IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අඬ අඬා කන්න ව්‍යංජනයක්

ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය ලබා ගැනීමට හැකි බව පැවසෙන ඉන්දීය අවන්හලක් ගැන ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වේ.

‘‘පාල්‘‘ ලෙස හැදින්වෙන මේ ව්‍යංජනය සෑදීමට ලොව සැර අධිකම මිරිස් වර්ග 8 ක් භාවිතා කරන බව සදහන්ය.ඒවායින් එක් වර්ගයක් වන ‘‘බූට් නාගා ජොලොකියා‘‘ නම් මිරිස් වර්ගය ඉන්දීය හමුදාවන් විසින් කදුළු ගෑස් නිපදවීමට පවා භාවිතා කරන බව පැවැසේ.

ව්‍යංජනය පිළියෙල කිරීමේදී කෝකියන්ට මුහුණු ආවරණ පවා පැළැදීමට සිදුවේ.ඒ ව්‍යංජනය එතරම්ම සැර වන බැවිනි.

මේ ව්‍යංජනය මස්,එළවළු වැනි තවත් ආහාරයක් සමග පිළිගන්වනු ලබයි.මිල සදහන් වන්නේ ඩොලර් 21(රුපියල් ) ලෙසය.

ව්‍යංජනය යොදාගෙන ආහාර අනුභව කළ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුම රෝහල් ගත  කිරීමට පවා සිදුවූ බව අවන්හලේ කළමණාකරු ඩිරාජ් ටිවාරි පවසයි.ඇතැමුන් අඩමින් කෑම ගන්නා බවත් තවත් සමහරු කෑම ගන්නා අතරතුර ක්ලාන්තය දමා වැටෙන බවත් ඔහු කියයි.පෞද්ගලිකව තමාටත් මේ ව්‍යංජනයට අතවත් තැබිය නොහැකි යැයි ඩිරාජ් පවසන්නේ සිනාමුසුවය.

සාර්ථකව ව්‍යංජනය සමග ඔට්ටු වන පාරිභෝගියන්ට නොමිලයේ බීර වීදුරුවක් හා සහතික පත‍්‍රයක් ලබාදෙන බව ඩිරාජ් කියයි.නමුත් මේ දක්වා අභියෝගය ජයගත් කිසිවෙකුත් ගැන වාර්තාවක් නම් නැත.



අදහස් (0)

අඬ අඬා කන්න ව්‍යංජනයක්

රන්ජනී Saturday, 01 June 2013 01:48 PM

ඉන්දියාවේ මිනිස්සුද? මොනවා හරි මෝඩ වැඩක් කරලා රටේ නම්බුව කනවා.(ස)

:       0       0

සමරකෝන් Friday, 31 May 2013 11:15 PM

ජීවිතේ ඇත්තටම කෙටි කර ගන්නවා කියන්නේ මෙන්න මේකට තමයි. (නි)

:       0       0

සනත් Saturday, 01 June 2013 01:49 PM

ලෝකේ වැඩි‍යෙන්ම මිරිස් කන්නේ ශ්‍රී ලංකික සිංහලයන් මම හිතන්නේ ලාංකිකයක්ට පුළුවන් ඕක කන්න.(ස)

:       0       0

කුලතුංග Friday, 31 May 2013 11:26 PM

ඉන්දියාවේ කොහොමත් ඉන්නේ මේ වගේ අය තමා! (නි)

:       0       0

ලාල් සිල්වා Saturday, 01 June 2013 02:30 PM

ඔය කියන අවන්හලෙන් උපාධි සහතික එහෙමත් දෙනවද? (ස)

:       0       0

හර්ෂ Saturday, 01 June 2013 02:35 PM

මේවා චීන්නුන්ට දුන්නොත් නම් මොනවා වෙයිද දන්නේ නැ! (ස)

:       0       0

වරුණ Friday, 31 May 2013 03:54 PM

අඩ අඩ හරි හරි කන්න පුළුවන් එත් පහුවෙනිදා උදේට තමයි කට්ටියට විදවන්න වෙන්න රැ අඩ අඩ කාපුවගේ රගේ... (ස)

:       0       0

දිනේෂ් Saturday, 01 June 2013 12:59 AM

ඉන්දියන්කාරයා මෝඩයා, ඒ වගේම පණ්ඩිතයා. ඒක නිසා එයාලටම තමයි හරියන්නේ. මොකද දැන් මම ඉන්නේ ඒ අයත් එක්ක. (නි)

:       0       0

සරසි Saturday, 01 June 2013 03:00 PM

මෝඩ ඉන්දියන් වැඩ ඕවා තමයි. ඉන්දියන් අය ඉන්න තැන ඉවරයි. සමහර රටවල් වලට ගියාම ලංකාවේ අයවත් ගණන් ගන්නේ නැහැ, ඉන්දියන් කියලා හිතාගෙන. (නි)

:       0       0

ලලිත් Sunday, 02 June 2013 04:24 PM

ඕක මොකද්ද තායිලන්ත මිනිස්සු කන මිරිස් ගුලිවල හැටියට? හැබැයි මටත් නම් බත්කනකොට සැර මිරිස් බැදලා කන්න ඕනෑ. (නි)

:       0       0

විමල් Saturday, 01 June 2013 02:48 AM

අපේ නයි මිරිස් වලිනුත් හදන්න පුළුවන් (නි)

:       0       0

කෙලුම් Sunday, 02 June 2013 08:16 AM

ලෝකේ සැරම මිරිස් තියෙන්නේ ඉන්දයාවේ. නාග මිරිස්.(නදී)

:       0       0

චාල්ස් Friday, 31 May 2013 04:48 PM

ඉන්දියාවේ ඉන්න මෝඩොයෝන්ටම හොදයි මේවා..(ස)

:       0       0

මොහමඩ් Saturday, 01 June 2013 03:37 PM

ලංකාවේ සහ ඉන්දියාවේ ගොඩක් අය කන්නේ අඬ අඩා. කඳුළු හොටු හලාගෙන. මොකද ඇඟට අවශ්‍ය පමණට වඩා හදන කෑම. තව අය සිටිනවා කම්මැලිකම නිසා අඬ අඬ සිනමා බලන. නැගිටලා ආපහු වාඩි වෙනවා කම්මැලිකමට (නි)

:       0       0

අපොන්සු Saturday, 01 June 2013 03:40 PM

අපි නම් මොකක් කෑවත් ලයිට් එකක් දැම්මත් අඬ අඬා තමයි. (නි)

:       0       0

රොෂාන් Saturday, 01 June 2013 03:41 PM

මේක ඉන්දියාවේ අයට නම් කන්න බෑ. මට දුන්නනම් කාල පෙන්නනවා.(ස)

:       0       0

දියුණුගල Friday, 31 May 2013 05:05 PM

බීර වීදුරුවක් නොවෙයි ඇසිඩ් වීදුරුවක් තමයි ගැලපෙන්නේ. සහතිකයත් මරණ සහතිකය වුනා නම් හරි. (ත)

:       0       0

නසාර් Friday, 31 May 2013 05:10 PM

කේලම් කියලා බැනුම් අහන වැඩක්, කවුද හදන්න කිවේ,කවුද කන්න කිවේ, වහ බීලා මැරෙන්න ,කාලේ නාස්ති නොකර. (දී)

:       0       0

සංජු Saturday, 01 June 2013 04:55 PM

ආසියාවේ රටවල් වල මිනිස්සුන්ගේ කෑමවල සැර එක තමා ....කොහොමද සුද්දෙක් කාලා පෙන්නුවොත් අම්මපා කෝටියක් දෙනවා.(ස)

:       0       0

ශානි Saturday, 01 June 2013 05:08 PM

දිනේෂ්, හරියටම හරි. පරිස්සමින් වැඩ කරන්න (නි)

:       0       0

පද්මිනී Saturday, 01 June 2013 05:35 PM

පින්තුර දැක්කමත් කට දැවිල්ලයි වගේ.(නදී)

:       0       0

නිමල් Monday, 03 June 2013 09:40 AM

මම හෝටල් සේවකයෙක්. එක දවසක් ලංකාවේ බත් මාළු අතින් කන්න කියලා මම සුද්දේකට කිවුවා.එයා කෑවා.අන්තිමට කට පමණක් නෙවේ ඇගිලි තුඩුත් දැවිල්ලයි කියලා වතුරේ අත ඔබාන හිටියා.මට කිවුවා එයාලා කටට රසට මිසක් කටට සැරට කන්න යුරෝපේ අය කැමති නැහැ කියා. (නි)

:       0       0

ජීවා Saturday, 01 June 2013 07:06 PM

මේ කෑම සැර උනත් . පොදුවේ ඉන්දියානු කෑම ලංකාවේ කෑම වගේම ගොඩක් රසයි.(නදී)

:       0       0

සාදි Friday, 31 May 2013 07:17 PM

චාල්ස් මහත්තයෝ, ඔබ හරියටම හරි. ජීවත් වෙන්න කන්න මෙච්චර දුකක් මොටද?(නදී)

:       0       0

ගුණපාල Saturday, 01 June 2013 10:50 AM

සුද්දෝ මිරිස් කන්නේ නැහැනේ. හීනී අමු මිරිස් කෑල්ලක් කැවුනත් ඒ ඇත්තොන්ට දාඩිය දානවා. අපිට ගෙනත් දුන්නනම් මඤ්ඤොක්කත් එක්ක ඔය පොල් පොල්කට්ටකින් එකක්ම කාලා පෙන්නන්නම් (නි)

:       0       0

නාලක Saturday, 01 June 2013 08:49 PM

ඉන්දියාවට ඕක මහා දෙයක් වුණාට ලංකාවේ අපිට නම් ලොකු දෙයක් නෙමෙයි. අපි හදන්නම් කෑ ගගහා අඩන්නම (නි)

:       0       0

තිසල් Saturday, 01 June 2013 11:07 AM

ඕක මහා ලොකු මිරිසක් නොවේ.ඉස්සර මට මතකයි සීතල කාලයට මාතලේ පැත්තේ අය,සැර අමු මිරිස් කිලෝ එකක් විතර ගෙනත් දිග අතට යටින් පලනවා.ඉන්පසු ලූනු, සුදුලූනු, කරපිංචා,උම්බලකඩ,ගොරක කැබැල්ලක්,උළුහාල්,කහ, තුනපද ටිකක් දාල වතුර ටිකක් දාලා ලිප තබනවා.මේවා ටිකක් තැම්බෙනකොට පොල් ටිකක් අඹරලා දාලා යන්තමට ඉස්ම ටිකක් තියලා උයනවා.හරිම රසයි.කන ඇතුලෙන් සැර පිටවෙනවා.සීතල කොහේ ගියාද නැතිව යනවා.බොරුනම් හදලා කාලා බලන්න.මතක් වෙනකොටත් කටට කෙල උනනවා. (නි)

:       0       0

ලලිත් Sunday, 02 June 2013 09:43 PM

ඉන්දියන් සරණ හොයන අයට නම් මේවා මසුරන්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 01 June 2013 11:26 AM

ලංකාවේ තරම් ඉන්දියාවේ මිරිස් කන්නේ නැහැ. අපිට ගියානම් ඔය සහතිකේ ගන්න පුළුවන්. (ස)

:       0       0

දම්මික පෙරේරා Sunday, 02 June 2013 01:45 PM

මේවා කන්න පුළුවන්. එහෙත් පසුවදාට අධෝ මාර්ගයට තමා අමාරුව. දෙවියන්ට අම්මට බැන බැන වැසිකිලි යන්නේ.(නදී)

:       0       0

කුමාරසිරි Saturday, 01 June 2013 11:28 AM

දිනේෂ් ,ඔයා හරියටම හරි. (ස)

:       0       0

සදුන් Friday, 31 May 2013 08:56 PM

ඒ රටේ මිනිස්සු...තනිකර නටන්නේ පිස්සු..// (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 31 May 2013 09:47 PM

ඔය " පාල් " ඔට්ටපාල් තමා .. අපේ රටේ නයි මිරිස් ,කොච්චි ව්‍යංජනයක් කෑවා නම් දුම් පිටවෙලා , හොම්බෙන් තමයි යන්න වෙන්නේ !! (නි)

:       0       0

හිල්මි Saturday, 01 June 2013 12:36 PM

මටනම් වැඩිය සැර කන්න බැහැ.ඒත් ලංකාවේ කොල්ලෙක් ඕක කන බව නම් මට විස්වාසයි. (ස)

:       0       0

රුක්මල් Saturday, 01 June 2013 10:21 PM

ගුණපාල තමා නියම කතාව කියලා තියෙන්නේ (නි)

:       0       0

රුක්මල් Saturday, 01 June 2013 10:24 PM

මිරිස් කුඩු කිලෝ 1ක් විතර දැම්මොත් ඇත්තටම ඔය වගේ විකාරයක් කර ගන්න බැරි වෙයිද? මම මේ නිකන් කියන්නේ...ඕකට ඉම්පෝර්ට් කරන්නම ඕනෑද? (නි)

:       0       0

රන්ජිත් Saturday, 01 June 2013 01:13 PM

මේක අපේ ලුණු මිරිස් කාලා නැති ඉන්දියන් මෝඩ රැලට තමයි හරියන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 326 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 113 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 123 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 455 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 860 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site