IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ළමෝ ලක්ෂයක් සිරියා යුද්දෙට බිලි

මාස 30 ක් පුරා දිවෙන සිරියාවේ සිවිල් යුද්ධය නිසා  මේ වන විට ළමයින් 11000 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇතැයි නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිවී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් පර්යේෂණායතනය සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ළමුන්ගෙන් බහුතරය මියගොස් ඇත්තේ යුද වැදී සිටින දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු වලට මැදිවය.

ළමයාට  දී ඝාතනය කරනු ලැබ ඇති අවස්ථාද බොහෝ වන බව පර්යේෂණ වාර්තාවේ දැක්වේ.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 13 සිට 17 දක්වා වන ළමුන් බව සදහන්ය.

ඉලක්කයට වෙඩි තබන්නන් (ස්නයිපර්) ළමුන් ඝාතනය කිරීමට ඉහළින්ම හවුල් වී ඇතැයි වාර්තාවේ සදහන්ය.තමන්ගේ දර්ශන පථයට දරුවෙකු වේ නම් ඔහුව හෝ ඇයව ක්ෂණිකයෙන් වෙඩි තබා මරා දමන්නට තරම් මෙම පුද්ගලයින් සැහැසි වී ඇතැයි කියැවේ.

තවද පසුගිය සමයේ වාර්තා වූ රසායනික අවි ප්‍රහාරයට ලක්වද ළමුන් 128 දෙනෙකු මියගොස් තිබේ.

ජනපති අසාඩ්ගේ හමුදාවන් හෝ කැරළිකරුවන් සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනවාට වඩා වැඩි වැඩකොටසක් ලෝක බලවතුන්ට කිරීමට ඇති බව සිරියාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.

 



අදහස් (0)

ළමෝ ලක්ෂයක් සිරියා යුද්දෙට බිලි

ලාල් Tuesday, 26 November 2013 09:38 PM

අල්ලාහ් ගේ කැමැත්ත (ස)

:       0       0

ඉන්දික Monday, 25 November 2013 05:26 PM

කැමරන්ට ඕවා පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

දුලී Wednesday, 27 November 2013 11:27 PM

කෝ අර කැමරන් දැන්? (නි)

:       0       0

මධූ Tuesday, 26 November 2013 10:17 PM

වැදගත් පුවතක් ! (නි)

:       0       0

අබ්දුල් Monday, 25 November 2013 11:59 AM

කෝ දැන් මානව හිමිකම් කවුන්සලය? මොකද දැන් ඩේවිඩ් කැමරන් මේ ගැන කතා නැත්තේ? (නි)

:       0       0

ඉන්දු Tuesday, 26 November 2013 03:31 PM

කාගේ වුණත් කොහේ වුණත් අසරණ ළමයි පවු.. (නි)

:       0       0

ඇරැක් Monday, 25 November 2013 12:20 PM

ඔන්න ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ කට්ටියගේ වැඩ. මෙන්න තියනවා නම් යුධ අධිකරණ, යුධ අපරාධ .... (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 27 November 2013 10:25 AM

තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැහැ අනුන්ගේ ඇස්වල තියෙන ඉදිකට්ට පේනවා.(නදී)

:       0       0

සෆීන් Tuesday, 26 November 2013 05:17 PM

මේවා අල්ලාහ්ගේ කැමැත්ත වන්නේ කොහොමද? මිනිසා මිනිසාට අපරාධ කරගන්නා විට දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ කොහොමද? අල්කුරානයෙහි ඉතා පැහැදිලිවම සඳහන් වන කරුණ නම් "ඔබ ඔබව හදා ගන්නා තෙක් අපෙන් (අල්ලාහ්ගෙන්) උදව් බලාපොරොතු නොවන්න" යන්නයි. ඒ නිසා අපි අපව වෙනස් කළ යුතුව ඇත්තෙමු. අපි වෙනස් නොවී අල්ලාහ් අපව වෙනස් කරන්නේ නැත. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 12:59 PM

මේ තිරිසනුන්ට නම් හොඳක් සිදු වන්නේ නැහැ. අහිංසක දරුවන් මරන්න තරම් නරුමයින්ද මොවුන්? (නි)

:       0       0

සුලෝචන පෙරේරා Monday, 25 November 2013 01:12 PM

මේවා තමයි නියම යුධ අපරාධ (නි)

:       0       0

පාලිත Wednesday, 27 November 2013 02:15 AM

ආයුද නිපදවන ලෝක බලවතුන් ගේ කැමැත්ත. අපේ ආයුද නැතිනම් ලෝකය සාමකාමියි. අපි බඩ ගින්නේ. ඒ නිසා නේ මේ යුද්ද හදන්නේ...(අ)

:       0       0

ඩේවිඩ් වූඩ් Tuesday, 26 November 2013 09:52 AM

මේක අල්ලාහ්ගේ කැමැත්ත.(නදී)

:       0       0

ලසා Wednesday, 27 November 2013 03:27 AM

මේ වන විට ලෝකයේ බොහෝ යුද ගැටුම් තිබෙන්නේ ඉස්ලාමීය රට වල හෝ මුස්ලිම් ජාතිකයන් සිටින රටවලය. කුඩා ළමුන් සාහසික ලෙස ඝාතනය කරන්න මෙතරම් තිරිසන් වීමට හැකිද? (නි)

:       0       0

හසරැල් Thursday, 28 November 2013 09:42 AM

ධර්මය කියන දේ සහ ධර්මය අනුගමනය කරනවා කියලා කියාගන්න අය කරන දේවල් දෙකක් කියලා මේකෙන් තේරෙනවා. ඉස්ලාම් ධර්මයට අනුව සිරියාවේ මේ වෙන දේවල් කොහෙත්ම වැරදී. සමහර යුද්ධ තියෙන ඉස්ලාමීය රටවල් වල යුධ නායකයෝ ඉස්ලාමීය යුධ නීතිය අහලවත් නැති විදිහට යුද්ධ කරලා ජනතාවට ඉස්ලාම් ගැන වැරදී අදහසක් දෙනවා. ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්නේ ආගමේ වැරද්දක් හින්ද නෙමෙයි, ඒ ආගමට මුවා වෙලා ඉන්න පාලකයන්ගේ වැරදි වැඩ. ඒක නිසා මෙතන ඒ ආගමට බොරුවට දොස් කියන එක වැරදියි. (ස)

:       0       0

ජනනි Monday, 25 November 2013 10:39 PM

කතු තුමෙනි සමාවෙන්න! මෙතන සඳහන් වෙලා තියෙන්නේ 11,000 කියලා. එය 100000 විය යුතුයි නේද? (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 26 November 2013 11:05 AM

මේකට වගකිවයුත්තේ රුසියාව සහ චීනය බවයි මගේ නම් හැගීම වන්නේ (නි)

:       0       0

රොෂාන් Monday, 25 November 2013 03:49 PM

මේකට ඇමරිකාවවත් එංගලන්තයවත් වගකිවයුතු නැතිබවයි මම නම් කියන්නේ (නි)

:       0       0

ගුණරත්න Monday, 25 November 2013 04:19 PM

මේ තිරිසන් මිනිස්සු මියයන මොහොතේ හෝ මෙම අපරාධ වලට විදවනවා ඒකාන්තයි. (නි)

:       0       0

ලාල් නුවර Tuesday, 26 November 2013 02:21 AM

ඩයස් පෝරාව ගෙවනවා වගේ කවුරු හරි ගෙවනවා නම් කතා කරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 184 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 141 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 363 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 58 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 74 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 485 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site