උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට ෆින්ලන්තයට අනුමැතිය ලබා දීමට තුර්කි පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
ෆින්ලන්තයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දිය යුතු ද නැද්ද යන්න තුර්කි පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසුමේ දී මැති ඇමැතිවරුන් සියලු දෙනා ඒකමතිකව ඊට කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. තුර්කිය ද ‘නේටෝ’ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. තුර්කි රජයට එරෙහිව කටයුතු කර නිසා ෆින්ලන්තයට ගොස් ජීවත් වන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු බොහෝ දෙනෙක් වෙති. ඊට අමතරව තුර්කිය විසින් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කළ බොහෝ දෙනෙක් ද ෆින්ලන්තයේ ජීවත් වෙති.
එහෙයින්, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමට නම්, තුර්කියේ අනුමැතිය ෆින්ලන්තයට අවශ්‍ය වී තිබුණි.
ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය තමන්ට විශාල තර්ජනවයක් බව ෆින්ලන්තය පවසා ඇත. ෆින්ලන්තය රුසියාවට ද මායිම්ව පිහිටා ඇත.
(රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෆින්ලන්තයට තුරිකියේ අනුමැතිය