IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හිස්බුල්ලා නායකත්වයට තවම කවුරුවත් නැහැ

ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත් සුදුස්සකු පත් කර නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නසරැල්ලා ඝාතනයෙන් පසු, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුස්සා ලෙස සැලකෙන්නේ, හෂීම් සැෆිඩීන්ය. මොහු හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. ඊට අමතරව, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන්නේ ද සැෆිඩීන්ය.

හෂීම් සැෆිඩීන්, ඝාතනයට ලක් වූ නසරැල්ලාගේ ඥාති සොහොයුරාය. කෙසේ නමුත් පසුගිය සිකුරාදා (4) දිනයේ සිට හෂීම් සැෆිඩීන් අතුරුදන් බවත්, හිස්බුල්ලා සංවිධානය පවා ඔහු සිටින්නේ කොහෙදැයි නොදන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සිකුරාදා (4) ඊශ්‍රායල හමුදාව, බේරූට් නගරයේ, දාහියේ පළාතට ගුවන් ප්‍රහාර එල්ල කළේය. 
ඇතැම් බටහිර මාධ්‍ය පවසා ඇත්තේ ඊශ්‍රායලය, ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව, හෂීම් සැෆිඩීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්න ඇති බවත්, ඔහු ද ගුවන් ප්‍රහාරවලින් මියයන්නට ඇති බවත්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හිස්බුල්ලා නායකත්වයට තවම කවුරුවත් නැහැ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් තව දුරටත් තර්ජනයක් නැහැ
2024 ඔක්තෝබර් මස 06 77 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.


හිස්බුල්ලා නායකත්වයට තවම කවුරුවත් නැහැ
2024 ඔක්තෝබර් මස 06 43 0

ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත


හර්යානා ප්‍රාන්තයේ බලය විපක්ෂයට
2024 ඔක්තෝබර් මස 06 32 0

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර වසර 10 කට පසු, හර්යානා ප්‍රාන්තයේ බලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා


චේගෝස් දූපත් අයිතිය මුරුසි දූපත්වලට පැවැරේ
2024 ඔක්තෝබර් මස 04 359 0

ඉන්දීය සාගරයේ පිහිටි චේගෝස් දූපතවල අයිතිය, මුරුසි දූපත්වලට පැවැරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 2927 1

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 3836 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site