ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඔහුගේ ‘ලිකුඩ්’ දේශපාලන පක්ෂ සාමාජිකයන් හමුවෙමිනි. තමන් ගාසා තීරයේ යුද පෙරමුණට ගොස් ඊශ්‍රායල හමුදා ප්‍රධානීන් සහ සෙබළුන් හමුවී, ඉදිරි මෙහෙයුම් ගැන සාකච්ඡා කළ බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බවටය.
ඊශ්‍රායල හමුදාව, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. එම අවස්ථාවේදී හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් 240 දෙනකු ප්‍රාණඇපයට ගත්තේය. දින කීපයක සටන් විරාමයක් අතරතුරේ ප්‍රාණ ඇපයේ සිටි 110 දෙනකුට නිදහස ලැබුණු නමුත් තවමත් 100 කට වැඩි පිරිසක් හමාස් ග්‍රහණයේ පසුවෙති.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කලට පහර දෙන්නේ ඉතිරි ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ බලාපාරොත්තුවෙනි. තමන් යළි සටන් විරාමයකට කැමැත්ත දක්වන්නේ සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්නේ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් යැයි හමාස් සංවිධානය අවධාරණය කර තිබේ.
හමාස් ග්‍රහණයේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් පස් දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාවට හමුවී තිබේ. ඒ, හමාස් සටන්කාමීන් සැඟවී පහර දීමට යොදා ගන්නා උමඟක් තුළිනි. හමාස් සංවිධානය පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් මියගියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බවය. එම ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල වැසියන්ගෙන් අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ.
(අල් ජසීරා)
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ
Bamunuarachchi Tuesday, 26 December 2023 05:49 AM
ඉස්ලාමීය ත්‍රස්තයින් අතුගා දමනතුරු සටන නවත්තන්න එපා. ඔවුන් ලෝකයටම menace එකක්. ඒකයි යුරෝපීයයන් ප්‍රසිද්ධියේම පොත පුච්චන්නේ...!