IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හෙළුවැලි නිරූපිකාවකට මා පිය විරෝධය

පාසලේ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වීමට සිටින ක්රිස්ට් නිකොල් ගුරුවරිය ඊට ප‍්‍රථම ප්ලේබෝයි සගරාවේ නිරූපිකාවක ලෙස පෙනී සිටීම සිසුන්හට  පාඩම් කියා දීමේදී ගැටළු සහගත තත්ත්වයක් මතු කර ඇතැයි ඇමරිකාවේ ඩලාස් හි පාලක සිසුන්ගේ දෙමව්පියෝ පිරිසක් කියති.

ගුරුවරියක ලෙස සේවය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්තීය. උගන්වනුයේ ස්පාඤ්ඤ භාෂාවයි.

නමුත් දෙමව්පියන් කියන්නේ පාසලේ සිසුන් ඔවුන්ගේ ජංගම දුරකථන හා පරිගණක භාවිතා කරමින් ඇය නිරූපිකාවක ලෙස සිටි කාලයේ ඡායාරූප නැරැඹීමට පුරුදුව සිටින බවයි.ඉගෙන ගැනීමට ඔවුන්ගේ අවධානයක් නැති තරම්ම බව දෙමව්පියෝ කියති.

මේ පිළිඹඳව ඉහළ අධ්‍යාපන බළධාරීන්ද දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ අදහස වන්නේත් මෙය වහා සළකා බැලිය යුතු කාරණයක් බවයි.නීති විරෝධී හෝ විනය විරෝධී සිදුවීමක් මෙතෙක් වාර්තා වී නැතත් ගුරුවරයකු ලෙස තෝරා ගන්නා තැනැත්තෙකු හෝ තැනැත්තියක යහපත් සමාජයට ආදර්ශවත් චරිතයකින් යුක්ත පුද්ගලයෙකු විය යුතුයැයි ඔවුන් පවසයි.එසේ වුවත් ක්රිස්ටිගේ අරමුණු යහපත් බව පෙනෙන හෙයින්  මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී තීරණයක් ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන බලධරයෝ කියති.



අදහස් (0)

හෙළුවැලි නිරූපිකාවකට මා පිය විරෝධය

සෑම් Friday, 11 October 2013 03:38 AM

අපේ රටේ සමහර අය පාර්ලිමේන්තුවෙත් ඉන්නේ...? (නි)

:       0       0

බමුණු Thursday, 10 October 2013 05:58 PM

කමල්ට තරහා යන්නේ නැද්ද තනියම බලන්න තිබෙන දේවල් හැම කෙනෙකුටම පෙන්නනකොට? (නි)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 01:29 PM

බුදු අම්මෝ! කමල්ට තරහා ගිහිල්ලා තිබෙන තරම! (නි)

:       0       0

ගොබිලා Friday, 11 October 2013 05:55 AM

රංග යනු උගතා ට අවමන් කරන 'මෝඩ චූන්' වැනි වචන වලින් කථා කළ විට තමා ලොකු 'පොරක්' යයි සිතන මන්ද බුද්ධිකයකි (අ)

:       0       0

රංග Thursday, 10 October 2013 01:49 PM

කමල්ලට හරි චූන් ..නලින්ද සිල්වාගේ වචන් කටපාඩම් කරගෙන ගිරව් වගෙ ඔහේ කියවනවා ..මෙතන ප්‍රශ්න සභ්‍යත්වය ගැන නෙවෙයි ලමයි ඉගෙන ගැනීමට අවධානය යොමු නොකරන හේතුවක් ගැනයි .(දිල්)

:       0       0

මධුර Thursday, 10 October 2013 02:15 PM

බටහිර කිව්වම ඔක්කොම එකයි කියල හිතන් ඉන්න අයට මේව පුදුම දේවල් වුනාට ප්‍රංශයෙ හෝ ඉතාලි සංස්කෘතිය අභිබවා ඇමරිකානු සංස්කෘතිය ඉදිරියට එද්දි වෙච්ච දේවල් තමයි මේ (දිල්)

:       0       0

කමල් Thursday, 10 October 2013 02:17 PM

රංගට මානසික ආබාධයක්ද? මාගේ නිදහස් අදහස් සමග නලින්ද සිල්වා කෙනෙක් පටලවන්න හදන්නේ? ළමුන් ඉගෙනුමට අවධානය යොමු නොකිරීම හේතුවෙන් විනාශ වන්නේ අධ්‍යාපනයද? ළමුන්ගේ සභ්‍යවත්වයද? ලැජ්ජ බය නැති කමද? දෙමාව්පියන් උත්සාහ දරන්නේ හොදට හැදුණු පිරිසිදු මනසක් සහති ළමයින් හදාගන්න බව මතක තබා ගන්න(දිල්)

:       0       0

බමුණු Friday, 11 October 2013 08:25 AM

[බල්ලෝ බළල්ලු විදියට හැසිරෙන්න එපා කියලා ඉගෙනගන්න එක තමා හොදම අධ්‍යාපනය] කතාව ඇත්ත. නමුත් කව්ද ඔය හරි වැරැද්ද කියලා දෙන්නේ? රටේ ලොකු ලොක්කෝ පහත් වැඩ ප්‍රසිද්ධියේ කරනකොට රටක් හදන්න පුලුවන්ද? (නි)

:       0       0

චමත් Thursday, 10 October 2013 07:22 PM

අනේ අපේ කට්ටියගේ සභ්‍යත්වය හා සංස්කෘතිය බලාගන්න පුළුවන් පොඩි අඩියක් ගහලා පාරේ යනකොට. (නි)

:       0       0

බමුණු Thursday, 10 October 2013 07:37 PM

අපි හැමෝම කෑගැහුවත් වැඩක් නැහැ (නි)

:       0       0

සමන් ප්‍රියන්ත Thursday, 10 October 2013 03:11 PM

ප්‍රශ්නය තියෙන්නේ ගුරුවරියගේ නොව ළමයින්ගේය. නමුත් වන්දි ගෙවීමට නියමිත වන්නේ ගුරුවරියටය. (ත)

:       0       0

කමල් Thursday, 10 October 2013 08:02 PM

බමුණු දැනගන්න, තනියම දකින්න, තනියම විදින්න අවශ්‍ය දේවල් අපේ සංස්කෘතියේ උගන්වලා තිබෙනවා. තනියම විදින විට අනිත් අයට සන්නිවේදනය කරන ක්‍රමත්, අංගචලනය තුලින් සන්නිවේදනය කරන්න අපේ අය දන්නවා. විවිධ රටවල සංස්කෘති වලත් තිබෙනවා හොද ගුණාංග. බල්ලෝ බළල්ලු විදියට හැසිරෙන්න එපා කියලා ඉගෙනගන්න එක තමා හොදම අධ්‍යාපනය (නි)

:       0       0

කසුන් Thursday, 10 October 2013 03:23 PM

කමල් , ඔබ හරි. මමත් ඔබේ අදහස සමග එකගයි (නි)

:       0       0

වසන්ති Thursday, 10 October 2013 03:34 PM

මමත් මෙයාට ගොඩක් කැමතියි (නි)

:       0       0

සනුල් Thursday, 10 October 2013 03:46 PM

රංග කියන්නෙ කිසිම බුද්ධියක් නැති පුද්ගලයෙක්. නලින් ද සිල්වා මහතාගේ බටහිර රටවල් පිළිබද ආකල්පය සහ කමල් මහාතාගේ බටහිර රටවල් ගැන ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ආකල්ප දෙකම හරි හැටි තේරුම් ගන්න තරම් රංගට හරි හැකියාවක් නැ. (නදී)

:       0       0

ඩායස් Thursday, 10 October 2013 09:18 PM

ඔය කෑ ගහන හැමෝගෙම ළමා ලපටි ඉන්නේ ඇමෙරිකාවේ. නලින්ද සිල්වා මහත්තයත් නැද්ද මන් අහන්නේ ? (අ)

:       0       0

කමල් Thursday, 10 October 2013 04:20 PM

කසුන් සහ සනුල් ඔබ දෙදෙනාට තුති, අපටත් අපේ රට ගැන, භාෂාව, සංස්කෘතිය, අපේ පැරැන්නන් කල දේවල් ගැන ආඩම්බරයක් තියනාවා ඒ වාගේම අනෙක් රටවල මිනිසුන්ටත් තම රට ගැන, භාෂාව, සංස්කෘතිය ගැන එහෙම දැනෙනවා එය බටහිරද, පෙරදිගද, මැද පෙරදිගද අදාල නැහැ. ගරු කල යුතුයි. හොද මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද හැම රටකම සිටිනවා.(දිල්)

:       0       0

සමන්ත Friday, 11 October 2013 12:57 AM

මටත් ස්පාන්ඤ ඉගෙන ගන්න ඕනේ (අ)

:       0       0

දිලූ Thursday, 10 October 2013 04:58 PM

අන්තිමට හැමදේම නැතිකරගන්න (නි)

:       0       0

කමල් Thursday, 10 October 2013 12:50 PM

ලංකාවේ බටහිර අනුකාරක ලෝක මැඩියන් හිතන් ඉන්න මේවා පොෂ් වැඩ කියලා, මේ වාගේ දේකට විරුද්ධ වුනොත් කියන්නේ අපේ අය ලිං මැඩියෝ කියලා. පේනවාද බටහිර සභ්‍යත්වය සහ සංස්කෘතිය හා පිලිවෙත් රැකගැනීම සදහා ගොඩ දෙනෙක් පෙනී සිටින බව(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 149 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 282 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 67 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site