යුක්රේන දේශසීමාවේ රැඳවූ සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේ යැයි රුසියාව පැවැසුවත්, චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු අනුව එවැන්නක් තහවුරු වී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා යළිත් වරක් අනතුරු ඇඟවමින් කියා සිටියේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණය තවමත් වෙනස් කර නැති බවය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතරේ ඊයේ (15) දුරකතන සංවාදයක් ද පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, රුසියන් විදේශ ඇමැතිවරයාට කියා සිටියේ, හමුදා ඉවත් කරගත් බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටය.
රුසියන් හමුදා සොල්දාදුවන්, යුක්රේනය තුන් පැත්තකින් වට කර තිබේ. 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ද පවසා ඇත්තේ රුසියාන් හමුදා ආපසු හැරුණු බවක් තවමත් දකින්න නොලැබෙන බවය.
යුක්රේන දේශසීමාවේ රඳවා සිටි තම හමුදා සොල්දාදුවන්ගෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියාව නිවේදනය කළේ පසුගිය 15 වැනිදාය. ඒ අනුව, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව, ඇමෙරිකාව සහ බටහිර රටවල් අතරේ පැවැති යුද බිය යම්තාක් දුරකට පහව ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
යුක්රේනය, රුසියාවේ අසල්වැසියකු වන අතර, රුසියන් හමුදා සොල්දාදුවෝ ලක්ෂයකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපය තිස්සේ යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටිති.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට රුසියාව කැමැති වීමත් සමඟ හමුදාව ඉවත් කර ගැනීම සිදුවුණැයි විදෙස් මාධ්‍ය පෙරේදා (14) පවසා තිබුණි.
අතීතයේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය යුරෝපා සහ බටහිර රටවලට සමීප වී කටයුතු කරයි.
ඊට අමතරව ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ ද සබඳතා තරකරගෙන ඇත. ‘නේටෝ’ යනු බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට පිහිටුවා ගත් සන්ධානයයි.
‘නේටෝ’ සංවිධානය සමඟ සමීපව කටයුතු කරන යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලයි. රුසියාවේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි. යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට සූදානමින්, රුසියන් හමුදා සොල්දාදුවන් ලක්ෂ ගණනින් යුක්රේන රුසියා දේශසීමාවේ රුඳවීමට රුසියන් ජනාධිපති පුටින් කටයුතු කළේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදා ඉවත් කරගන්නා බවක් පෙනෙන්න නෑ