IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි

අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පිහිටි අවයව ගැන විද්‍යාඥයින් අධ්‍යනයන් සිදු කළහ.

කලින් විශ්වාස කළේ ඔහුගේ අසාමාන්‍ය බුද්ධි ප්‍රභාව ඇතිවූයේ  විවිධ හෝ සංකීර්ණ වර්ධනයක් පෙන්වූ මොළය හේතුවෙන් බවයි. නවතම පර්යේෂණයක් මගින් යෝජනා කර සිටින්නේ එය එසේ නොවන බවයි. අයන්ස්ටයින්ගේ මොළය ද අනෙක් මනුෂ්‍යයන්ගේ මොළය හා සමාන බවත් එහි වර්ධනයේ වෙනසක් ඇතැයි සිතීම මුලාවක් බවත් පර්යේෂකයෝ කියති.

1985 දී ඩයමන්ඩ් ඉට් අල් ගේ අධ්‍යනයට අනුව අයින්ස්ටයින්ගේ මොළයේ, සීමිත බුද්ධි මට්ටමක් ඇති අයට  වඩා වැඩි ප්‍රමාණයක්  උපස්තම්බක සෛල තිබී ඇති බව කියා  ඇත. උපස්තම්භක සෛල මගින් මොළයේ නියුරෝන ආරක්ෂාකරන අතර මෙ මගින් චින්තන හැකියාව ඉහළ දමන බවත් මොළයට වැඩි  ශක්තියක් ලබා දෙන බවත්   ඉට් අල් පෙන්වා දී තිබිණි.  

අයන්ස්ටයින් පිලිබඳව නවතම පර්යේෂණය කරණ ලද නිවියෝරක් හි පේස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටෙරන්ස් හින්ස් නියුරොස්කෙප්ටික් නැමැති සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දි ඇත්තේ මෙම සියලුම අධ්‍යනයන් වැරදි බව සහ ඉහත දක්වා ඇති හේතු මගින් ඇත්ත වශයෙන්ම මොලයට විශේෂ තත්වයක් ඇති නොවන බවයි.

අයන්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් යම් තරමක  මතබේද පවති. එනම් කටකථාවකට අනුව කියවෙන්නේ මරණයට පෙර ඔහු විසින්  ඔහුගේ මුළු ශරීරය ම ආදාහනය කරණ ලෙස ඉල්ලා සිටි බවයි.

නමුත් ව්‍යාධවේදියෙක් වු තොමස් ස්ටොල්ස් හාර්වේ මෙම මහා මොළය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා ආරක්ෂා කිරීමට වැඩි කැමැත්ක් දැක්වූ හෙයින් අයන්ස්ටයින්ගේ මරණයෙන් පැය හතහමාරකට පසු ඔහුගේ මොළය ඉවත් කර ඇත.

මෙම ක්‍රියාව සාමාන්‍ය සිද්ධාන්තයන්ට එරෙහි වුවත් අයන්ස්ටයින්ගේ පුත් හාන්ස් පසුව තම පියාගේ මොලය විද්‍යාත්මක කටයුතු සඳහා භාවිතා කිරීමට තම කැමැත්ත ලබා දුන් බව නැෂනල් ජෝග්‍රැපික් වෙබ් අඩවිය කියයි.

ඒ හේතුවෙන් 1985 දි අධ්‍යනය ආරම්භ විය. එම අධ්‍යනයේ සම ප්‍රධානත්වය  හාර්වේ විසින් දැරීය. එතැන් සිට බොහෝ විද්‍යාඥයින් ‍යෝජනා කර තිබුනේ අයන්ස්ටයින්ගේ මොළය විශේෂිත එකක් වු බව නිරීක්ෂණය කිරීමට තමන් සමත් වූ බවයි.

ආචාර්ය හින්ස් එයට එකඟ වන්නේ නැත.

පළමුව ආචාර්ය හින්ස් පවසන්නේ 1985 දී අයන්ස්ටයින්ගේ මොලය වෙනත් පාලක මොලයක් සමග සංසන්දනය කරමින් පරික්ෂණ 28  ක් කළ බවත් එහිදී එකම එකක් පමණක් නිරවද්‍ය යැයි විශේෂයෙන් පර්යේෂකයන් විසින් එම අවස්ථාවේදී සැලකූ බවයි.

තවදුරටත් ආචාර්ය හින්ස් පෙන්වා දෙන්නේ වෙනත් අන්වීක්ෂීය විශ්ලේෂණ වලට අනුව අයන්ස්ටයින්ගේ මොලයේ සහ අනෙක් පාලක මොලය අතර ඉඳුරාම වෙනස්කමක් නොතිබූ බවයි.

මෙම අධ්‍යනයන් සිදුකළේ අයන්ස්ටයින්ගේ මොලයෙන් ම  පෙතිගසන ලද කුඩා  කැබලි එකක් හෝ  කීපයක් විශ්ලේෂණය කරමින් බවත් එමගින් එහි විශේෂිත ඥානාත්මක හැකියාවන් ගැන අව්‍යජ අදහසක් ලබාගත නොහැකි වු  බවත්ය ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.



අදහස් (0)

අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි

සුකිරි Monday, 02 June 2014 10:43 AM

ජෝර්ජ් හොප්කින්ස් මෙතුමා ලගින් ඉන්න ඊළඟ විදඥයා කියල මන් අහල තියෙන්නේ.(නදී)

:       0       1

විජේබා Thursday, 05 June 2014 01:09 PM

මොහු ගොඩාක් දුක් විඳපු කෙනෙක්. මුලදී විශ්ව විද්‍යාලා එකකටවත් බාර ගත්තේ නැහැ. ආර්ථික අමාරු කම් වලට උදව් කලේ ඔහුගේ හොඳම යාළුවා. ඉතාමත් අමාරුවෙන් ඉගෙනගත්තේ. විභාග අසමත් වෙලත් තියෙනවා. ඔහු මුලින්ම බාර ගත් විශ්වවිද්‍යාලය සුරිච්. ඔහුට 1896 සිට 1901 දක්වා කිසිම රටක පුරවැසි කමක් තිබුනේ නැහැ. නමුත් එක එක කාල සිමාවන්හිදී ස්විස්, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, යු.එස්.ඒ වැනි රටවල පුරවැසිකම් ලැබුනා. ඉතාලිය. ඔස්ට්‍රියා, බෙල්ජියම යන රටවලත් ජීවත් වුනා. ගොඩාක් දේවල් ලැබුනේ ප්‍රසිද්ද උනාට පස්සේ. 1921 දී භෞතික විද්‍යාවට නොබෙල් තෑග්ග ලැබුණා. පළමු බිරිඳ චෙක් ජාතික ගැහැණු කෙනෙක්. දික්කසාද වීමෙන් පසු දෙවැනි බිරිඳ ගන්නවා. එයත් 1936 දෙසැම්බර් වල හදවත් සහ වකුගඩු රෝගයකින් මිය යනවා. දරුවන් 3 ක් සිටියා. ජර්මනියේ උපත ලද මොහු මිය ගියේ යු.එස්.ඒ වල. යුද්ධය දරුණු විදියට ජිවිතයට බලපෑ කෙනෙක්. (නදී)

:       0       0

පද්මා Monday, 02 June 2014 10:45 AM

අද අපි අන්තර්ජාලේ පාවිච්චි කරන්නේ, දුරකථන වලින් කතා කරන්නේ, දුරස්ථ පාලක තාක්ෂනය පාවිච්චි කරන්නේ, හඳට යන්නේ රුපවාහිනි ගුවන් විදුලි පාවිච්චි කරන්නේ සහ අනෙකුත් බොහෝ දේ කරන්නේ ඔබ මොලේ පාවිච්චි කල නිසා. ඔබ නැවතත් අප අතරම ඉපදේවා. ලංකාවේ නම් එපා. ජර්මනියේම ඉපදේවා.(නදී)

:       0       0

නීලා Monday, 02 June 2014 10:51 AM

මන් නම් මෙතුමාට කැමති නැහැ. වෙන මොකුත් නිසා නෙවේ අපේ උපාදි මේ තරම් අමාරු මෙතුමාගේ මේ මහාප්‍රන්න තියරි නිසා. අර ලෝකේ නැති තියරි නිසා ඔලුව කුරුවල් වෙනවා.(නදී)

:       4       0

ශලනි. Tuesday, 03 June 2014 05:12 PM

පාල, රීටා, සහන් කතාව සහතික ඇත්ත.(නදී)

:       0       0

සහන් Monday, 02 June 2014 08:17 PM

ඔබේ මනස සියලුම ආගමික රොඩු බොඩු වලින් සුද්ද කර ගන්න එවිට ඔබට බොහෝ දේ වැටහෙනවා ඇත. උපන්දා සිට අවුරුදු 5 ක් දක්වා අපේ ඔලුවට ඇතුල් කරන ලද දේ වලින් බැහැර වෙලා හිතන්න තරමක් අමාරු තමයි නමුත් ප්‍රගුණ කරගත්තොත් බැරි කමක් නැහැ. ගැලිලියෝ, ඩාර්වින්, අයින්ස්ටින් ඇතුළු බොහෝ අය ඉඳල තියෙනවා, තාමත් ඉන්නවා.(නදී)

:       0       0

රාජුන් Wednesday, 04 June 2014 05:57 AM

නිමල්, මට පෙනෙන්නේ ඔබට පොඩි වැරදීමක් වෙලා වගෙයි. (නි)

:       0       0

අනුෂ්ක එරංග Sunday, 01 June 2014 06:45 PM

සියල්ල තාවකාලිකයි. නැසෙන සුළුයි.ඊයේ ඇත්ත කියා ඔප්පු කර තිබුණ ඒවා අද බිඳිලා යන්න පුලුවන් (නි)

:       0       0

රාජුන් Sunday, 01 June 2014 06:48 PM

සමහර විද්වතුන් පිළිගන්නවා අයින්ස්ටයින් හා සමාන හෝ ඊට වඩා බුද්ධිමත් නුතන විද්‍යාඥයෝ සිටිනවා කියා. වරක් මම සඟරාවක කියෙව්වා ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් එවන් බුද්ධිමතෙක් කියා. ඔහු විසින් එළිදක්වන ලද විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ සමීකරණ තවමත් භෞතික විද්‍යාවේ අග්‍ර ගණයේ සමීකරණයක් ලෙසයි හඳුන්වන්නේ. (නි)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 03:16 PM

ඔය කියන්නේ ඒකාලේ ඒ රටේ උන්න මිනිසුන්ගේ මොලේ හා සාමාන්‍යයි කියල පටලව ගන්න එපා (දී)

:       0       0

නිමල් Tuesday, 03 June 2014 05:46 PM

අයින්ස්ටයින් ස්කෝළෙ නොගිය නිසා තමයි එයාට ඔහොම හිතන්න මොළයක් ලැබුනේ. එයාගේ ජීවිත කතාව කියවලා බලන්න.(නදී)

:       0       0

මාලි Tuesday, 03 June 2014 06:00 PM

ජ. තිසර, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය මුලින්ම දේශනාකලේ බුදුරජානන් වහන්සේ. සිත ආලෝක‍යේ ප්‍රවේගය ඉක්මවයි (නදී)

:       0       0

බන්දුල Thursday, 05 June 2014 03:28 AM

අනිත් කෙනෙකුගේ මොළය ගැන තර්ක විතර්ක කර වැඩක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ......යම් කෙනෙක්ට පුලුවන් නම් තමන්ගේ මොළයේ පුරවාගෙන ඉන්න සියලු දෙවල් හිස්කරන්න අන්න එයයි ශ්‍රේෂ්ඨ වන්නේ. (නි)

:       0       0

නිලන්ගා Thursday, 05 June 2014 04:27 AM

නිමල්, අයින්ස්ටයින් නොකඩවා පාසල් ගිය කෙනෙක් (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 02 June 2016 06:04 PM

අපේ මිනිසුන්ට නම් ඉතින් නටන්න බැරිවුණාම පොළව ඇදයිනේ (නි)

:       0       0

නලින් Wednesday, 04 June 2014 04:33 PM

මොළය සිරුරේ තවත් එක ඉන්ද්‍රියක් විතරයි . වෙනස තියන්නේ ඒ ඉන්ද්‍රිය බාවිතා කරන විදිහ. මිනිසාගේ දැනුම හා බුද්ධිමත් බව හා අවබෝධය කියන්නේ වෙනමම කරණා තුනක් . අවබෝධය කියන එක බටහිරයන්ගේ මනසින් තේරුම් ගන්න බැහැ. ඔවුන් දන්නේ මොළය තේරුම් ගන්නා දේ පමණයි. (ස)

:       0       0

රොෂාන් Monday, 02 June 2014 02:26 PM

චින්තක හරියටම හරි. හැමෝම නැට්ට පාගගෙන ඉන්නෙ. මම අහල තියෙන විදියට මිනිස් මොලයෙන් අපි සාමානයයෙන් පාවිච්චි කරන්නෙ ඉතා සුලු ප්‍රමානයක්. ආසන්නව 10% විතර. අපේ ඔලුවට හරි දැනුම ඇතුලු කලොත් හා හරි විදියට ප්‍රගුන කලොත්, නියමිත ප්‍රතිපල ගන්න පුලුවන්. බුද්ධ ධර්මය අනුව මේක ඉතා ප්‍රායොගික හා පැහැදිලි සත්‍යක්. සරල උදාහරනයක් විදියට යමෙකුට ගනිත විද්‍යාවේ මූල ධර්ම (තියරි ) කියල දීපුවහම, එයා ඒවා ප්‍රගුන කරලා, තමන්ගෙ නිර්මානශිලිත්වයත් එක්ක විශ්මිත නිමැයුම් කරන ඉන්ජිනේරුවෙක් බවට පත්වෙනවා. සමහරවිට ඔහු කරන නිර්මාන මිනිසුන් අතින් කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා. ඒ විදියට බලපුවහම අපි අතර ඉන්න කීයෙන් කීදෙනාද තමන් ඉන්න ක්ශේත්ත්‍රයේ ඔලුව පාවිච්චි කරන නිර්මාන ශීලී අය ඉන්නේ? (නදී)

:       0       1

අජිත් Tuesday, 03 June 2014 01:51 PM

අයින්ස්ටයින් බුදු දර්ශනය ,සරණ ගිය පුද්ගලයෙක්. (නදී)

:       0       0

රොෂාන් Monday, 02 June 2014 02:34 PM

පද්මා, නියමයි! (නදී)

:       0       0

මංජුල බණ්ඩාර Sunday, 01 June 2014 10:50 AM

දයාන්, බුදු රජාණන් වහන්සේ ගැන අහලවත් නැද්ද? (ස)

:       0       0

රීටා Tuesday, 03 June 2014 02:10 AM

ජාතිකවාදී භූම් පුත්‍රයෝ මෙතුමාගේ බුද්දියට අභියෝග කරලා. ලෝකේ කොහේ නිර්මාණයක් කලත් ඕක අපෙන් අරන්ගිය දෙයක් කියන කුහක කම ආයෙත් එලියට පැනලා. ඕවා අපෙන් අරන් යනකන් අපි මොකෝ කලේ එහෙනම්. මෙතුමාගේ කුවොන්ටම් ෆිසික්ස්,සයිකෝ සයිබනටික්ස් වගේ දේවල් අපේ උදවිය විද්‍යාත්මකව කලින්ම නොකීවේ ඇයි? (නදී)

:       0       0

පාල Tuesday, 03 June 2014 02:23 AM

මෙතුමා යුදෙවුවෙක්. දැන් මෙතන කට්ටිය කියන විදියට ලෝකේ හැම සොයා ගැනීමක්ම අපෙන් හොරකන් කරපුවා. ෂා මරුනේ. මන් කලින් අහල තියන විදියට අපේ අයුර්වෙදෙන්,දේශීය සම්පත්වලින්,අපේ සංස්කෘතියෙන් හොරකම් කරපු ලැයිස්තුවට දැන් බුදුදහමේ තියරිත් හොරකන් කරයි කියලද කියන්නේ.(නදී)

:       0       0

රාණි Tuesday, 03 June 2014 02:25 AM

ලෝකේ හැම සොයාගැනිමක තාක්ෂනයක්ම අපෙන් හොරකන් කළා කියන උදවියගෙන් මන් කැමතියි දැනගන්න ඔබ කියන දේ කොතෙක් දුරට නිවැරදිද. ඔබ නිවැරදි නම් එකම වරද නැවත නැවත වීමට ඉඩදී බකන් නිලන් හිද විලාප පමණක් තියන අප නපුන්සකයන් නොවේද...(නදී)

:       0       1

සුභසිංහ Tuesday, 03 June 2014 02:26 AM

මෙතුමාගේ කුවොන්ටම් ෆිසික්ස් වත් සයිකෝ සයිබනටික්ස් වත් මටනම් කොතෙක් උත්සහ කලත් නොවැටහේ. කවුරුත් ඉන්නවද කියවල තේරුම් ගත්ත.(නදී)

:       0       0

සුදීරා Tuesday, 03 June 2014 02:28 AM

කාල තරණය නොහොත් ටයිම් ට්‍රැවලින් කියන සංකල්පය මෙතුමාගේ. එ්ක තියරියේ පොතේ සුත්‍රවල ඔප්පුකරල පෙන්වන්න පුළුවන් උන මෙතුමාට. නමුත් ප්‍රයෝගිකද මන්දා. හැබැයි දැනට වසර දෙතුන් සියකට උඩදී කවදාවත් නොවෙති කියල හිතපු දේවල් දැන් වෙනවනේ. එහෙම හිතද්දී නම් මොනවා වෙයිද කවුද දන්නේ. (නදී)

:       0       0

සේන Tuesday, 03 June 2014 02:34 AM

අප අද පාවිච්චි කරන නුතන වැසිකිලියේ සිට අන්තර්ජාල මෝටර් රථ,ගුවන් යාන වැනි මෙකි නොකී සැම දෙයකම ඔබ සොයා ගත් විද්‍යාව ඇත. ඒ වගේම හිට්ලර්ට හේත්තුවෙලා පැසිෆික් රටවල ලක්ෂ ගානක මිනිස් සංහාරයේ යෙදිච්ච ජපනාට පරමාණු බෝම්බ සප්පායම හම්බෙන්නෙත් මෙතුමාට පින් සිද්ද වෙන්ට.(නදී)

:       0       0

රුවන් Sunday, 01 June 2014 10:35 PM

ඉතාමත් හොඳ මොළයක් ඔහුට තිබුනේ... (නි)

:       0       0

ලසන්ත Tuesday, 03 June 2014 02:51 AM

මෙතුමා ජර්මනියෙන් පැනල යද්දී ජර්මන් කාරයෝ පරමාණු බොම්බේ හදන්ට අත ගහලයි හිටියේ. එහි අනතුරින් ලොවම ගලවා ගැනීමට ජර්මනියට කලින් පරමාණු බෝම්බ හැදීමට ඇමරිකාව මොහුට සියලු දේ ලබාදුන්නා. එ්ත් හැමටම කලින් යුද්දේ ඉවර උනා. ජපානේ මෝඩකමට පරාජය නොපිළිගන තවතවත් පැසිෆික් සංහාර කරමින් හිටියා. පරමාණු බෝම්බ පාරක් හම්බුනේ එ්කයි. (නදී)

:       0       0

සඳකැළුම් Sunday, 01 June 2014 12:00 PM

ඇත්තටම අපට බැහැ මේ පර්යේෂකයින් කියන ඒවා එක හෙලාම විස්වාස කරන්න. මම නම් හිතන්නේ නවතම තොරතුරු ඇත්ත වෙන්න පුළුවන්. අසාමාන්‍ය චින්තන හැකියාව සාමාන්‍ය මොළයක භෟතික වෙනසක් නිසා ඇති උන සිදුවීමක් මීට පෙර නම් වාර්තා වෙලා නැති තරම්. (ස)

:       0       0

තාරක Sunday, 01 June 2014 11:15 PM

බුදුන් වහන්සේ ජීවත්වුනු යුගය හා අයින්ස්ටයින්ගේ කාල වකවානු අතර දිගු පරතරයක් තියෙනව. එම තත්වය හා බැලුවහම අයින්ස්ටයින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම් මිනිසාගේ පැවත්මට බොහෝ සේවයක් කොට තිබෙනව. (ස)

:       0       0

චින්තක Sunday, 01 June 2014 11:37 PM

මොළයේ භෞතික ස්වභාවයෙන් බුද්ධිය ගැන සෙවීම මෝඩ කමකි. අයින්ස්ටයින් ගේ බුද්ධිය වෙනස් වූයේ මොළය පාවිච්චි කිරීමෙන් මිස මොළයේ හැඩ රුවේ හා ප්‍රමාණයේ වෙනසක් නිසා නොවේ. බුද්ධිය සඳහා බලපාන නියුරෝන අතර පණිවිඩ හුවමාරුව බොහෝ විට ජාන වල වෙනස් වූ සැකසුම් මත වෙනස් වේ. (ස)

:       0       0

නුවන් Sunday, 01 June 2014 02:11 PM

දයාන්, ඔයාගේ මොළය පරික්ෂා කරගත්තොත් නරකද? (නි)

:       0       0

සහන් Tuesday, 03 June 2014 07:20 AM

පොදුවේ සියලුම ආගම් මතිමතාන්තර වලින් නිදහස්ව හිතන්න. ගැල්ලියෝල, ඩාවිනල, අයින්ස්ටයින්ලා එහෙම හිතපු නිසා නේද බොහෝ වැදගත් දේ ලොවට දායාද කලේ? (නදී)

:       0       0

නිමල් Tuesday, 03 June 2014 07:31 AM

මම හිතන්නේ මොලය කියන්නේ මිනිස්සු පාවිච්චි කරන විදිය අනුව දියුණු වෙන එකක්. ඉතින් එ්ක පාවිච්චි කරන හැටි ඉගෙනගත්තොත් නරකද.(නදී)

:       0       0

කුමාර Tuesday, 03 June 2014 07:40 AM

මොලයේ ප්‍රමණය කුමක් වුවත් එය පාලනය කරන සිත ඊට වඩා වැදගත් කියලයි මම හිතන්නේ. මේ පුද්ගලයා සිතන ආකාරය විශේෂ විය යුතුයි. ඒ බව දැන් පරීක්ෂණ කරලා සොයා ගන්න බැහැ. මොකද සිත හොයා ගන්න ඔය කාටවත් බැරි නිසා. (නදී)

:       0       0

නලින් Monday, 02 June 2014 05:20 PM

අපෙන් අරන් ගිය දෑනුම විස්තාරාත්මකව අපිටම කියා දෙන්න ලොකු මොළ අවශ්‍ය නැහැ......බටහිරයන් අදටත් කරන්නෙ ඒ දේ.. පුදුම වෙන්න එපා. (ස)

:       0       0

පියුමි නිශා විදානාරච්චි Wednesday, 04 June 2014 06:17 PM

බුදුන්ට සමාන කළ හැකි කිසිවෙක් මේ විශ්ව තලයේ නැහැ.(නදී)

:       0       0

දයාන් Saturday, 31 May 2014 08:36 PM

ඇත්තෙන්ම ඔහුගේ මොළයට සමාන කළ හැකි වෙනත් අයෙක් සිටීද? (නි)

:       0       0

පහන් Friday, 06 June 2014 10:48 AM

7500 න් කනහැටි කියලදීපු මොළ මොළ නෙමේද ? (දී)

:       0       0

කෝසල Thursday, 28 July 2016 05:15 AM

ඉතා වැදගත් ලිපියක් (නි)

:       0       0

මෙවන් Monday, 02 June 2014 06:25 PM

එතුමාගේ නානා නැණි බුද්ධි ප්‍රබෝධය සහ මනසේ පවතින්නට ඇතැයි සිතිය හැකි ප්‍රභාෂ්වරය ගැන සීමා මායිම් ලකුණු කිරීමට අප වැනි සොක්කන්ට සුදුසු කම් තිබේදැයි මට නම් ප්‍රශ්නාර්ථයකි.?(නදී)

:       0       0

තිලක් Tuesday, 03 June 2014 04:02 PM

අයින්ස්ටයින් යනු සාමාන්‍ය මිනිසෙකි... (නි)

:       0       0

කිත්සිරි Monday, 02 June 2014 08:34 AM

අපි හිතන්නේ මොලෙන් කියලා විශ්වාස කරන අයට ඕවා තේරෙන්නේ නැහැ. හදවතෙහි අඩපතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි අපේ හිත පවතින්නේ කියල අභිධර්මයේ සඳහන් වෙන්නේ. මේ භවාංග සිත අප පෙර කල කර්මානුරූපව ඇතිවෙන්නේ. බුද්ධියේ ප්‍රමාණය තීරණය වන්නේ ඒ අනුවයි. මොලේ කියන්නේ සංඥා ගබඩාවක් පමණයි. (නදී)

:       0       0

දයාල් Thursday, 05 June 2014 07:46 PM

ඔව් ඉතින්, එයත් අපි වගේම සාමාන්‍ය මිනිසෙක්නේ... (නි)

:       0       0

නුවන් Thursday, 05 June 2014 11:59 AM

අපේ අය නටන පිස්සු වල හැටියට කොහොමද අයින්ස්ටයින්ගේ මොළය තේරුම් ගන්නේ? (නි)

:       0       0

අයෝමා Saturday, 31 May 2014 11:39 PM

මාර කතාවක් නේ. (ස)

:       0       0

රූපා Wednesday, 04 June 2014 01:30 PM

භූමි පුත්‍රයිනේ, තව ඔය සුද්දන්ට හොරකන් කරගන්ට බැරිවෙච්ච අපේ කියන දෙයක් ඉතුරුවෙලා තියනවා නම් හොයල බලල දැන්ම විද්‍යාත්මකව ලෝකෙට කියමු. හැමදේටම අපෙන් හොරකන් කළා කියල කියන්ට කට විරිත්තන් කුසීතව ඉඳලා පස්සේ විලාප තියන එක විහිළුවක්. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 03 June 2014 10:42 AM

අමුතුවෙන් මොළේ වර්ධනය වෙන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන 10% වෙනුවට අයින්ස්ටයින් වගේ අය 80-90% විතර පාවිච්චි කරලා තියෙනවා. බුදු දහම හරියට ප්‍රගුණ කළා නම් ඒ දෙය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම 10% වෙනුවට 20% වත් ක්‍රියාත්මක කර ගන්න පුළුවන්. (ස)

:       0       0

කමල් Monday, 02 June 2014 09:36 AM

මේක පාවිච්චි කල මොළයක් නිසා සෙකන්ඩ් හෑන්ඩ් නේ. පාවිච්චි නොකරන ලද හොද තත්ත්වයේ මොළ තියෙන්නේ අපේ රටේ සමහර දේශපාලකයින්ට කියලා කථාවක් තියනවා නේද‍‍? කාටද ආඩම්බර ? (ස)

:       0       0

සිරි Tuesday, 03 June 2014 11:09 AM

අයින්ස්ටයින් මැවුම්වාදය පිළිගත් කෙනෙක්ය. ඔහු දෙවියන් විශ්වාස කළේය. (නදී)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 June 2014 05:24 PM

ඔහු ගැන සවිස්තරව කියෙවුවොත් බොහෝ අදහස් දැනගත හැකිවේවි. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 June 2014 05:26 PM

බුදුන්ගේ මොළයට සමකළ හැකි පුද්ගලයෙක් නැත (නි)

:       0       0

රාජුන් Monday, 02 June 2014 10:26 AM

ඔබේ මනස නිදහස් කරගන්න. ඔබටත් අයින්ස්ටයින් කෙනෙක් වීමට නොහැකි වුනත් බොහෝ දේ තේරුම් ගත හැකි වෙයි. කළ හැකි වෙයි. භාවනාව හොඳම මාර්ගයයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පංච නීවරණ තේරුම් ගෙන ඒවායින් වැළකෙන්න. භෞතික ළෝකය කෙසේ වෙතත් අධ්‍යාත්මික ළොව ජයගත හැකි වේවි. (නදී)

:       0       0

ජ. තිසර Monday, 02 June 2014 07:54 PM

විද්යුතය සහ වුම්භකත්වය සම්බන්ධිත මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන හතර අයින්ස්ටයින් පෙන්වාදුන් සාපේක්ෂතාවාදයට සමාන කිරීමෙන් දෙදෙනාගේ ඥාන ශක්තිය මැනීම එතරම් නිවරැදි නැතයි මට සිතේ. මැක්ස්වෙල්ගේ පලමුවන අවකලන සමීකරනය ගවුස්ගේ සිද්ධාන්තයේ සාමාන්‍ය විලාසයයි. මැක්ස්වෙල්ගේ දෙවන අවකලන සමීකරනය දක්වන්නේ හුදෙක්ම නිදහස් තනි වුම්භකත්වයක් නැති බවයි. වුම්භකත්වය නිතර උතුර දකුණ ලෙස ජෝඩු වශයෙන් පවතින බවයි. මෙය වුම්භකයක් අතට ගත් පාසල් සිසුවෙකුව උවද දන්නා දෙයකි. තුන්වන අවකලන සමීකරනය පැරඩේගේ නීතියයි.(කාලය වෙනස් වන වුම්භක ක්ෂේත්‍රයක් අවකාසය වෙනස්වන විදුලි ක්ෂේත්‍රයක් නිපදවන බවය. විදුලිය උත්පාදන යන්ත්‍රයේ සිද්ධාන්තය. මැක්ස්වෙල්ගේ හතරවන අවකලන සමීකරනය තුන්වැනි අවකලන සමීකරනයේ අනිත් පැත්තය. (කාලය වෙනස් වන විදුලි ක්ෂේත්‍රයක් අවකාසය වෙනස්වන වුම්භකත්වයක් ඉහලට නංවා සිටින බවයි (මෝටරයේ සිද්ධාන්තය.) මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන සතර මගින් මුළු විදුලි ඉන්ජිනේරු විද්යාව පහදා දිය හැකි බව සත්‍යයකි. මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන වෙක්ටර් ගණිතයට හොදම උදාහරණයන්ය. එහෙත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මිනිසා කිසිදා නොසිතූ දෙයකි. කාලය සහ අවකාශයේ ඇති සම්බන්ධතාවය මුලින්ම ලෝකයාට ඔප්පුකර පෙන්වූයේ අයන්ස්ටයින්ය. එහෙත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිහිටා සිටින්නේ ආලෝකයට වඩා වැඩි වේගයක් විශ්වයේ නැති බව යන ප්‍රධාන කරුණ මතය. ආලෝකයට වඩා වැඩි වේගයක් තිබේයයි මිනිසාට අනාගතයේ යම් දිනක ඔප්පුකර පෙන්විය හැකිවුවොත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය දෙදරා යන්නත් පුළුවන් වේ. (නදී)

:       0       0

විජයසිරි Wednesday, 04 June 2014 09:34 PM

ඔහුට හොඳ මොළයක්, හදවතක් තිබුණා වගේම වඩාත්ම වටිනා දේ තමයි අනික් හැමෝටම වඩා මොළය හොඳින් පාවිච්චි කළා. (නි)

:       0       0

සෑම් Monday, 02 June 2014 07:54 PM

සුකිරි ඔය කියන ජෝජ් හොප්කින්ස් කොහේද ඉන්නේ. මම නම් දන්නේ ස්ටීවන් හොකින් කියල සයන්ටිස්ට් කෙනෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site