අයින්ස්ටයින්ගේ වරදක් 23 හැවිරිදි ශිෂ්‍යකු විසින් නිවැරදි කැර ඇතැයි අයින්ස්ටයින් සතුව තිබූ ලිපියක් මගින් හෙළිදරව් වී ඇත. භෞතික විද්‍යා විද්‍යාපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි හර්බට් සැල්සර් නමැති මේ සිසුවා අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණයක් නිවැරදි නොවන බව පෙන්වා දුන් බව මේ ලිපියෙන් පැහැදිලි වේ.
අයින්ස්ටයින් පළමුව මේ සිසුවාගේ මතය ආචාරසම්පන්නව ප්‍රතික්ෂේප කරමින් ඔහුට දීර්ඝ ලිපියකින් තම නිවැරදි බව දක්වා තිබේ. අයින්ස්ටයින් එම ලිපිය අවසන් කැර ඇත්තේ මා දැන් ඔබට පෙන්වන්නම් එම සමීකරණය ඇත්තෙන් ම ඔබ කියන ලද සමීකරණය නොවන බව පවසමිනි. ඔහු ලිපියේ අත්සන යොදා ඇත්තේ ඔබට ගෞරවයෙන් ඒ.අයින්ස්ටයින් යනුවෙනි.
ඉන් සති දෙකකට පසු සැල්සර්ට අයින්ස්ටයින් විසින් එවන ලද දෙවන ලිපියෙන් අයින්ස්ටයින් තමන් වරදක් කැර ඇති බව නිහතමානීව පිළිගෙන ඇත. 1938 සැප්තැම්බර් 13 වැනි දින ලියන ලද එම දෙවැනි ලිපියේ එම වරද තමන්ගේ බව ද ඔහු අයින්ස්ටයින් සඳහන් කැර තිබේ.
එම දෙවැනි ලිපියේ අයින්ස්ටයින් මෙසේ දක්වා තිබේ.
‘‘ පරිනාමයට ඇත්ත වශයෙන් අවශ්‍ය සාපේක්ෂතාවාදයේ සිද්ධාන්තයි. ඒ නිසා ඔබගේ රූපාන්තරණ සමීකරණය නිවැරදිය. මගේ එම සමීකරණ නිවැරදි නොවේ. මගේ පළමු ප්‍රකාශය නිවැරදි නොවේ. “
මේ ලිපි හුවමාරුව අදාල වන්නේ අයින්ස්ටයින්ගේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රෙය් සහ ගුරුත්වාකර්ශනයේ එන සමාන්තර වාදයේ සිද්ධාන්තයකටය.
අයින්ස්ටයින් මේ සිද්ධාන්තය සංවර්ධනය සඳහා වසර ගණනාක් තම කාලය මිඩංගු කළ අතර මේ කාර්යය 1931 දී අයින්ස්ටයින් විසින් අත්හැර දැමුවේ මෙම ක්ෂේත්‍ර දෙක පිළිබඳ තේරුම්කර දීමට ඔහුට නොහැකි වූ බැවිනි.
පසුකාලයේ දී අයින්ස්ටයින් ඒ ගැන හෙළිදරව්කරමින් පවසා ඇත්තේ සැල්සර් නමැති ඇමෙරිකානු සිසුවා තමන්ගේ සිද්ධාන්තය නිවැරදි කළ බවයි. පසුව සැල්සර් ගෞරව සම්ප්‍රයුක්ත භෞතික විද්‍යාඥයෙක් වූයේය. ඔහු කොලම්බියා සහ බ්රුක්ලන්ඩ් විශ්වවිද්‍යාලයන්හි දේශනවලට සහභාගී විය. එමෙන් ම ප්‍රකාශන 100 ට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරන ලදී.
හර්බට් සැල්සර් 2006 දී මියගියේය. මියයන විට ඔහු 91 වැනි වියේ පසුවිය. සැල්සර් මිය යාමෙන් පසු ඥාතීන් අතට පත්වූ පසුගිය දා වෙන්දේසියකට ඉදිරිපත් කැරිණි. ජර්මානු භාෂාවෙන් අයින්ස්ටයින් විසින් ලියන ද ලිපියක් සහ සැල්සර්ට ලියන ලද මෙම ලිපියේ මුල් පිටපත වෙන්දේසියේ දී පවුම් 50,000 ට මිලකැර තිබේ.
ලොස් ඇන්ජලිස් හි උපත ලද්දකුවන මෙම නේදේසිකරු ජෝ මැඩලිනා පවසන්නේ මේ ලියුම් විශිෂ්ඨ ඒවා වනුයේ අයින්ස්ටයින් විසින් වයස 23ක භෞතික විද්‍යා සිසුවකුට තම වරද භාර ගනිමින් බැගෑපත්ව ඇති නිසා බවයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයින්ස්ටයින්ටත් වැරදිලා
ඩී.උපුල් Wednesday, 18 June 2014 08:14 AM
සොයා නොගත් තව මොන මොන වැරදි ඇතිද දෙවියනේ ? (නදී)
රොෂාන් Thursday, 19 June 2014 08:15 PM
නියම කතාව (අ)
ලාලනී Tuesday, 17 June 2014 04:28 PM
එස්.බී ලිපිය කියවන්න ඇති කියල හිතෙනවා. (නදී)
කාන්ති Tuesday, 17 June 2014 04:35 PM
ගුරුන්ටත් අකුරු වැරදියි කියන්නේ ඔන්න ඕක (දී)
ලසන්ත Thursday, 19 June 2014 10:39 AM
භෞතික විද්‍යාත්මක දේවල් හී වැරදි නිවැරදි කමට වඩා, මෙහි දකින වැදගත්ම දේ නම් නිහතමානීව යමක් සොයබැලීමට යොමුවීම හා අනෙකා නිවැරදි හා නිදහස් කිරීමට යොමුවීමයි.(නදී)
සෑම් Wednesday, 18 June 2014 12:32 PM
අධ්‍යාපනය කියන්නේ මේකටයි. අපේ රටේ නම් අධ්‍යාපනය කියන්නේ සත්තු වත්තේ ඉන්න සතුන් වැඩිම ගානකගේ නම් කියන්න පුළුවන් වීමයි. (නදී)
රජින්ද Tuesday, 17 June 2014 03:23 AM
නිරහංකාරකම සැබෑ බුද්ධියේ කැඩපතයි (නි)
විජේබා Tuesday, 17 June 2014 01:54 PM
අන්න නියම මනුෂ්‍ය ගති ගුණ. අපේ අය්යලා නම් ජීවිතේට තමන්ගේ වරදක් වුනාය කියල පිළිගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන් හරිය කියල ඔප්පු කරන්න තව බොරු ටොන් ගානක් කියනවා. කටුස්සෝ වගේ පාට වෙනස් කරමින් අහිංසක නුගත් මිනිස්සුන්ට ඔලුව පෙන්නන ඔලු බක්කෝ තමයි ගොඩක් ඉන්නේ. (ස)