IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


2012 න් ගෙන ආ අර්බුද 2013 ටත්

2012 වසර ගෙවී යන්නේ අප ජන සමාජය මිථ්‍යා විශ්වාස හා අන්ධභක්තීන් කෙතරම් ග‍්‍රහණය කර ගෙන ඇත්ද යන්න පැහැදිලි කරමිනි. මායා කැලැන්ඩරය 2012-12-12 දින අවසන් වන නිසා එදින ලෝක විනාශය සිදු වන්නේය යන මිථ්‍යා මතය ලොව පුරාම ප‍්‍රබලව පැතිර ගොස් තිබිණ. ඇත්තෙන්ම එවැනි විනාශයක් සිදු නොවූ නමුත් බොහෝ දෙනාගේ මුල් බැස ගත් මිථ්‍යා විශ්වාස නැති වන්නේ නැත. එය ලොව විවිධ ප‍්‍රදේශවල ආගම් මුල්කරගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින්ද තහවුරු විය. ආගම හා වාර්ගිකත්වය බොහෝ රටවල දේශපාලනයේ තීරණාත්මක සාධකය වූ නිසා පසුගිය වසර කීපය තුළ මෙන්ම මෙම වසරේද දේශපාලන ප‍්‍රචණ්ඩත්වයම ඉස්මතු විය. එය අරාබි රටවල මෙන්ම උප සහරා කලාපයේද දක්නට ලැබුණු ප‍්‍රවණතාවයකි. ඊට අමතරව මෑතකදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට අවතීර්ණ වෙමින් පවතින මියන්මාරයේ දක්නට ලැබුණේ රකීන් ප‍්‍රදේශයේ රොහින්ගියා නමින් හැඳින්වෙන මුස්ලිම් ආගමිකයන් හා බෞද්ධයන් අතර හටගත් ගැටුම් තුළිනි. නැගෙනහිර ආසියාවේ චීන මුහුද නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ මනුෂ්‍ය වාසයට නුසුදුසු එහෙත් ඛනිජ තෙල් සම්පත්වලින් පොහොසත් යැයි සැළකෙන ස්ප‍්‍රැට්ලි දුපත්වල අයිතිය පිළිබඳව චීනය හා වියට්නාමය, පිලිපීනය යන රටවල් අතර හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වයද කැපී පෙනෙන ප‍්‍රවණතාවයකි.

ඇත්තෙන්ම ස්ප‍්‍රැට්ලි හා චීන බසින් සියාඩියු සහ ජපන් බසින් සෙන්කකු නමින් හැඳින්වෙන කුඩා දුපත්වල අයිතිය පිළිබඳව උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය ඉදිරි වසරේ නැගෙනහිර ආසියානු කලාපයේ දේශපාලන හා ආර්ථික වශයෙන් තීරණාත්මක වන බව පැහැදිලිය. පසුගියදා පැවති ජපන් මහා මැතිවරණයෙන් ජයගත් ලිබරල් ඩිමෝක‍්‍රටික් පක්ෂයේ නායක ෂින්සෝ අබේ මෙම දුපත්වල අයිතිය පිළිබඳව වඩාත් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම්ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරක්ෂාව සඳහා පමණක් පවත්වාගත් හමුදාවේ

ඉන්දියානු අගමැති මන් මෝහන් සිං
ජපානයේ නව අගමැති ෂින්සෝ අබේ
දකුණු කොරියාවේ නව ජනාධිපතිනිය පාක් හියුන්ගී

ප‍්‍රහාරාත්මක හැකියාව වර්ධනය කිරීමට ඔහු සූදානම්ය. මෙය එක්සත් ජනපදය පැසිපික් කලාපයේ තම යුද ශක්තිය වර්ධනය කිරීමට ගත් තීරණයට ගැලපෙන නිසා නැගෙනහිර ආසියාවේ යුද අවදානම කවදටත් වඩා ඉහළ යෑමට බෙහෙවින් ඉඩකඩ පවතී. චීනය ඩියා ඕයූ, දුපත්වල තම අයිතිය තහවුරු කිරීමට ගන්නා උත්සාහය ජපානය තම භූමිය අත්කර ගැනීමක් ලෙස සළකන නිසා එක්සත් ජනපදය ජපානයේ සහායට ඉදිරිපත්වන බව දෙරට අතර අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම පදනම් කරගෙන ප‍්‍රකාශ කරයි. චීනයද තම ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් නැත.

නැගෙනහිර ආසියානු කලාපයේ බලවත්ම රටවල් දෙක අතර දිග හැරෙන ආරවුල කලාපයේ සෙසු රටවලට බලපාන්නේ කෙසේද යන්න ඉදිරි වසරේ උණුසුම් මාතෘකාවක් වන බව නිසැකය. චීනය, ජපානය, දකුණු කොරියාව හා ආසියාන් හවුලේ ප‍්‍රධානම වෙළෙඳ හවුල්කරුවා වන නිසා මෙම දුපත්වල අයිතිය පිළිබඳව හට ගන්නා ගැටුම්කාරී තත්්ත්වය වසර ගණනාවක් තිස්සේ බලපාන ආර්ථික අවපාතයෙන් ගොඩඒමට ගනු ලබන උත්සාහයටද දැඩි සේ බලපායි. චීනය තුළ උත්සන්න වෙන ජපන් විරෝධය නිසා චීනයේ අලෙවි වන ජපන් නිෂ්පාදන සීඝ‍්‍රයෙන් පහත වැටිණ. කෙටි කාලයකදී ජපානයට සිය ආයෝජන හා අපනයන සඳහා විකල්ප ප‍්‍රදේශ සොයා ගැනීමට අපහසුවන හෙයින් දශකයකට අධික කාලයක් තිස්සේ පසුබෑමට ලක්ව ඇති ජපන් ආර්ථිකය ගොඩගැනීම නව අගමැති ෂින්සො අබේට බරපතළ අභියෝගයකි. ආර්ථිකය පණ ගැන්වීමට ඔහු අපොහොසත් වුවහොත් අගමැති තනතුරේ රැඳී සිටිය හැකි කාලය සීමාවන නිසා ජාතිවාදී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඇති පෙළඹීම වඩාත් වැඩිවිය හැකිය. එය කලාපයේ සාමයට හා දේශපාලන ස්ථාවරත්වයට කිසිසේත් සුභවාදී නොවේ.

ගෙවී යන වසරේ කොරියානු අර්ධද්වීපයේ වූ දේශපාලන වෙනස්වීම්ද පවතින උණුසුම්කාරී තත්ත්වය වඩාත් තීව‍්‍ර කරවයි. ජාත්‍යන්තර සම්බාධක හා බටහිර බලවත් රටවල තර්ජන නොසළකා උතුරු කොරියාව රොකට්ටුවක් මගින් චන්ද්‍රිකාවක් කක්ෂ ගතකළ අතර එම රටවල් එය දකින්නේ මහද්වීප හරහා යා හැකි බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් සේය. ගුවන් ගත කළ රොකට්ටුවෙන් මුහුදට වැටුණු පළමු කොටස ගැන පරීක්ෂා කළ දකුණු කොරියානු ආරක්ෂක අංශ එවැනි බැලිස්ටික් මිසයිලයක් යොදා ගන්නා උතුරු කොරියාවට එක්සත් ජනපදයේ පැසිපික් වෙරළ ආශි‍්‍රත ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ඇතැයි ප‍්‍රකාශ කරයි. මේ තත්ත්වය යොදා ගන්නා උතුරු කොරියාවට එක්සත් ජනපදයේ පැසිපික් වෙරළ ආශි‍්‍රත ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ඇතැයි ප‍්‍රකාශ කරයි. මේ තත්ත්වය යොදා ගන්නා උතුරු කොරියාවට එක්සත් ජනපදයේ පැසිපික් වෙරළ ආශි‍්‍රත ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ඇතැයි ප‍්‍රකාශ කරයි. මේ තත්ත්වය යොදා ගන්නා උතුරු කොරියාවට එක්සත් ජනපදයේ පැසිපික් වෙරළ ආශි‍්‍රත ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ඇතැයි ප‍්‍රකාශ කරයි.  මේ තත්ත්වය නිසැකයෙන්ම කොරියානු අර්ධද්වීපය හා නැගෙනහිර ආසියාව සීතල යුද්ධයකට යොමු කිරීමකි. එය පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් වඩාත් දක්ෂිණාංශික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන පාක් ගියුන්හී ජය ගැනීමෙන් තහවුරු වේ. හැටේ දශකයේදී හමුදා කුමන්ත‍්‍රණයකින් බලය පැහැරගත් ඒකාධිපති පාලක පාක් ෂුන් හි ගේ දියණිය වන ඇය කොරියාව එක්සත් කිරීම තම ප‍්‍රමුඛතාවය බව ප‍්‍රකාශ කරන අතර එය සාමකාමී සාකච්ඡා මාර්ගයකින් නොවන්නේ නම් තත්ත්වය යහපත් වන්නේ නැත.

2011 වසරේදී අරාබි වසන්තය නමින් හැඳින්වූ ජනතා නැගිටීම් 2012 වසරේදී වඩාත් ප‍්‍රචණ්ඩ අන්තවාදී ගැටුම් බවට පත්විය. මේ අතරින් කැපී පෙනෙන්නේ වසර දෙකකට ආසන්න කාලයක් ගැටුම් පවතින සිරියාවයි. සිරියාවේ බෂීර් අල් අසාඞ්ගේ පාලනයට එරෙහිව පැන නැගුණු සාමකාමී මහජන උද්ඝෝෂණ ඉක්මණින්ම අන්තවාදීන් මෙහෙයවන ප‍්‍රචණ්ඩ අරගලයක් බවට පත්විය. මෙම ගැටුම් තමන්ට වාසිදායක ලෙස විසඳීමට එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් තීරණය කිරීමෙන් ලිබියාව සම්බන්ධයෙන් ගත් කි‍්‍රයාමාර්ගයට සමාන පිළිවෙතක් අනුගමනය කිරීමට සූදානම් වුවද ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීමෙන් තත්ත්වය වඩාත් සංකීර්ණ විය. ලිබියාවේ මෙන් ගුවන් තහනම් කලාපයක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රංශය හා එක්සත් ජනපදය උත්සාහ කළද රුසියාව හා චීනය තම නිශේධ බලය යොදා එය වැළැක්වූහ. එහෙත් අසාඞ් පාලනයට විරුද්ධ අරාබි රටවලින් කැරලිකරුවන්ට මුදල් අවි ආයුධ හා වෙනත් උපාය මාර්ගික අවශ්‍යතා සැපයීමට එය බාධාවක් වූයේ නැත. කැරැලිකරුවෝ තම පදනම් ප‍්‍රදේශ වශයෙන් තුර්කිය හා ජෝර්දානය යොදා ගනිති. දිග්ගැසෙන සටන් තුළින් අල් කයිඩා හිතවාදී සටන් කණ්ඩායම් පෙරමුණට පැමිණීම එක්සත් ජනපදයේ සැකයට හා විමතියට හේතු වුවද එය වැළැක්වීමට ඇති කි‍්‍රයාමාර්ග සීමා වෙමින් පවතී. ඔවුන්ට ඇති විකල්ප වන්නේ සිරියානු අභ්‍යන්තර ගැටුමට ඍජු මැදිහත්වීමක් හෝ රුසියාව සමඟ ඇති කරගන්නා එකඟතාවයකින් අල් අසාඞ් බලයෙන් ඉවත්කොට වෙනත් නායකත්වයක් පත් කිරීමය. ඍජු මැදිහත්වීමකට මඟක් වන්නේ සිරියාව සතුව ඇතැයි කියන රසායන අවි අන්තවාදී කණ්ඩායම් අතට පත්වීම වැළැක්වීමට ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව දියත් කළ ආකාරයේ හදිසි ප‍්‍රහාරයක් දියත් කිරීමය. එවැනි ප‍්‍රහාරයකට අවශ්‍ය සියලූ කටයුතු සූදානම්ව පවතින නිසා ලබන වසරේ ආරම්භයේදීම එවැන්නක් සිදුවුවහොත් පුදුමයට කරුණක් නොවේ. එය සිරියාවේ හෝ මැද පෙරදිග සාමයට හේතු නොවන බව ලිබියාවේ පවතින අස්ථාවර තත්ත්වයෙන් පැහැදිලිය.

හොස්නි මුබාරක්ගේ ඒකාධිපති පාලනය පෙරළා දැමීමෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහ පාලනයක් පිළිබඳව ඊජිප්තු ජනතාව තුළ පිබිදුණ අපේක්ෂා ගෙවී යන වසරේදී මිලිනව ගිය බවක් දක්නට ලැබිණ. මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන හස්තය වූ නිදහස හා යුක්තිය පක්ෂයේ මුර්සි ජනාධිපති තනතුරට තේරීපත්වීමත් සමඟ ආගමික නොවන පාලනයක් වෙනුවට මුස්ලිම් ෂාරියා නීතිය ප‍්‍රමුඛවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙන්ම විරුද්ධ මත නොඉවසන දේශපාලන සංස්කෘතියක් උදාවීමේ අනතුර තිබිණ. එය සැබෑවක් වූයේ ව්‍යවස්ථාදායක

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාඞ්
අන්නා හසාරේ
පාකිස්තානයේ ගිලානි
සිරියාවේ ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණ

විධායක බලතල මෙන්ම ආඥා මගින් අධිකරණය බලරහිත කළ ජනාධිපති මුර්සි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත්කොට ජනමත විචාරණයක් පැවැත්වීමෙනි. එම ජනමත විචාරණයේදී විපක්ෂය ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සියයට 64ක බහුතරයකින් සම්මත වුවද ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ මුළු ඡන්දදායකයින්ගෙන් සියයට 32ක් වැනි සුළු ප‍්‍රමාණයකිනි. නව ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලින් හමුදාවට විශේෂ බලතල සහ වරප‍්‍රසාද පිරිනමා ඔවුන් දිනා ගත් ජනාධිපති මුර්සිට මුහුණ දීමට ඇති ප‍්‍රබලම අභියෝගය වන්නේ නිදහස හා සාධාරණත්වය ඉල්ලා කයිරෝ නගරයේ හේරිර් චතුරශ‍්‍රයට එකතුවන දහස් ගණන් වූ ජනතාවය. පුදුමයකට මෙන් ජනාධිපති මුර්සිගේ කි‍්‍රයා කලාපයට එක්සත් ජනපදයෙන් විරෝධයක් පළ වූයේ නැත. ඒ මුර්සි ඉදිරියේදී මුබාරක් ගත් ගමන් මඟ තෝරා ගැනීමට ඇති ඉඩකඩ නිසා වන්නට ඇත.

මානව අයිතිවාසිකම් හා අන්තර් ජාතික නීතිය ගැන නිතර උස් හඬින් කතා කරන බටහිර රටවල නිරුවත ගෙවී යන වසරේදී නැවතත් හෙළි වූයේ විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසන්ග් සිද්ධියෙනි. එක්සත් ජනපද රහස් තොරතුරු හෙළි කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයට ගෙන ගොස් නඩු පැවරීමේ අවදානමට ලක්ව සිටින ජුලියන් ඇසන්ජේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළු වී දේශපාලන රැකවරණය පැතුවේය. ඉක්වදෝර් රජයෙන් ඔහුට දේශපාලන රැකවරණය හිමි වුවද ඔහුට ඉක්වදෝරයට යෑමට බි‍්‍රතාන්‍ය රජය ඉඩ දුන්නේ නැත. තානාපති වරප‍්‍රසාද යටතේ හිමිවන ආරක්ෂාව එම ගොඩනැගිල්ලේ සිටින තෙක් පමණක් වන බව පවසන බි‍්‍රතාන්‍ය රජය ඔහු එම ගොඩනැගිල්ලෙන් පිටවුවහොත් අත්අඩංගුවට ගන්නා බව පවසයි. එම නිසා දැනට මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ ජුලියන් ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලය තුළට වී සිටියි. සමහර විට ඔහුට ජීවිතාන්තය දක්වා එසේ සිටීමට සිදුවනු ඇත. එහෙත් පසුගිය මැයි මාසයේදී චීනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ්‍ය ලබාගත් චීනයේ විරුද්ධ මතධාරියකුට එක්සත් ජනපදයට යෑමට බාධාවක් පැමිනුනේ නැත.

1961 දී බෙල්ගේ‍්‍රඞ් නගරයට රැස්වූ තුන්වන ලෝකයේ නායකයන් පිහිටුවා ගත් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 16 වැනි නායක හමුව එක්සත් ජාතීන්ගේ හා එක්සත් ජනපදයේ සම්බාධකවලට ලක්ව ඇති ඉරානයේ අගනුවර පැවැත්වීම ගෙවී යන වසරේ තවත් කැපී පෙනෙන සිද්ධියකි. න්‍යෂ්ටික වැඩ පිළිවෙළ නිසා සම්බාධකවලට ලක්ව සිටින ඉරානයට නොබැඳි ජාතීන්ගේ සහාය පළ කිරීමේ අවස්ථාවක් වූ මෙම නායක සමුළුව අසාර්ථක කිරීමට එක්සත් ජනපදය සහ ඊශ‍්‍රායලය දැඩි උත්සාහයක් ගත් නමුත් එය ව්‍යර්ථ විය. සමුළුවට රාජ්‍ය නායකයන් 36 ක් ඇතුළු රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීම නොබැඳි ජාතීන් පිළිබඳ සංකල්පය තවමත් නොනැසී පවතින බවට සංකේතයකි. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කීමූන්ට සමුළුවට සහභාගි නොවන ලෙස එක්සත් ජනපදය හා ඊශ‍්‍රායලය බලපෑම් කළද ඔහු එම විරෝධතා නොසළකා සමුළුව ඇමතුවේය. එම සමුළුවේදී අසාධාරණ ලෙස ඉරානය මත පනවා ඇති සම්බාධක හා වෙනත් තහංචි ඉවත් කිරීමට නිශ්චිත පියවර ගැනීමට නොහැකි වුවද සමුළුව තෙහෙරාන් නගරයේදී සාර්ථක ලෙස පැවැත්වීම ජනාධිපති අහමඩි නෙජාඞ්ගේ මෙන්ම නොබැඳි ජාතීන්ගේද ජයග‍්‍රහණයකි.

ලොව දෙවන විශාල ආර්ථිකය මෙන්ම නැගී එන බලවතකු වන චීනයේ ජනාධිපති තනතුරට සිජින්පින් පත්වීමද ගෙවී යන වසරේ කැපී පෙනෙන සිද්ධීන්ගෙන් එකකි. මෙම පත්වීම වැදගත් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකයන්ට එරෙහිව දුෂණ හා වංචා චෝදනා එල්ලවී තිබීම නිසාය. දුෂණ හා වංචා පිළිබඳ චෝදනා නිසා කැපී පෙනෙන ප‍්‍රාදේශීය නායකයෙකුව සිටි බෝසිලායි පක්ෂයෙන් ඉවත්කොට නඩු පැවරීමට සූදානම්වේ.

ඔහුගේ බිරිඳ බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් සිර දඬුවමක් විඳියි. එක්සත් ජනපදයේ බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති සේවයෙන් වාර්තා කළ ආකාරයට තනතුරෙන් ඉවත්ව යන අගමැති වෙන්ජියාවෝ සහ ඔහුගේ පවුලේ අයගේ මුළු වත්කම් ප‍්‍රමාණය ඩොලර් දශ ලක්ෂ 376 ඉක්මවයි. සමහර විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සහ රාජ්‍ය පාලන තන්ත‍්‍රයේ ප‍්‍රචලිතව ඇති දුෂණවලින් බිඳක් පමණි. නව ජනාධිපති සිජින්පින් මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ පක්ෂයේ හා පාලනයේ පවතින දුෂණ හා අක‍්‍රමිකතා ඉවත් කොට ජනතාවට සංවේදී පාලනයක් ගොඩනැගීමය. චීනයේ අනාගතය නිශ්චිතවම තීරණය වන්නේ එවැනි පියවරක් මතය.

ගෙවී යන වසර තුළ දකුණු ආසියානු කලාපයද බරපතළ දේශපාලන හැල හැප්පීම්වලට ලක්විය. දකුණු ආසියාවේ විශාලතම මෙන්ම ප‍්‍රබලතම රාජ්‍යය වන ඉන්දියාවේ මන් මෝහන්සිංග් ආණ්ඩුව නැවත වරක් දේශපාලන උරගාබැලීමට ලක් වුවද එයට සාර්ථක ලෙස මුහුණ දුන්නේය. ඉන් වඩාත් තීරණාත්මක සිද්ධිය වන්නේ ලෝක් සභාවේදී සිල්ලර වෙළෙදාම පිළිබඳ ක්ෂේත‍්‍රයට විදේශීය සමාගම්වලට පිවිසීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පැවති ලෝක් සභා විවාදයේදී අගමැති මන්මෝහන්සිංග් සභාගය ජය ගැනීමය. සිල්ලර වෙළෙඳ ක්ෂේත‍්‍රයට විදේශීය බහු ජාතික සමාගම් පිවිසීම ඉන්දියාව තුළ සංවේදී මාතෘකාවක් වූ නිසා අගමැති මන් මෝහන්සිං එම යෝජනාව අවස්ථා කීපයකදීම පසුපසට දැම්මේය. මේ නිසා ඔහු අදක්ෂ පාලකයෙක් යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේය. බටහිර බෙංගාලයේ මහ අමැතිනී මමතා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් තෘණ මුල් කොංග‍්‍රසය සභාග රජයෙන් ඉවත්වීම නිසා මන්මෝහන් සිංග්ට ලෝක් සභාවේ බහුතරය අහිමි විය. එමනිසා සිල්ලර වෙළෙඳ ක්ෂේත‍්‍රයට බහු ජාතික සමාගම්වලට ඉඩ සැලසීමේ යෝජනාවක් ලෝක්් සභාවෙන් සම්මත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවුවද සමාජවාදී පක්ෂය හා බහුජන් සමාජ පක්ෂය හා ඔහුගේ සහායට ඉදිරිපත්වීමෙන් තත්ත්වය වහා වෙනස් කෙරිණ.

එහෙත් ඉන්දියාවේ පවතින සමාජ අසහනය හා ඇති නැති පරතරය සමනය කිරීමට වර්ධනය වෙමින් පවතින ආර්ථික ශක්තියට හැකියාවක් ඇතැයි කිව නොහැක. ඊට හොඳම නිදසුනක් වන්නේ අනා හසාරේ ගේ නායකත්වයෙන් මතුවූ දුෂණ විරෝධී සමාජ ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරයට මීට පෙර වසරේ දක්නට ලැබුණ ආකාරයේ දැවැන්ත ජනතා බලවේගයක් බවට පත්වීමට හෝ මහත් ප‍්‍රසිද්ධියක් ලැබුණු ලෝක් පාල් පනත ලෝක් සභාවෙන් සම්මත කර ගැනීමට බලපෑම් කිරීමට නොහැකි වුවද පාලන තන්ත‍්‍රයේ ඉහළම තැන්වල පවතින අකටයුතු ගැන ජනතා උනන්දුව පහව ගොස් නැත. අනා හසාරේ ගේ දුෂණ විරෝධී ව්‍යාපාරයේ නායකයන් කීප දෙනෙක් ඉන් ඉවත්ව වෙනත් සංවිධාන පිහිටුවා ගැනීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරය දුර්වල වුවද මෙම ව්‍යාධිය ඉවත් කරන තෙක් යහපාලනයක් ගැන සිතිය නොහැකිය. ඊට කදිම නිදසුනක් වන්නේ බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් දුෂණය කිරීමට එරෙහිව මේ දිනවල නව දිල්ලියේ පවත්වන තරුණ උද්ඝෝෂණය පැහැදිලි නායකත්වයක් හෝ ඉල්ලීම් නොමැති මෙම විරෝධතාවලින් හෙළිවන්නේ සමාජ අසහනයයි. එය පැහැදිලිවම අනාගතය ගැන කෙරෙන අනතුරු හැඟවීමකි.

 

ස්ප‍්‍රැට්ලි දුපත්

 

චීනය ජපානයට එරෙහිව විරෝධතා පවත්වමින්...


දකුණු ආසියාවේ දෙවන විශාල රාජ්‍ය වූ පාකිස්ථානය වසර අවසාන වනවිට කලින් පැවති තත්ත්වයටත් වඩා දුර්වලවී අසාර්ථක වීමට ආසන්න වීම කලාපයටම බලපාන තත්ත්වයකි. අධිකරණය හා විධායකය අතර හටගත් ආරවුලක් නිසා අගමැති යුසුෆ් ගිලානිට සිය තනතුර අතහැර යෑමට සිදුවුවද එම අර්බුදය තවම විසඳී නැත. දැන් පවතින්නේ තාවකාලික සටන් විරාමයක් පමණි. පාකිස්තානු අධිකරණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අර්ථ දැක්වීමෙන් විධායකය සහ ව්‍යවස්ථාදායකය පාලනය කිරීමේ ආස්ථානයකට පත්වුවද රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇත්තේම නැති තරම්ය. මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම ගැන දිනපතාම වාගේ අසන්නට ලැබෙන අතර රටේ වානිජ අග නගරය වන කරච්චියේ නීතියේ පාලනය අන්තයටම පිරිහී ගොසිනි. ආගමික අන්තවාදී කණ්ඩායම් අතර ඇති සන්නද්ධ ගැටුම් රට වඩාත් අස්ථාවර කරයි. මෙවැනි පසුබිමක් යටතේ ලබන වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් කුමන පාර්ශ්වයක් ජය ගත්තත් පවතින අර්බුදවලට විසඳුම් ලබාගත හැකිද යන්න සැක සහිතය.

සටහන: මහින්ද හත්තක

 



අදහස් (0)

2012 න් ගෙන ආ අර්බුද 2013 ටත්

නිශා Friday, 28 December 2012 03:25 PM

හොද ලිපියක්. (නි)

:       0       0

ඉන්දික Monday, 31 December 2012 08:43 AM

වැදගත් ලිපියක්. (නි)

:       0       0

උෂාන් Sunday, 30 December 2012 02:42 PM

ඉතා හොද, හරවත්, දුරදක්නා නුවණකින් ලියා ඇති ලිපියකි. (නි)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 07:50 PM

හොද හරවත් වටිනා දුරදැක්මක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 360 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 659 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 119 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 105 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 119 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2816 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site