ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.
එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
(ඒ.එෆ්.පී.)
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
Asela Thursday, 19 September 2024 05:55 AM
මේ සැරේ නම් හිස්බුල්ල කාරයොන්ට තුන්බිය දැනිල ඇත්තේ , දැන් තුවක්කුවක් වත් අල්ලන් බය ඇති
බකල ජයා Thursday, 19 September 2024 07:36 AM
ඔක්තෝබර් 07, කන්ඩ පුළුවන් තරමට බෙදාගත්තනම් මේ නිව්ස් නොකියව ඉන්න තිබුන.
සෙනෙවිරත්න Thursday, 19 September 2024 08:51 AM
මෙන්න තාක්ෂණය , අපේ සමහර අය නොමිනේශන් දෙන්නත් සුභ දිශාව බලනව.
NimalThursday, 19 September 2024 12:07 PM
ඔය කියන්නේ ,පොඩි ළමයි මරණ තාක්ෂනයද ?
චන්දිම Thursday, 19 September 2024 11:48 AM
ඇතුලේ තියෙන ලිතියම් බැටරියනේ ඔය පුපුරවන්නේ. ඒ හින්දා ඉස්සරහට ඔය බැටරි දාන ජංගම දුරකථන පාවිච්චියත් මහා ප්‍රශ්නයක් වේවි.
බෝම්බ ධර්මේThursday, 19 September 2024 04:01 PM
බෝම්බ විශේෂඥයො කියන්නෙ නම් මේ උපකරණ ඒ සංවිධානෙට හම්බවෙන්න කලින්, මිලිටරි ග්‍රේඩ් පිපිරුම් ද්‍රව්‍ය 20g විතර දාල, කෙටි පණිවිඩයකින් ක්‍රියාත්මක වෙන්න හදල තියෙනව කියල. ඔන්න මං එහෙම කිවිවයි කියල කියන්න එපා.
Insith Mahinsa Rajapakse Thursday, 19 September 2024 12:16 PM
වෝකි ටෝකි නෙමෙයි. පේජර් සම්පුර්ණයෙන් වෙනස් උපකරනයක්.