IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


හිලරි ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් චීනයේ නිල සංචාරයක යෙදීමට ආසන්නයේ දී මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයකු ලෙස හඳුන්වන අන්ධ පුද්ගලයෙක් වන චෙන් ගුවාන්චෙන්ග් ෂැන්ඩොංග් ප‍්‍රදේශයේ තම නිවසින් රහසින් පිටත්ව බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගැනීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. පළමුවෙන්ම චෙන් රැකවල්ලා සිටි තම නිවසෙන් අතුරුදන් වූ බව ජනමාධ්‍ය වාර්තාවල සඳහන්වූ අතර ඉන් පසු ඔහු බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගෙන ඇති බව හෙළි විය. චීනයේ මානව අයිතිවාසිකම් තත්ත්වය එක්සත් ජනපදය නිතරම අවධාරණය කරන අතර වෙළෙඳ කටයුතු පවත්වාගෙන යෑමේ දී හෝ වෙනත් ජාත්‍යන්තර සබඳතාවල දී ද වැදගත් සාධකයක් වන්නේ එයයි. ඒ අනුව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා භාණ්ඩාගාර ලේකම් ටිමොති ගිත්නර් වෙළෙඳාම මූල්‍ය කටයුතු (එනම් චීන මුදල් ඒකකයේ අගය ඉහළ දැමීම) හා විදේශ ප‍්‍රතිපත්තිය වැනි කරුණු ගැන සාකච්ඡුා කිරීමට බීජිං වෙත පැමිණෙන විට චෙන් ගුවාන්චෙන්ගේ සිද්ධිය උණුසුම් මාතෘකාවක් වීම කැපී පෙනෙන කාරණයකි. මෙසේ මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සිද්ධිය අවසන් වූයේ හිස් වෙඩිල්ලක් සේය. රාජ්‍ය ලේකම්වරිය බීජිං නගරයේ සිටියදීම රැුකවරණය පතා පැමිණි චෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කෙරිණ. ඒ සමඟම චෙන්ට අවශ්‍ය නම් එක්සත් ජනපදයට යෑමට ඉඩ ලබා දීමට චීන රජය සූදානම් බව ද ප‍්‍රකාශයට පත් කෙරිණ. ඒ සඳහා උපාය මාර්ගය වන්නේ නිව් යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඔහුට අවස්ථාවක් ලබා දීමට එහි විශ්වවිද්‍යාලයක් ඉදිරිපත් වීමය. ඒ අනුව චීන රජය හා එක්සත් ජනපදය අතර හට ගැනීමට ආසන්නව තිබූ බරපතළ රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් විසඳිණි. වැදගත් වන්නේ චීන රජය අනුගමනය කරන එක පවුලකට එක දරුවෙක් ප‍්‍රතිපත්තියට එරෙහි වීම නිසා මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් ලෙස විශ්ව අවධානයට ලක්වූ චෙන් සිද්ධියෙන් සැබැවින්ම කියවෙන්නේ කුමක් ද යන්නයි. මෙම වසරේ අග දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද සටනේ යෙදී සිටින රිපබ්ලිකන් පක්ෂයේ නායක මිට් රොඞ්නි මෙම සිද්ධිය ඇමරිකාවට සිදුවූ අවධානයක් ලෙසින් හැඳින්වුව ද එක්සත් ජනපදය සැබැවින්ම මානව අයිතිවාසිකම් ගැන අවංකවම උනන්දු වන්නේ ද යන්න සැකයට තුඩු දෙන කාරණයකි. සැන්ඩියාගෝහි සිර භාරයේ පසු වන 23 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන ඬේවිඞ් චාන්ග් ද ෂැන්ඩොංග්හි නිවාස අඩස්සියට පත් කර සිටි චෙන් මෙන්ම මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් ලෙස හැඳින්විය හැක. ඔහු දින පහක් ආහාර හෝ වතුර නැතිව අඳුරු කුටියක සිරගත කොට තැබීම නිසා සිය දිවි නසා ගැනීමට උත්සාහ කෙළේය. එක්සත් ජනපදය විසින් ඉරාකයේත්, ඇෆ්ගනිස්ථානයේත් සිදු කරන ලද යුද අපරාධ යැයි හැඳින්විය හැකි සිද්ධීන් විකිලික්ස් පති‍්‍රකා මගින් හෙළි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන ඇති බ‍්‍රැඞ්ලි මැනින්ට සිර කඳවුර තුළ දී සලකා ඇත්තේ කුරිරු අමානුෂික හා අවමන් කටයුතු ආකාරයෙන් බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු සිය වාර්තාවේ සඳහන් කළේය. එක්සත් ජනපදයේ සිර ගෙවල්වල දශ ලක්ෂ 2.3ක ජනතාවක් සිටින අතර ඉන් 80,000ක් ම සිරගත කොට ඇත්තේ හුදකලාවය. එම නිසා එක්සත් ජනපදයත් එහි රාජ්‍ය ලේකම්වරියත් සැබැවින්ම මානව අයිතිවාසිකම් ගැන උනන්දු වන්නේ නම් මේ සිරකරුවන්ගේ තත්ත්වය ගැන ද සොයා බැලිය යුතුය. එහෙත් යථාර්ථය වන්නේ වෙළෙඳ කටයුතු හා ආර්ථික පහසුකම් ඊට වඩා ප‍්‍රමුඛ වීමය. හිලරි ක්ලින්ටන්ගේ චීන සංචාරයේ සැබෑ අරමුණ වන්නේ චීන පාරිභෝගික හා මූල්‍ය වෙළෙඳපොළ ඇමරිකානු සමාගම්වලට විවෘත කරගැනීමය. චීනයේ කොටස් වෙළෙඳපොළ ලෝකයේ දෙවන විශාල වෙළෙඳපොළ වන නිසා කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාත්මක වන ගෝල්ඞ්මන් සැක්ස් ජේපි මෝගන් චේස් වැනි සමාගම්වලට චීන කොටස් වෙළෙඳපොළ ඉතා වැදගත්ය. රාජ්‍ය ලේකම්වරියගේ එක ඉල්ලීමක් වූයේ විදේශීය වෙළෙඳ සමාගම්වලට කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාත්මක වන සමාගම්වල අයිතිය සියයට 49 දක්වා වැඩි කරගැනීමට ඉඩ සැලසිය යුතුය යන්නයි. එවැනි ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන්නේ නම් මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් එතරම් වැදගත් වන්නේ නැත. හිලරි ක්ලින්ටන්ගේ ආසියා සංචාරයේ දෙවැනි නැවතුම වූ බංග්ලාදේශ් ගමනේ අරමුණ වන්නේ ද එක්සත් ජනපද සමාගම්වල ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමය. ඒ සඳහා ආයෝජන හා වෙළෙඳ රාමුවක් පිළිබඳ ගිවිසුමක් අත්සන් කළ අතර ඉන් බංග්ලාදේශයේ ගෑස් කර්මාන්තයේ ආයෝජනය කිරීමට ඇමරිකානු සමාගම්වලට වැඩි අවස්ථාවක් හිමි කරගත හැකිය. දැනටමත් ඇමරිකානු සමාගම් දෙකක් වන චෙච්රොන් හා කොං කෝ පිලිප්ස් බංග්ලාදේශයේ ගෑස් කර්මාන්තයේ ප‍්‍රමුඛයන් බවට පත්ව සිටී. චෙව්රොන් සමාගම දැනට බංග්ලාදේශයේ ගෑස් අවශ්‍යතාවලින් අඩකට වඩා සපයයි. කොං කෝ පිලිප්ස් සමාගම බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ගෑස් නිධි ගවේෂණය කරයි. ඇමරිකානු බලශක්ති සමාගම්වලට බංග්ලාදේශයේ ආයෝජනය කිරීම සඳහා විවෘත කරගැනීමට යොදා ගන්නා වැදගත්ම සාධකය වන්නේ දෙරට අතර පවතින වෙළෙඳාමයි. බංග්ලාදේශය එක්සත් ජනපදයට වාර්ෂිකව ඩොලර් කෝටි 5100ක අපනයනය කරන අතර ඉන් වැඩිම ප‍්‍රමාණයක් නිමි ඇඳුම්ය. අනෙක් අතට බංග්ලාදේශයට එක්සත් ජනපදයෙන් කෙරෙන ආනයන වන්නේ ඩොලර් දශ ලක්ෂ 676 ක් පමණි. එම නිසා බංග්ලාදේශ් ගෑස් කර්මාන්තයේ ආයෝජනය කිරීමට වඩාත් වැඩි අවස්ථා ඉල්ලා සිටීමට එක්සත් ජනපදයට ප‍්‍රබල හේතුවක් ද පවතී. මීට අමතරව අතුරුදන් කිරීම් හා ග‍්‍රාමින් බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ මොහමඞ් යුනුස් ඉන් ඉවත් කිරීම වැනි කරුණු ද ක්ලින්ටන් මහත්මියගේ අවධානයට ලක්වූ බව වාර්තා වේ. එම නිසා මානව අයිතිවාසිකම් ලොව දෙවන විශාල ආර්ථිකය වන චීනය සමඟ ගනුදෙනු කිරීමේ දී මෙන්ම ලොව දුප්පත්ම රටවලින් එකක් වශයෙන් හැඳින්වෙන බංග්ලාදේශය සමඟ ද කටයුතු කිරීමත් එක්සත් ජනපදයට එක සේ වැදගත්ය.

සටහන - මහින්ද හත්තක
හිලරිගේ බංග්ලාදේශ සංචාරයට විරෝධය දක්වන පිරිසක් චීන ජනාධිපති හිලරිගේ චීන සංචාරය හිලරිගේ බංග්ලාදේශ සංචාරය



අදහස් (0)

හිලරි ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය

මන්ජුල Tuesday, 15 May 2012 12:19 PM

අපේ රටට නම් ගෙන්න ගන්න එපා...

:       0       0

අසන්ක Saturday, 12 May 2012 10:59 AM

මානව හිමිකම් රැකීමට නම් සීතල කාමර වසා දැමිය යුතුයි

:       0       0

අසන්ක Saturday, 12 May 2012 11:04 AM

අළුත් චිත්‍රපටයක් හදමුද?

:       0       0

තරිදු Friday, 11 May 2012 05:26 PM

මානව හිමිකම් යනු වෙළද අධිරාජ්‍යයේ අත පල්ලෙන් වැටුණු ඉඳුල් පමණයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 16 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 18 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 17 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2799 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5616 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 182 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site