ඉන්දියාව සිදු කරන ආකාරයට, තමාගේ රජයට ද රුසියාවෙන් වට්ටම් සහිතව බොර තෙල් මිලදී ගැනීමට අවශ්‍ය වුවත්, තම රජයට බලය අහිමි වූ බැවින්, එය සිදු කිරීමට නොහැකි වූ බව, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
තමන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වී, තම රජය කඩා වැටීම හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඉම්රාන් ඛාන් පැහැදිලි කර තිබේ.
ඉම්රාන් ඛාන් මෙසේ පැවැසුවේ, වීඩියෝ පණිවිඩයක් නිකුත කරමිණි. එහි සඳහන් වූයේ ‘අපිටත් අවශ්‍ය වුණා ඉන්දියාව වගේ වට්ටම් සහිතව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට නමුත් ඉදිරිපත් වූ විශ්වාසභංගය හේතුවෙන් අප රජය කඩා වැටීමෙන් එය සිදු කිරීමට නොහැකි වුණා’ යනුවෙනි.
පසුගිය වසර 23 ක කාලය තුළ මොස්කව් හි සංචාරය කළ එකම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වී ඇත.නමුත් ඔහුට එම අවස්ථාවේ පාකිස්තානයට වාසි දායක ගිවිසුමකට එළඹීමට අවස්ථාව නොලැබින. රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වන දිනයේ ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් සිටියේ මොස්කව් නුවර නිල සංචාරයේය.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති ධුරයේ සිටියා නම් රුසියාවෙන් තෙල් ගන්න තිබුණා