ්රාන් ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා පෙරේදා (13) සමත් විය. ජන්බාස් සඞ්රාන්, පාකිස්තානයට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශයක් ලෙස සැලකෙන උතුරු වසිරිස්තානයේ ගම්මානයක සැඟවී සිටින බවට ඇමෙරිකානු සී.අයි.ඒ. නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත. ඔවුන් ඇමෙරිකා හමුදාවේ ද සහාය ඇතිව එම ගම්මානයට නියමුවන් රහිත ඩ්‍රෝන යානා මෙහෙයවා මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කළ අතර එයින් සඞ්රාන් ඇතුළු තවත් සටන්කාමීහු කිහිප දෙනෙක් මියගියහ. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පෙනේටා ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සඞ්රාන් ඝාතනය, ‘හකානී’ සටන්කාමීන්ට එරෙහි සටනේ දී ලැබූ තවත් ජයග‍්‍රහණයක් බවය. ඉකුත් දෙවැනිදා ද ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි හකානී නායක හජ්ජි මාලී කාන් නමැත්තා අල්ලා ගැනීමට නේටෝ හමුදාවට හැකිවිය. අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන හකානී සටන්කාමී සංවිධානය, ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට සහාය දීමට ප‍්‍රතිඥා ලබා දී ඇත. ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ තලේබාන් සටන්කාමීන්ට සහාය දී ඇත්තේ හකානී සටන්කාමීන් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. හකානී සටන්කාමී ජාලය පාකිස්තානයේ කි‍්‍රයාත්මක වන අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය හකානී සටන්කාමීන්ට සහාය දෙන බවය. ඇමෙරිකාවේ එම චෝදනා හේතුවෙන් ඇමෙරිකාව සහ පාකිස්තානය අතර හොඳහිත පළුඳු වී ඇත. කෙසේ නමුත් ‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගතයුතු යැයි ඇමෙරිකා රජය පාකිස්තානයට දැනුම් දී තිබේ. ඇමෙරිකාව එල්ල කරන එම චෝදනා පාකිස්තාන රජය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් ඇමෙරිකාව පවසන්නේ ඔවුන් එල්ල කරන එම චෝදනා ඔප්පු වී ඇති බවය. හකානී සටන්කාමීන් ගැන සොයා බලන ලෙසත් ඔවුන් සමඟ ඇති සම්බන්ධකම් නවත්වන ලෙසත් ඇමෙරිකාව පාකිස්තානයට දන්වා ඇති නමුත් පාකිස්තානය එම ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කර තිබේ.



අදහස් (0)

හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප‍්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

බදුවලට එරෙහි වෙමු: චීනය ඉන්දියාවට කියයි
2025 අප්‍රේල් මස 09 112 0

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චීන රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ


ඩුබායි කුමරු මෝදි හමුවන්න ඇවිල්ලා
2025 අප්‍රේල් මස 09 66 0

ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඉන්


චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට
2025 අප්‍රේල් මස 09 112 0

රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට තම හමුදා සමත් වී ඇතැ


දේශසීමා පසු කරන්න හැදූ උතුරේ සෙබළුන්ට වෙඩි ප්‍රහාර
2025 අප්‍රේල් මස 09 54 0

උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබීමට පියවර ගත් බව දකුණු කොරියානු හමුදාව


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 දෙනෙක් මරුට
2025 අප්‍රේල් මස 09 26 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 5567 6

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 86 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 814 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 627 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site