"තීරයක් සහ මාවතක්" (BRI ) ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් වාර්තා වැඩසටහන් මාලාවක් නිර්මාණය වී තිබේ. එය Rising with Pride යනු වෙන් නම් කර තිබේ. එක්තීරයක් එක් මාවතක් සංකල්පය මිනිසුන්, මිනිස්සුන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇති ආකාරයත් එය පුද්ගල ජීවිතයේ අභිවෘද්ධියට ඉවහල් වී ඇති ආකාරය පිළිබඳව ද එම වැඩසටහන් මගින් පෙන්වා දී තිබේ.
මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පකිස්ථානයේ රාවල්පින්ඩි හි කහුටා දිස්ත්‍රික්කය මූලික වී නිර්මාණය වී ඇති අතර එය‘‘ෂෙයික් නොමන් මුනීර්" නැමැති සාප්පු හිමිකරුවෙකු වටා ගොඩනැගෙන සත්‍ය කතාවකි. ඔහු මැලේරියා රෝගයට මුහුණ දුන් ආකාරය මීට පාදක වී තිබේ.
නිතර මැලේරියා රෝගයට ගොදුරු වන මෙම ප්‍රදේශයේ වැසියන් බොහෝ කාලයක් පටන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ දී දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔවුන්ට කිලෝමීටර ගණන් දුර ගෙවමින් යන්නට සිදුව තිබේ. මේ හේතුවෙන් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ අයට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය.
චීන-පකිස්තාන කරොට් ජල විදුලි ව්‍යාපෘතිය, චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ පළමු ජල විදුලි ආයෝජන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක විය. එහි ආරම්භයත් සමග , මැලේරියාව තවදුරටත් ප්‍රදේශවාසීන්ට තර්ජනයක් නොවන තැනට වැඩකටයුතු සිදුවිය. ඒ එම ව්‍යාපෘතිය හරහා නව රෝහල් ඉදිකිරීමට මෙම ව්‍යාපෘතිය දායක වී තිබෙන බැවිනි. මෙම රෝහල ආරම්භ වූ පසුව ද ෂෙයික් මැලේරියා රෝගයට ගොදුරු වුවද, ඔහුට වෙනදා ප්‍රතිකාර ගැනීමට දිගු දුරක් යෑමට සිදු නොවූ බව මෙම වැඩසටහනින් කියැවෙයි.
BRI සම්බන්ධයෙන් විවිධ මත තිබුණද එය තවත් ආකාරයකින් මිනිස් ජීවිත සාර්ථක කර ගැනීමට දායක වන බව පාකිස්ථානයෙන් ඇසෙන මෙම කතාවෙන් කියැවෙයි.
(CGNT ඇසුරිනි.)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
BRI නිසා මැලේරියාවට බය නැති රාවල්පින්ඩි වැසියන්