චීනයට පැමිණෙන තායිවාන සංචාරකයින්ට ඡායාරූප ගැනීමේදී පරිස්සම් වන ලෙසත්, උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් චීන බලධාරීන් දැනුම් දී ඇත.
එම ඡායාරූපවලදී පෙනී සිටින ඉරියව් සහ තායිවාන වැසියන් දරණ විවිධ තනතුරු චීන බලධාරීන්ගේ උදහසට ලක් විය හැකි බවත්, ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතු විය හැකි බවත් පැවැසෙයි.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති Straits Exchange Foundation යනු සිවිල් සහ ව්‍යාපාරික කටයුතු හැසිරවීම සඳහා තායිවාන රජය විසින් පිහිටුවන ලද අර්ධ නිල සංවිධානයක් මගිනි.
එහි මහලේකම් සඳහන් කරන ආකාරයට ඉකුත් ජූලි මාසයේ සිට චීනයේ මහජන ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂක නිලධාරීන්ට ඕනෑම කෙනෙකුගේ දුරකථන හෝ ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කිරීමට හෝ රාජසන්තක කිරීමට හැකි බව පැවැසෙයි.
(තායිපේ ටයිම්ස්)
ෆොටෝ ගන්න උපදෙස් මාලාවක්