IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. ට්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම්වරිය (ඇමැති) ලින්ඩා මැක්මැහොන් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක්, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ මාධ්‍යවේදීහු එම අවස්ථාවට එක්  වී සිටියහ.

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමිය යුතුයි යන්න කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන සිහිනයක් විය. තමන් යළි බලයට පත්වුවහොත් වහාම එසේ කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණි.

ජනාධිපති ට්‍රම්ප්, ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (ඩොජ්) නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර තිබේ. එය බාර දී ඇත්තේ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ටය.

‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ ද අධ්‍යාපන අමත්‍යාංශයේ අනව්‍ය වියදම් ගැන ට්‍රම්ප් දැනුවත් කර ඇත. එය ද අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට එක් හේතුවකි.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කළේ, ඇමෙරිකානු අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්, අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් ට්‍රම්ප් චෝදනා නගමිනි.

ඇමෙරිකාවේ අධ්‍යාපනය, යුරෝපයේත් චීනයේත් අධ්‍යාපනයට වඩා පසුගාමී බව පෙන්වා දෙමින් ට්‍රම්ප් අවධාරණය කළේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට තමන් පියවර ගන්නා බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (7)

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:37 AM

ට්‍රම්ප්ගේ මෙම තීරණය, මීලඟට ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නවා ඇත. ඔවුන්ත් ට්‍රම්ප් ගිය අඩි පාරේ යමින්, ඒ රටවලත් අධ්‍යාපන අමාත්‍යාංශ වසා දමනු ඇත!!! ඇමරිකාවේ පාසල් වලට කනකොකා හඬා ඇත

:       3       3

සමිත හිමි Friday, 21 March 2025 06:09 AM

ඔන්න කරනව නං වැඩක් අපේ රටෙත්. සත පහකට වැඩක් නෑ. තව පිරිවෙන් ශාඛාව කියලත් එකක් තියෙනවා. හොර ගුහාවක්.

:       0       10

Sameera Friday, 21 March 2025 06:43 AM

මෙය ලංකාවටත් අදාල වේ! ලංකාවේ ඇති අකාර්යක්ෂම ආයතනය පාසැල වේ! අවුරුදු 13 වැඩකට නැති විශය නිර්දේශයක් හා මොට ඉගැන්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක වේ!

:       2       10

රුවන් Friday, 21 March 2025 06:55 AM

නිදසුන් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති එකම බටහිර දියුණු රට. ජර්මනියේ හිටපු සෞඛ්‍ය ඇමති පුදුම වුනාලු ගිලන් රථයට ඩොලර් 8,000ක බිලක් ආවම. ජර්මනියේ ගිලන්රථ සේවා වගේම සෞඛ්‍ය නොමිලේ.

:       2       3

ගුණරත්න Friday, 21 March 2025 07:38 AM

අපේ රාජ්‍යසේවයට නම් අවුරුදු 100ක් ගියත් හෙනයක් නැතිව තියෙයි. ඒ වෙනකොට මුළු ජනගහනයම රජයේ සේවකයෝ වෙන්නත් බැරි නැහැ.

:       1       8

ඇමෙරිකන් වැසියා Friday, 21 March 2025 10:30 AM

අනේ මන්ද ඇමරිකාවේ අධ්‍යාපනය ඉතාමත් පසුගාමීයිලු . හැබැයි අපේ එවුන් PhD වලට පැනගෙන මෙහෙ එනවා

:       1       6

Kumar Saturday, 22 March 2025 04:26 AM

ඇමෙරිකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක් නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ට්රම්ප්ට කලේ එහි මුදල් ඉවතට ගැනීමයි. එම දෙපාර්තමේන්තුව ඉවත් කළ හැක්කේ කොන්ග්‍රසයට ප්‍රමාණය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක්
2025 මාර්තු මස 27 83 0

ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි
2025 මාර්තු මස 27 65 0

තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංග


හමාස් මාධ්‍ය ප්‍රකාශක මරා දමලා
2025 මාර්තු මස 27 77 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල්


බැටලුවකුට කුරුලු උණ හැදිලා
2025 මාර්තු මස 26 75 0

කුරුලු උණ වයිරසය ආසාදනය වූ බැටළුවකු ගැන පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. මෙම බැටළුවා එංගලන්තයේ යෝක්ෂයර් පළාතේ බැටළු ගොවිපොළක බැටළුවකු බව පැවැසෙයි.


දකුණු කොරියාවේ ළැව්ගිනි 18 ක් බිලිගනී
2025 මාර්තු මස 26 92 0

දකුණු කොරියාවේ පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි. එරට මාධ්‍ය වාර්තා අනුව, වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ද ගින්


චිලී ජනපති ඉන්දීය සංචාරයකට සූදානම්
2025 මාර්තු මස 26 74 0

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජයයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඉන්දියාවේ සංචාරයකට යෑමට සූදානම් වෙයි. චිලී රාජ්‍ය නායකයකු මේ අයුරින්, ඉන්දියවේ සංචාරය


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 465 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 677 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1362 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site