IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ

චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි.

පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කර ගැනීමට පෙත්‍ර ෆියාලා සහ ඔහුට සහාය පළ කරන පක්ෂ සමත් විය. ඒ අනුව, ජනාධිපති මයිලෝස් සෙමාන් රජයක් පිහිටුවන්නැයි ෆියාලා ට ඇරැයුම් කළේය.

77 හැවිරිදි ජනාධිපති මයිලෝස් සෙමාන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය සතියේය. අධික ලෙස මත්පැන්වලට සහ දුම්පානයට ඇබ්බැහි වූවකු ලෙස සෙමාන් ප්‍රකටය. එමෙන්ම ඔහු දියවැඩියා රෝගියකු ද වෙයි. වෛද්‍ය උපදෙස් අනුව, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වුණු සැණින්, මයිලෝස් සෙමාන් රෝහල් ගත කෙරුණි.

මයිලෝස් සෙමාන් පසුගිය දා වෛද්‍ය උපදෙස් අනුව, සෞඛ්‍ය නීතිරීති පිළිපඳිමින්, ආරක්ෂිත ඇදුමින් සැරැසී, වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ රෝද පුටුවෙන් ජනාධිපති මන්දිරයට පැමිණියේ දිවුරුම් දීමේ කටයුතු සඳහාය. විශේෂ වීදුරු කුටියක් ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කර තිබුණි. ඔහු ඒ තුළ සිටි අතර, පෙත්‍ර ෆියාලා මීටර් කීපයක දුරින් සිට දිවුරුම් දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තේය.

(රොයිටර්)



අදහස් (1)

අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ

Hafeel Monday, 29 November 2021 11:14 AM

එහේත් 70 පැනපු ජනාධිපතිලා ඉන්නවනේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චීනයේ පාසලක් ඉදිරියට මෝටර් රථයක් කඩා වදී
2024 නොවැම්බර් මස 19 50 0

චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ


‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ
2024 නොවැම්බර් මස 19 56 0

දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 4964 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 2399 1

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 243 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 124 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27385 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19716 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 390 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site