ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හා එරට රජයේ සාම කවුන්සලයේ වත්මන් සභාපති බහනුද්ඩීන් රබානි ඝාතනයට විරෝධය පළ කිරීම පිණිස දහස් ගණනක් ඇෆ්ගන් වැසියෝ ඊයේ (21) වීදි බැස පෙළපාලි ගියහ. බහනුද්ඞීන් රබානි (71) 1992-96 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ධුරය හෙබැවීය. එම කාල සීමාව තුළදී එරට සිවිල් යුද්ධය ඉතා දරුණු ලෙස පැවැතුනි. හිටපු ජනාධිපති රබානිගේ නිවසට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් රබානි අසලටම පැමිණ එම බෝම්බය පුපුරවා ගත්තේය. එම ප‍්‍රහාරය පසුපස තලෙයිබාන් සාමාජිකයන් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ. එහෙත් මෙතෙක් තලෙයිබාන් සංවිධානය මෙම ඝාතනයේ වගකීම බාරගෙන නොමැත. මෙම ඝාතනයත් සමගම ඇෆ්ගන් රජය හා ඉස්ලාමීය අන්තවාදීන් අතර එකඟතාවයක් ඇතිකර වසර දහයකට අධික කාලයක් තිස්සේ පැවැති අර්බුදය නිමා කරලීමේ බලාපොරොත්තුවද බිඳී ගියේය. ඊට හේතුව හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි, සාම සම්මුතියක් සඳහා දැඩිලෙස කැපවී ක‍්‍රියා කළ අයෙකු නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් බලා යමින් සිටි ඇෆ්ගන් වත්මන් ජනාධිපති හමීඞ් කර්සායි මේ ඝාතන සිද්ධිය සැලවීමත් සමග ඊයේ (20) සිය ගමන නවතා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි බව ද වාර්තා වේ. හිටපු ජනපති රබානිගේ නිවස පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලය. එවැනි අධිආරක්ෂක කලාපයකට බෝම්බකරුවකු ඇතුළුවූයේ කෙසේදැයි කාහටත් පැනයක් වී තිබේ.
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ