රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් පෙරේදා (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි.
විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි.
අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අගමැති පුටින්, ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් ඇතුළු දොළොස් වසරක් පුරා රුසියාව පාලනය කරන එක්සත් රුසියා පක්ෂයේ සිටින්නේ හොරු රැලක් බවත් ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්විය යුතු බවත් පවසමින් විරෝධතාකරුවෝ හඬ නගන්න වූහ.
මීට සතියකට පෙර එනම් ඉකුත් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් සියයට 49.5ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. එහිදී 450ක් වන සමස්ත ආසන ගණනින් ආසන 238ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළත් ඔවුන්ට බහුතර බලය හිමි නොවිණි. එම මැතිවරණය අක‍්‍රමිකතාවලින් පිරුණු එකක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසා ඇත.
මෑතකාලීන රුසියන් ඉතිහාසයේ ප‍්‍රබලතම ජන උද්ඝෝෂණය ලෙස මෙය වාර්තා වේ. විරෝධතා පෙළපාළි මොස්කව් නුවරින් බැහැර පිහිටි සයිබීරියා සහ යූරල් ප‍්‍රදේශවලද පැවැත්වෙන බව රුසියන් මාධ්‍ය පවසයි.
ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්වීමට රජයට බල කරන්නැයි හිලරි ක්ලින්ටන් ද රුසියානු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. මේ නිසා රුසියානු වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව යැයි අගමැති පුටින් ඇමෙරිකා රජයට දොස් පවරා ඇත.
රුසියාවේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් ඇමෙරිකාවේ වාසය කරන රුසියන් ජාතිකයින් ද විදීවලට බැස සිය විරෝධතාවය පළකළහ.
රුසියාවේ ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පුටින්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා