යේමනයේ රෝහලක සිදුවූ මනුෂ්‍ය සංහාරයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා අල්කයිඩා සංවිධානය ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ.
මෙම රෝහල යේමනයේ සනා ප‍්‍රදේශයේ පිහිටි එරට ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලක පිහිටි බවත් අල්කයිඩා තුවක්කුකරුවන් ආරක්ෂක අමාත්‍යංශ නිළධාරීන් මරා දමනවාට අමතරව රෝහලේ සිටි වෛද්‍යවරුන් හා හෙදියන්ද වෙඩි තබා මරා දමා ඇත.
වාර්තා වන අන්දමට වෙඩි තැබීමෙන් පුද්ගලයින් පනස් දෙදෙනකු පමණ මියගොස් තිබේ.
රෝහලට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් යේමනයෙන් මෙන්ම අන්තර්ජාතික මට්ටමෙනුත් අල්කයිඩා සංවිධානයට දැඩි විරෝධයක් නැගී තිබෙන අතර මෙසේ සමාව ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත්තේ එම නිසාය.
අල්කයිඩා සංවිධානයේ යේමනයේ මෙහෙයුම් ප‍්‍රධානී කුවාසිම් අර් රයිමි පෙනී සිටින වීඩියෝ පටයකුත් යේමනයේ රූපවාහිනී නාළිකා වල විකාශය කෙරුණු අතර එහිදී ඔහු ප‍්‍රහාරය වැරදීමකින් සිදුවූවක් බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසීය.
තුවක්කුකරුවන් හට අණදී තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් නිළධාරීන් හා සටන් කිරීමට මිස නිරායුධ රෝහල් කාර්යමණ්ඩලය හා ගැටීමට නොවන බව සදහන් කළ හෙතෙම මේ සම්බන්ධයෙන් තුවක්කුකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් කීවේය.
ප‍්‍රහාරයේ දර්ශනයන් අන්තර්ගත වීඩියෝ පටයකුත් මේ වන විට අන්තර්ජාලය වෙත එක්කෙරී ඇති අතර නිරායුධ රෝහල් කාර්යමණ්ඩලයට තුවක්කුකරුවන් වෙඩි තබන ආකාරය එහි දැක්වේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්කයිඩා හිතත් උණූ වේ
අමිල Tuesday, 24 December 2013 01:43 PM
මම මේ වීඩියෝ එක දැක්ක යු ටියුබ් එකෙන්. හරිම අමානුෂික විදියට අහිංසක ලෙඩ්ඩුන්ව සහ රෝහල් සේවකයන්ව වෙඩි තියලා මරන්නේ , හිතාගන්න බැහැ මොන වගේ මිනිස්සුන්ද කියලා , හොඳ වෙලාවට අපි මැදපෙරදිග රටක ඉපදුනේ නැත්තේ.(නදී)
චන්ද්‍ර වීරසිංහගේ Tuesday, 24 December 2013 02:11 PM
උණු වෙන්න මුන්ට හිතක් පපුවක් තියෙන්න එපායැ .(නදී)