IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හදවත් භාගේ දරුවාට අවුරුදු නමයයි

බීතම් එඩ්වර්ඩ් හෘදයේ අඩක් නොමැතිව උපත ලද දැරියකි. හදවතේ දකුණු අර්ධය පමණක් ඇයට පිහිටා තිබිණි. මේ දැරිය වැඩිකලක් ජීවත් කරවීම අපහසු බව පැවසූ වෛද්‍යවරු අවුරුදු පහක් වන විට ඇයට ශල්‍යකර්ම තුනක් ම සිදුකළහ.

ඇය මරණයට අභියෝග කළාය. දැන් ඇයට වයස අවුරුද් නමයකි. වරින් වර හෘදයාබාද හයක් වැළදී ඇතත් ඇය ජීවත් නීනිය. බීතම් කෙලිදෙලෙන් ගෙවත්තේ සෙල්ලම් කරයි. ඇය මරණය අතින් ගෙන ජීවත්වන්නියක බව කිසිවෙකුත් සිතන්නේ නැත.

ඉපදී මාස දින තුනකදී ඇයට පළමු හෘදයාබාදය වැළදී තිබිණි.  සාමාන්‍යයෙන් මිනිස් හදවත ඇලව පිහිටා ඇතත් වෛද්‍යවරු අගේ හදවත පොළොවට හරියටම ලම්භක වන සේ සකසා තිබේ.

ඇගේ මව වන 46 හැවිරිදි මැන්ඩි පවසන්නේ බීතම් දෙස බලන කිසිවකුට ඇය පත්ව ඇති අසරණ බව තේරුම්ගත නොහැකි බවයි. බීතම්ගේ මව සති 20 ක ගර්භනියක්ව සිටියදි බීතම්ගේ හෘදයේ රෝගි තත්වය හටගෙන ඇති බව වෛද්‍යවරැ සොයාගෙන ඇත. ඇයගේ පියා වන 57 හැවිරිදි බ්‍රයන් ද හෘදයාබාධයකින් පෙළුනු බවත් ඔහුගේ හෘදයේ කපාට පටුවී තිබූ බවත් බීතම් ගේ වැඩිමහල් සොහොයුරිය වන මෙගන් පවසන්නීය.

ඇගේ රෝගී තත්වය හයිපොප්ලාස්ටික් ‍ලෙප්ට් සින්ඩ්‍රොම් යනුවෙන් හදුන්වයි. එහිදී සිදුවන්නේ හෘදයේ වම් පස වර්ධනය නොවී දකුණු පස පමණක් ක්‍රියාකාරි තත්වයක පැවතිමයි.

මේ බව දැනගත් පසු ඇය විශාල චකිතයක් ඇතිවු බව බීතම්ගේ මව පවසයි.

"බීතම් ජීවත් කළ හැකිවේදැයි ඇයට බියක් තිබුණා. වෛද්‍යවරු මට කීවේ කලලය ගබ්සා කළ යුතු බවයි. නැතිනම් ඇය ඉපදී දින කිහිපයකින් මියයනු ඇතැයි ද ඔවුන් කිවා. මට එය ඇසූ විට ලොකු දුකක් ඇතිවුණා. ඒත් මට මගේ කුසේ සිටි ඒ දියණිය විනාශකැර දමන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. " ඇය පවසන්නීය.

බීතම් 2004 දී රාත්තල් 7 ක උපත් බරින් යුතුව උපත ලැබුවාය. ඇය ඉපදි දින 3 කදී ඇයගේ කපාටය සැකසිම සදහා පළමු සැත්කමක් කෙරිණි. මෙම සැත්කම කිරීමට පෙර ඇයට ප්‍රථම හෘදයාබාධය ඇතිවිය.  මාස 4 දි දෙවැනි සැත්කම කරණු ලැබුවේ බීතම්ගේ හෘදය ලම්භකව තැබීමටය. එය එවැනි සැත්කම් තුනෙන් පළමු එකවිය. මෙම සැත්කමෙන් පසු බීතම්ගේ හෘදය පස්වතාවක් නැවතිණි. බීතම් ගේ මව පවසන්නේ මේ අවස්ථවේදී බීතම් ජීවිතයට සමුදීමට ආසන්නව සිටි බවයි. ඒ සැත්කම් වලදී වෛද්‍යවරුන්ට සිදුවූයේ ඉතාමත් අමාරුවෙන් බීතමිගේ අකර්මණ්‍ය වූ හෘදය  පණ ගැන්වීමටයි.

ඇයගේ මව තවදුරටත් පවසා සිටින්නේ තෙවන වරට බීතමිට ඇති වූ හෘදයාබාධයේදි ඇය සිතුවේ බ්තමි මෙලොවින් සමුගන්නා බවයි. නමුත් බීතමිගේ පියා බ්‍රයන් කියා සිටියේ බිතමම්ගේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත් නොහරින ලෙසයි.

ඒ වෙලාවේ ඇය ජීවිතාරක්ෂක යන්ත්‍රය ආධාරයෙන් ජිවිතය ගෙව්වත් ඇය මරණය ලගාවීමට ඉඩ නොදී මරණය සමග සටන් කළා. පසුව ඇයගේ හෘදය වටා  රැධිරය අපිරිසිදු තත්වයට පතව ඇතැයි ඒ අවස්ථාවේ වෛද්‍යවරු කීවා. ඒ අවස්ථාවේදි ඇගේ හෘදයට රැධිරය පොම්ප කිරීමේ පළමු පියවර පටන් ගත්තා. ඉන් පසු සති තුනක් පමණ යන විට ඇය දරැණු ලෙස රෝගාතුර වූවා. වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් මෙන් බීතම් නැවතත් ක්‍රමයෙන් සුව අතට පත්වුණා. මෙම අවස්ථාව ඇයගේ ජීවිතයේ කඩ ඉමක්.

මෙම සැත්කමි වලින් පසු බිතම් ගේ වර්ධනය ඉතාමත් අසතුටුදායක වූවාය. ටිකෙන් ටික හොදින් කතා බස් කිරිමට පුරුදුවූ බිතම් දැන් දැන් පාසැල් පවා යන්නිය. දැන් ඇගේ පාසල් දිවියට අවුරුදු හයක් ගතවී ඇත.

මව පවසන්නේ බීතම්ට හෘදයේ කොටසක් පමණක් පැවතීම හේතුවෙන් තවත් සැත්කම් වලට මුහුණ දිමට හෝ දිනක හෘදය බද්ධ කරණ සැත්කමකට ලක්විය හැකියි යනුවෙනි. බීතම් දැන් ශක්ත්මත් හා නිර්භිත ළමයෙකි.

එමෙන්ම ඇය අපට මහත් ප්‍රබෝධයක් ගෙනදෙන්නීය. ඇය හෘදයේ අඩක් නොමැතිව සැත්කම් හයකට මුහුණදුන් ළමයකුයැයි කිසිවෙකුටත් කිව නොහැකි තරමට බීතම් මරණයට අභියෝග කරමින් ජීවත්වීම සැබැවින්ම සතුට දනවන කරුණකි.



අදහස් (0)

හදවත් භාගේ දරුවාට අවුරුදු නමයයි

හර්ෂ Sunday, 24 November 2013 07:33 AM

දෙවි පිහිටයි! (නි)

:       0       0

තරූ Sunday, 24 November 2013 08:58 AM

සේයාථ ඔයාට මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි නොසිතූ කරදරයක් ඇතිවුනාම අනේ දෙවියන්නේ කියලා කියවෙන්නේ නැද්ද සේයා? (නදී)

:       0       0

නල්ලතම්බි Saturday, 23 November 2013 06:25 PM

ලස්සන කෙලි පොඩ්ඩ. (නදී)

:       0       0

චන්දි Sunday, 24 November 2013 10:46 AM

මං ලියපු එක පලවෙලා නෑ... හ්ම්ම්ම් ..!! කමක් නැහැ , චුටි දුවට ඉක්මන් සුවය පතනවා නැවත වතාවක්. (නදී)

:       0       0

අරුණ Saturday, 23 November 2013 06:51 PM

තුනුරුවන් සරණින් මගේ දුවට සුවපත් වෙන්නටම ඕනේ .සියලු දෙවියන්ගේම ඇල්ම බැල්ම ආරක්ෂාව ලබෙන්නම් ඕනේ . (අ)

:       0       0

මධු Saturday, 23 November 2013 07:08 PM

ඇත්තටම දෙවියන්ගේ හාස්කමක් දෙවියන්ට ස්තුති වේවා (අ)

:       0       0

දෙව්මිත් Saturday, 23 November 2013 07:38 PM

ඔබට ඉක්මන් සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා (අ)

:       0       0

රමේෂ් Saturday, 23 November 2013 08:02 PM

දිගු කලක් ජිවත්වන්න අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි (අ0

:       0       0

සංජීව Sunday, 24 November 2013 12:20 PM

මදු, අනේ ඔය දෙවියන්ගේ හාස්කමට බැරිද ඔය ළමයට ඔහොම දෙයක් නොවී උපද්දවන්න, (නදී)

:       0       0

ජනනි Monday, 25 November 2013 04:08 AM

සමහරවිට මේ දුවගේ දෙමාපියන්ගේ අඩුපාඩුවකට, වැරදි ආහාර රටා, හුරුපුරුදු මේ දුවට මෙහෙම වෙන්න බලපාන්න ඇති. එහෙත් මේ අම්ො මේ බබාව ගබ්සා නොකර බිහි කළ එකට මම ගොඩක් ගරු කරනවා. මේ පුංචි දුව දෙවියන්ගේ අත් වැරැද්දක් නෙමෙයි. ඒගොල්ලෝ තමයි අපිට දෙවියන් ගැන මතක් කරලා දෙන සුවිශේෂී පුද්ගලයෝ. මේ ලෝකයේ කොච්චර දක්ෂතා තිබෙන ආබාධිත අය ඉන්නවද? කොහොමත් අපේ ජීවිත හරි හතරැස් කියලා හිතෙනකොට අපිට දෙවියෝ/ආගම් මතක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

දොන් සේතං Saturday, 23 November 2013 09:14 PM

මගේ මායියා දවසක් තමුසෙට නම් හදවතක් නෑ ඕයා කියලා කිව්වා. නමුත් මේ මම යස අගේට ඉන්නේ.(නදී)

:       0       0

වර්නන් Saturday, 23 November 2013 09:26 PM

මගෙත් ආයූ ලැබ ඔබ දිගු කල් ජීවත් වේවා! (නදී)

:       0       0

අජිත් Monday, 25 November 2013 08:23 PM

බුදු සරණයි, දෙවි පිහිටයි චුටි දුවට. (නි)

:       0       0

ශාන්ත Monday, 25 November 2013 05:39 AM

තෙරුවන් සරණයි චූටි දුවේ ඔබට! මොන රටක උපන්නත් , මොන ආගමක් ඇදහුවත් අපි මනුස්සයෝ. ලෝකයේ අනිත් අයට වැඩිය අපේ රටේ අය වෙනස්, (නි)

:       0       0

රූපවතී Saturday, 23 November 2013 09:51 PM

තෙරුවන් සරණින් ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

ශශීමාල් Monday, 25 November 2013 02:33 PM

මගෙත් ආයු ලබා තව බොහෝ කල් ජිවත් වේවා! ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

පාලිත Sunday, 24 November 2013 12:14 AM

බුදු සරණයි....සුවපත් වේවා. (අ)

:       0       0

සෝයා Sunday, 24 November 2013 03:27 AM

මධු,රමේෂ්..මේ දරුවා ජීවත් වෙන්නේ දෙවියන් නිසා නොව දක්ෂ වෛද්‍යවරු හා ආදරණිය මව්පියන් නීසා (අ)

:       0       0

ටිකිරි Sunday, 24 November 2013 04:28 AM

මේ ළමයා මොන රටේද ඉපදිලා ඉන්නේ? (නි)

:       0       0

සොනාලි Monday, 25 November 2013 04:16 PM

දෙවි පිහිටයි පුංචි දරුවාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 162 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 130 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 326 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 56 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 70 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 481 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site