IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අමෙරිකාවේ උද්ඝෝෂණයට කදුළු ගෑස්

පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතික තරුණයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙන් වර්ණබේදවාදී ගැටුම් හටගැනීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. දින හතරක් පැවති උද්ඝෝෂණයට අඟහරුවාදා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමත් සමග තත්තවය වඩාත් දරුණු වී ඇත.  ජනාධිපති බැරක් ඔබාමාගේ උපදෙස් මත ඇමෙරිකානු නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මිසූරි ප්‍රාන්තයේ ගැටළුවට විසඳුම් සෙවීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

53ea77859866e.preview-620

 

 



අදහස් (0)

අමෙරිකාවේ උද්ඝෝෂණයට කදුළු ගෑස්

කුමාරි Friday, 22 August 2014 12:02 PM

ජය වේවා රෝයි, අතාරින්න එපා. අනික අනිත් රටවල මොන දේ වුණත් මෙයාල යනවා වැරදි පෙන්වන්න. මෙයාලා කරන හැමදේම මානව අයිතිවාසිකම් වලට හරිම සාධාරනයි.... (නි)

:       0       0

සේරම් Friday, 22 August 2014 02:56 AM

ඇමරිකාවට බනින අයගෙන් බහුතරය ඇමරිකාවට යන්න වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන අය. රුසියාවට වැඩිය ලොකුයිනේ ඊර්ෂියාව. හේතුවක් දන්නේ නෑ අනුන් බනින්නම් වාලේ බනිනවා මෙයාල හිතන්නේ ඇමරිකාවට බැන්නම මෙයාලටත් අාදායමක් ලැබෙනවා කියලා. (නදී)

:       0       0

ධම්ම Wednesday, 20 August 2014 12:06 PM

දෙයියනේ! ඇමෙරිකාවේ මෙහෙම දේවලුත් වෙනවද? මට නම් හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

නිශාන්ත Thursday, 21 August 2014 12:20 PM

ඇමරිකාවට බනින හැමෝටම වීසා එකක් දුන්නොත් නොගෙන ඉඳීද? (නි)

:       0       0

රජින්ද Wednesday, 20 August 2014 04:40 AM

අනේ වාසනාවන්. අනිත් රටවල අවුලන ගින්න ඇමෙරිකාවෙත් ඇවිලේවා. (නදී)

:       0       0

රෝයි Friday, 22 August 2014 04:12 AM

ඇමෙරිකාවට ලංකාවේ අය යන්න හදන්නේ අපේ රට තවම දුප්පත් නිසයි. එම නිසයි ලංකාවේ බොහෝ දෙනෙක් දියුණු රටකට යන්න බලන්නේ. නැතුව අමෙරිකාවෙන් මනුස්සකම ඉගෙනගන්න නොවේ කියලා ඉහත අදහස් දැමු කීපදෙනෙක් තේරුම් ගත්තා නම් හොඳයි (නි)

:       0       0

දුලිප් කුලතංග Wednesday, 20 August 2014 06:15 AM

ඇමරිකාවට කළ පව් පලදෙනවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 01:23 PM

පෙනෙන විදියට ඇමරිකාව ලෝක පොලිස්කාරයා වුණාට සමහර දේවල් තියෙනවා ඇමරිකාව නැත්නම් අපිට මෙහෙමවත් ඉන්න නොලැබෙන (නි)

:       0       0

වික්‍රම බොස්ටන් Thursday, 21 August 2014 01:03 PM

මම ඇමරිකාවේ ජීවත්වුණත් ,කියන්නට තිබෙන්නේ ලෝකයේ තිබෙන අමානුෂික පොලිසිය තිබෙන්නේ ඇමරිකාවේ කියායි. (නි)

:       0       0

ධම්ම Thursday, 21 August 2014 06:33 AM

මගේ යාලුවෙක් ඉන්නවා ඇමෙරිකාවේ පදිංචිවෙලා. එයා කියන විදියට ඇමෙරිකාව කියන්නේ සුරපුරයක්. විටින් විට මේ තීරයේ ලියන ඇමෙරිකානු පුරවැසියොත් ඒ අදහසම අපට දෙනවා. ඉතින් ඒ කියන දේවල් බොරුද සංඛ? (නි)

:       0       0

සුගුනවති-නිව් ජර්සි -ඇමෙරිකාවේ සිට Friday, 22 August 2014 03:53 PM

මේකේ ඉන්න මොලේ ටිකක් මදි අය කියන විදියට ඇමරිකාව ඉතාම නරක රටක් නම් මොකද ලෝකේ ඉන්න හැමෝම මේකට එන්න හදන්නේ? ඕව ඉතින් දුකට කියන කතා.. මම මෙහේ බොහොම කලක් ඉන්න කෙනෙක්..ලංකාවට බනිනවා නෙවෙයි , නමුත් ලංකාවත් එක්ක බලනකොට මෙහේ දිව්‍යලෝකයක් හරියට වැදගත් විදියට ඉන්නවනම් (අ)

:       0       0

තරංග Friday, 22 August 2014 04:24 PM

අනේ සුගුනවති නැන්දේ තමන් උපන් රටට කෙනහිලි කම් නොකරනු මැනවි.(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 20 August 2014 07:10 AM

ලංකාවේ පොලීසියට මානව හිමිකම් වලට අපහාස කරකර ඇමරිකාවට යුරොපෙට බෙල්ල නවන විශාරදවරුන්ට විශාදය වගේ ඇති නේද?අනුන්ට අවුලන ගින්දර තමන්ටත් පත්තු වෙන බව හිතට ගන්න හොද අවස්ථාවක්. (නදී)

:       0       0

මංගල Wednesday, 20 August 2014 07:21 AM

අමෙරිකාවෙ තියෙන කුණුගොඩවල් ඇවිස්සුවොත් මුලුලෝකෙම ගද ගහනවා. ඒකයි අමෙරිකාව තමන්ගෙ කුණු තියාගෙන ලෝකෙ අනිත් රටවල කුණු අවුස්සන්නෙ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 20 August 2014 02:23 PM

මේ පොලිසිය පොලු අරගෙන යන්නේ මොකටද? (නි)

:       0       0

සුගුනවති Saturday, 23 August 2014 11:02 AM

පුෂ්පසිරි අන්කල් ඔහොම තමයි ඉතින් ගමේ හැදිලා කොළඹ වත් දැකල නැති උනාම හිතට දුකයි (නදී)

:       0       0

තරංග Sunday, 24 August 2014 01:14 PM

සුගනවති නැන්දේ බැරිද මට ඉස්පොන්සර් කරලා මව ගන්න ඇමෙරිකාවට. (අ)

:       0       0

කමල් Wednesday, 20 August 2014 02:31 PM

දැන් කට්ටිය මේක කාගේ ගිණුමට බැරකරයිද? (නි)

:       0       0

සුගුනවති Friday, 22 August 2014 06:31 PM

අනේ තරංග කොලුවෝ, .රටට නෙවෙයි බොලන් රටේ ඉන්න ගොන්නුන් ගැනයි මම කියන්නේ. මෙහේ පැත්තේ ආවොත් බලන්න බැරිය මෙහෙයි ඔහෙයි වෙනස (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 20 August 2014 04:07 PM

රන්ජිත් ,පොලු අරගෙන යන්නේ කනා මුට්ටි බිදින්ට .(අ)

:       0       0

චමින්ද Saturday, 23 August 2014 12:41 PM

සුගුනවති මහත්මිය,ලෝකේ ඉන්න හැමෝම ඇමරිකාවට එන්න නම් දගලන්නේ නැහැ.මම ජීවත් වන රටේ කිසිම පුරවැසියෙක් වත් ඇමරිකාවේ පදිංචියට කැමති නොවෙන බව නම් මට [නළු නිලියෝ ඇරුණුකොට. මම ඉන්න රටේ බොහෝ නළු නිලියන්, හොලිවුඩ් වල ජීවත් වෙන්නේ] විශ්වාසයි නිවාඩුවකට ගිහිල්ලා එන්න නම් හොදයි. එහෙම නැතුව නවතින්නම නම්, ඔයිට වැඩිය හොද රටවල් ලෝකයේ බොහෝ තියෙනවා. (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 22 August 2014 07:11 PM

කෝ පිල්ලේ නෝනලා (නදී)

:       0       0

සුරිය කාන්ත Friday, 22 August 2014 07:28 PM

කෝ අතේ ලකුණ ගහපු අය මේවට විරුද්ද නැද්ද ? මේ වත් ජාති වාදේ තමා (නදී)

:       0       0

සෙලිනා Saturday, 23 August 2014 01:20 PM

කවුද බොලේ මේ සුගුනවති....? මට හිතෙන්නේ මම ඔයාව හදුනනවා, කතා විලාසය හොදට හුරුයි වගේ (නදී)

:       0       0

කිංස්ලි Wednesday, 20 August 2014 07:33 PM

රන්ජිත්, පොලු අරගෙන යන්නේ මොකටද කියලා දන්නෙ නැද්ද? අනේ මන්දා! ඔයගොල්ලෝ ඉපදුන රටේ අපිත් ඉපදුනානේ? (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 22 August 2014 10:11 PM

සුගුනවති නැන්දට වයසක ඇමරිකන් කාරයෙක් හමුවෙලා කසාද බැඳලා වත්ද? දැන් එහෙට ආවඩනවා. මම සිතන්නේ වෙනත් රටක් තවම දකින්නේ නැතිව ඇති (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 August 2014 08:15 PM

අනුන්ට දෙන ගින්දර තමන්ගේ ගෙතුළත් ඇවිලෙන රඟ.... (නි)

:       0       0

නිහාල් Friday, 22 August 2014 08:18 AM

අපේ රටේ දුප්පත් කම නෙවෙයි තියන කුහක කම, ඔවය යන කට්ටිය බොහොම දෙනා රට ජයට පාවා දීලා තමයි ඔය රටවලට පනින්නේ. (අ)

:       0       0

කුමාරි Wednesday, 20 August 2014 10:13 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙනවා කියන්නේ ඕකට තමා , දැන් අපිට කියන්නේ අන්‍යාගමිකයන්ට ඉන්න සුදුසු රටක් නොවේ .ලංකාව කියා කියා කරන වින තමා ඔය පත්තු වෙන්නේ.අපේ රටේ අපි සිංහල ,දෙමළ,මුස්ලිම් හැමෝම එදත් අදත්,හෙටත් බහුතරයක් එකට ඉන්නවා.ඔය අනුන්ගේ ලනු කාපු ටික දෙනෙක් ඔලුව නරක් කරන් හිටියට.(අ)

:       0       0

සුගුනවති Saturday, 23 August 2014 06:44 PM

අනේ අම්මප මටත් ඔන්න පරණ යාලුවෙක් හම්බුනා වගේ. සෙලිනා අක්කත් ඉන්නේ මේ පළාතේද? චමින්ද මහත්තයෝ මම දන්නා තරමින් මුළු ලෝකයේම මිනිසුන් මෙහි ජීවත් වෙනවා. ඕකට අපි මොනවට තර්ක කරම්ද නේද කියන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ. මම කිව්වේ ඇත්ත තත්වයයි (නදී)

:       0       0

තබීතා Thursday, 21 August 2014 09:49 AM

අපි කවුරුත් අමතක කරන එක දෙයක් නම් මිනිස්සු හැටියට අපි කාගේත් අඩුපාඩුකම් තිබෙන බව. ඇමරිකාවේ ඉන්නෙත් අපි වගේ අය තමයි. (නි)

:       0       0

සංඛ Thursday, 21 August 2014 02:15 AM

ධම්ම, නිකන් මෝඩකතා කියන්න එපා (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 23 August 2014 10:11 PM

මේ අපේ ඇලිස් නේද ගෙදර වැඩ කරපු ? දැන් ඇමරිකවේ ගිහින් නම වෙනස් කරලා සුගුනවති කියලා , අනේ අම්මප !!!!!(නදී)

:       0       0

සුගුනවති Sunday, 24 August 2014 01:17 AM

ඔය කිව්වේ, ඔය කිව්වේ, දොඩන්ගොඩ රාළහාමිත් එක්ක කිසිම රහසක් තියාගන්න බැහැයි කියන්නේ ඕකනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 295 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 238 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 655 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 90 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 93 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 522 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site