අරාබි ලීගය ඉදිරිපත් කළ සාම සැලැස්ම තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් සන්නද්ධ පිරිස්වලට දිගින් දිගටම පහර දෙන බවත් ධුරයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. අරාබි ලීගය සිරියා ජනාධිපතිවරයාට එම සාම සැලැස්ම ඉදිරිපත් කර ඉල්ලා සිටියේ රටේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා නවත්වන ලෙසටය. එම සාම සැලැස්ම පිළිගන්නැයි අරාබි ලීගය, සිරියා ජනාධිපති අසාද්ට පසුගිය 19 වැනිදා තෙක් කල් දී තිබුණි. එහෙත් ජනපති අසාද් හෝ සිරියානු රජය හෝ එය පිළිගත්තේ නැත. එම දිනයේම සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි පාලක පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල විය. ඉකුත් මාර්තු මාසයේ සිරියාවේ නගර කීපයකින් ආරම්භ වූ එම ප‍්‍රචණ්ඩකි‍්‍රයා, ඩමැස්කස් අගනුවරට පැතිර ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි. ජනාධිපති අසාද්ට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා ඇරැඹි අවස්ථාවේදීය. සාම සැලැස්ම හමුවේ අරාබි ලීගය ජනාධිපති අසාද්ට කොන්දේසි කිහිපයක් පනවා තිබුණි. එම කොන්දේසිවලින් ඉතා වැදගත් කොන්දේසිය වන්නේ සිරියාවේ නගරවලින් හමුදාව ඉවත් කර ගැනීමය. අරාබි ලීගය අවධාරණය කරන්නේ උද්ඝෝෂකයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් වළකින ලෙසටය. එහෙත් ජනාධිපති අසාද් අරාබි ලීගයේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි. අරාබි ලීගය පවසන්නේ සිරියාවට දැඩි ලෙස සම්බාධක පැනවීමට කටයුතු කළ යුතු බවය. සිරියාවේ අර්බුදය විසඳීමට තමාට දැඩි අභිලාෂයක් ඇති නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ විදේශවලින් ආධාර ලබන සන්නද්ධ පිරිස් යැයි ජනාධිපති අසාද් අවධාරණය කරයි. කෙසේ නමුත් ලිබියා අර්බුදයේ දී කළාක් මෙන් ඇමෙරිකාව හෝ වෙනත් බටහිර රටක් හෝ සිරියාවේ කැරැුලිකාර පාර්ශ්වයට එළිපිට ආධාර කරන බව පවසා නැත. සිරියාවේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සිරියාවට පමණක් සීමා වී නැත. සිරියාව ඇති කරගෙන තිබෙන ආරක්ෂක ගිවිසුම් හේතුකොට ගෙන රුසියාව සහ චීනයද සිරියාවට පක්ෂව කටයුතු කරයි. ලිබියාවට කළාක් මෙන් සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් ගෙන ඒමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා උත්සාහ කළ අවස්ථාවේදී රුසියාව සහ චීනය ඊට එරෙහි වූයේය. ඒ අනුව සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමින් බෙදීමක් පෙන්නුම් කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම උත්සාහය අසාර්ථක වීමත් සමඟ ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල මීළඟ සැලැස්ම වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හරහා සිරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමටය. මානව හිමිකම් කමිටුවේ සාමාජික රටවලට නිෂේධ බලය භාවිතා කළ නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එහෙත් සිරියා රජය පවසන්නේ ගැටුම්වලින් මියගොස් ඇත්තේ සිවිල් වැසියන් 619 ක් බවය. මීට අමතරව සන්නද්ධ පිරිස් එල්ල කළ ප‍්‍රහාරවලින් පොලිසියේ සහ හමුදාවේ අටසියයකට වැඩි පිරිසක් ද ජීවිතක්ෂයට පත්වී ඇති බව සිරියා රජය වැඩිදුරටත් කියා සිටියි. මේ අතර බටහිරින් සිරියාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සිරියාවට ආරක්ෂාව දීමට රුසියාව ඔවුන්ගේ යුද නැව් ද සිරියාව අසල මුහුදට යවා ඇති බව වාර්තා වේ. අරාබි ලෝකයේ වඩාත් ශක්තිමත්ම හමුදාව ඇත්තේ සිරියාවටය. ඇමෙරිකාව සහ නේටෝව එක්වී ලිබියාවට මෙන් සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් තමන් මුලින්ම පහර දෙන්නේ අසල්වැසි ඊශ‍්‍රායලයට යැයි සිරියා ජනාධිපති අසාද් අනතුරු අඟවයි. ඊශ‍්‍රායලයට ෂෙල් වෙඩි වරුසාවක් එල්ල කරන බව ද අසාද් වැඩිදුරටත් කියා සිටියි. සිරියාව පවසන්නේ ඇමෙරිකාවට ගැති ඊශ‍්‍රායලය රූකඩයක් බවය. න්‍යෂ්ටික අවි තනනවා යැයි චෝදනා කරමින් ඉරානයට පහර දෙන්න උත්සහ ගන්නේ ද ඊශ‍්‍රායලයයි. කෙසේ හෝ ඇමෙරිකාව සහ නේටෝව එක්වී සිරියාවට පහර දුනහොත් ඉරානය ද සිරියාවට සහාය පළ කරනු ඇත.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප‍්‍රතික්ෂේප කරයි
කූඹියා Monday, 28 November 2011 02:43 PM
මේ ලිපිය ගැන අවංකවම සතුටුයි. බටහිර අනකිරීම් බිද දමා පෙරදිග ශක්තිමත් වීමට කාලය මේකයි