‘අග්නි 5’ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බලමින් ලොව මිසයිල තාක්ෂණය සතු රාජ්‍යයන් අතරට එක්වීමට ඉන්දියාවට වරම් ලැබූයේ එම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ටේ‍්‍රසී තෝමස් නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පුරුෂාධිපත්‍ය රජයන ඉන්දියාව වැනි රටක කාන්තාවන් පිරිමින් හා සමානව කරට කර සිටීම සතුටුදායක යැයි ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියි. අග්නි 5 මිසයිලය නිර්මාණය කිරීමේ කටයුත්තේදී එහි ප‍්‍රධාන තාක්ෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කළේ ද 48 හැවිරිදි ටේ‍්‍රසී තෝමස්ය. ඉන්දීය මාධ්‍ය ඇය හඳුන්වන්නේ ‘මිසයිල කාන්තාව’ යනුවෙනි. අග්නි 5 මිසයිලයේ සාර්ථකත්වය සමඟ එය නිර්මාණය කළ ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය නව මඟකට යොමු කිරීමට ටේ‍්‍රසී තෝමස්ට හැකිවී ඇති බව ද වාර්තා වේ. දකුණු කේරලයේ රෝමානු කතෝලික පවුලකින් පැවත එන ඇය, තම වෘත්තියෙන් පරිබාහිරව සාමාන්‍ය ගෘහනියක සහ මවකි. මිසයිලය සාර්ථකව අත්හදා බැලූ අවස්ථාවේදී ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පාතිල් කියා සිටියේ ඉන්දීය කාන්තාවන් තම වෘත්තිය තෝරා ගැනීමේදී ටේ‍්‍රසී තෝමස් ආදර්ශයට ගත යුතු බවය. 1988 දී ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයට සම්බන්ධ වූ ටේ‍්‍රසී, ජාතික මිසයිල සංවර්ධන වැඩසටහනේ පියා ලෙස සැලකෙන හිටපු ඉන්දීය ජනපතිවරයකු මෙන්ම විද්‍යාඥයකු ද වන අබ්දුල් කලාම් යටතේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ තැනැත්තියකි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අග්නි 5 මිසයිලය හැදුවේ කේරලයේ කාන්තාවක්
සදුන් Thursday, 26 April 2012 02:47 AM
මම ඇත්තටම ඔබ ගැන ආඩම්බර වෙනවා
සූ Thursday, 26 April 2012 06:32 AM
ඇයි අපි අපේ දෙයක් ගැන කතා නොකරන්නේ
සෑම් Thursday, 26 April 2012 07:17 AM
අපේ රටේ ගෑණු අය නම් කුලල් කා ගන්නවා ඇරෙන්න වෙන කරන දෙයක් නෑ
නිවන්ත Thursday, 26 April 2012 09:48 AM
අනේ, මිසයිල කෙසේ වෙතත් අපිට අපේම කියලා පාපැදියක් වත් හදාගන්න පුළුවන් වුණොත් හොදයි
මර්සි Wednesday, 25 April 2012 11:28 AM
මම ඔබට සුභ පතනවා!!!
ෂිහාන් Wednesday, 25 April 2012 12:16 PM
අනුන්ට සුභ පතලා වැඩක් නෑ මම හිතන විදියට. අපිත් අපේ රට ගැන උනන්දු වෙන්න ඕනි.
රුවන් පතිරණ Wednesday, 25 April 2012 01:05 PM
කොතරම් හොද නිර්මාණයක් වුණත් හොදා ගන්නේ නරකකටනේ... නේද?
දයා Wednesday, 25 April 2012 04:37 PM
මේ මිසයිලේ කෙසේ වෙතත් අනෙක් ජාතිවල මිසයිල අපේ රටේ ගමක් ගමක් පාසාම කොච්චරවත් ඔය ඉන්නේ
ඒඒ Wednesday, 25 April 2012 04:41 PM
මෙහේ මුඩුබිම් වලට එකක් යවන්න බැරිද දන්නේ නෑ
එල්.රවී Wednesday, 25 April 2012 04:49 PM
විනාශකාරී මිසයිල හදන අයට සුභ පතන එක වැරදි දෙයක් හැටියටයි මමනම් දකින්නේ
බීපී Wednesday, 25 April 2012 06:18 PM
අපිත් හරියට මේ වගේ රතිඤ්ඤාවක් වත් හදන්න උත්සාහ කළ යුතුයි නේද?
බී.එම්.ජේ. Wednesday, 25 April 2012 06:33 PM
අපේ රටෙත් ගොඩක් දක්ෂ මිනිස්සු ඉන්නවා..අපි ඒ අයගෙන් වැඩ ගන්න ඕනි
අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:49 PM
අපේ රටෙත් ඔහොම දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒත් ඒ අයගෙන් වැඩ ගන්න දන්නේ නෑ. මෙහෙම දෙයක් මෙහේ හැදුවොත් ඒ මනුස්සයාට මොනවා කරයිද දන්නේ නෑ..
අවංකයා Thursday, 26 April 2012 01:54 AM
මිසයිල හදන අයට සුභ පතන එක මම නම් අනුමත කරන්නේ නෑ