IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


2025 ඔස්කාර් සිනමා උළෙල

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ඩොල්බි තියටර් හි පැවැති 97 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට බෘටලිස්ට් චිත්‍රපටයේ රඟපෑ ඒඩ්‍රියන් බ්‍රෝඩි සමත් වූ අතර හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයේ රඟපෑ මිකී මැඩිසන් සමත් වූවාය.

ප්‍රහසන ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන කෝනෑන් ඕබ්‍රයන් ප්‍රථම වරට මෙවර ඇකඩමි සම්මාන උළෙල ඉදිරිපත් කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් දිව ගියේය.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය "අ රියල් පේන්" චිත්‍රපටයේ රඟපෑ කිරන් කල්කින් හිමිකරගත් අතර හොඳම සහාය නිළියට හිමි සම්මානය එමිලියා පෙරේස් චිත්‍රපටයේ රඟපෑ සෝයි සැල්ඩානා හිමිකර ගත්තාය. එසේම හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඇනෝරා චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ෂෝන් බේකර් හිමිකර ගත්තේය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ඇතුළුව ඔස්කාර් සම්මාන 5 ක් දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයට හැකියාව ලැබුණේය.ඇනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෂෝන් බේකර් එකම චිත්‍රපටයක් සඳහා එකම වසරේ ඔස්කාර් සම්මාන හතරක් දිනාගත් පළමු පුද්ගලයා බවට පත්වීමෙන් ඉතිහාසගත වීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සිදුවූ විශේෂ සිදුවීමක් විය

ඇනෝරා චිත්‍රපටයට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී මුල් තිර රචනය, හොඳම චිත්‍රපට සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන හිමිව තිබූ අතර එම සම්මාන සියල්ලම ෂෝන් බේකර් විසින් දිනාගනු ලැබුවේය.

මිට පෙර 1953 වසරේදී වෝල්ට් ඩිස්නි සමාගම එකම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මාන හතරක් දිනාගෙන තිබිණි.

එසේම හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගැනීමට ෆ්ලෝ චිත්‍රපටයට හැකියාව ලැබුණේය. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන ඔස්කාර් සම්මානය විකඩ් චිත්‍රපටයටත්, හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර සඳහා වන ඔස්කාර් සම්මානය සබ්ස්ටන්ස් චිත්‍රපටයත්, හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝ අදර් ලෑන්ඩ් චිත්‍රපටයත් හිමිකර ගත්තේය.

(බීබීසී)



අදහස් (0)

2025 ඔස්කාර් සිනමා උළෙල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
2025 මාර්තු මස 03 1866 1

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැ


2025 ඔස්කාර් සිනමා උළෙල
2025 මාර්තු මස 03 805 0

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි.


යුක්රේන ජනපති චාල්ස් රජු හමුවෙලා
2025 මාර්තු මස 03 190 0

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ ද හමුවකන් පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 මාර්තු මස 03 51 0

දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් නොමැතිව තනිවම හුස්ම ගන්නා බවත්


බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයෙන් නව සාම වැඩපිළිවෙළක්
2025 මාර්තු මස 03 116 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් සහ නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති


සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා
2025 මාර්තු මස 02 3841 2

ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20011 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 427 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site