පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා සිට මේ දක්වාම අතුරුදන්වු මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානය අනතුරකට භාජනය වී ඇතැයිද,එහි ගමන්කළ සියලූදෙනා මරුමුවට පත්ව ඇතැයිද මලයාසියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මලයාසියා ගුවන්සේවා බළධාරීන් මේ තීරණය ගෙන ඇත්තේ යානය අතුරුදන්වූ දිනයේ පටන් මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු තොරතුරක් සොයාගත නොහැකිව තිබෙන තැනය.මේ සමග යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතිීන්ට තමන්ට සිදුවූ ආපදාව වෙනුවෙන් වන්දි ඉල්ලා සිටීමටද අවස්ථාව හිමිවේ.
කෙසේවුවත් යානය සොයා මෙහෙයුම් කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව මලයාසියා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
යානය එහි නියමිත ගමන් මාර්ගයෙන් ඉතා දුරට ඇදී ගොස් තිබෙන බවක් පෙන්නුම් කරන හෙයින් ඒ ගැන විශේෂ විමර්ෂණයක් කිරීමට මේ දිනවල අවධානය යොමුව තිබේ.ඊට අමතරව මලයාසියා රජය යානයේ අතුරදන්වීම අපරාධයක් හැටියට සැළකිල්ලට ගෙන වෙනම විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇත.
එළැඹෙන මාර්තු මස 8 වැනිදාට යානය අතුරදන්ව හරියටම වසරක් සැපිරේ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝඩුවාවක් නැතත් තීන්දුවක් දෙයි